Tuesday, August 29, 2017

මම තමයි, 2020 ජනාධිපති අපේක්ෂක


ඉතිහාසේ කවරදාවත් නොතිබුණු විදිහේ ජනාධිපති අපේක්ෂක රැුල්ලක් මේ වෙනකොට රටේ ඇති වෙමින් යනවා. සමහර ඒවා බැලූ බැල්මටම ජෝක් එකක්. සමහර ඒවා ජෝක් වගේ පෙණෙන සීරියස් ඒවා. සමහර ඒවා සීරියස් වගේ පෙණෙන ජෝක්. මේවාගෙන මොකද්ද මොන ජාතියටද වැටෙන්නේ කියන එක ලෙහා ගන්න එක, තිහක් විතර ඉන්න ලයිස්තුවකින් එක්කෙනෙක් තෝරලා කතිරේ ගහනවාට වඩා අමාරු වැඩක්. මොකද දැන් මේ ලෝකේ කැරකෙන්නේම ජෝක් සීරියස් වෙලා සීරියස් ජෝක් වුණු ‘අප්සයිඞ් ඩවුන්’ රිද්මයකට නිසා.

ජනාධිපතිකමක් තියා ගමේ මරණාධාර සමිතියක සභාපතිකමක්වත් කරනවා කියන එක පිටින් බලලා පොර ටෝක් දෙන එක තරම් ලේසි නෑ කියලා, එහෙම එකක් කරපු හොබවපු ඹ්නම කෙනෙකුට තේරෙනවා. ඒක කොයිතරම් සත්‍යයක්ද කියලා ඩොනල්ඞ් ට‍‍්‍රම්ප්ගේ ඉ`දලා නාවුරු රටේ බාරොන් වකා වෙනකල් ජනාධිපතිවරු ඔප්පු කරමින් ඉන්නවා. ඒ නිසා, ‘මටත් ආසයි බං ජනාධිපතිවරණෙට කන්ටෙස්ට් කරන්න’ කීවහම ‘ඉල්ලපං ඉල්ලපං’ කියන තරම් ප‍‍්‍රබෝධජනක කාරණාවක් වෙන්නේවත් නෑ. ඇත්තටම මේ පොලිටිකල් සිස්ටම් එක විනාස වුණේම ‘චූන්’ එකට ඡුුන්දේ ඉල්ලන්න ආපු මිනිස්සු නිසා. සුද්දා, එහෙනම් උඹලාම කරගනිල්ලා කියලා දීලා / දාලා ගිය දවසේ ඉ`දලා මේ වෙනකල් ගෙවුණු දවසින් දවස රාජතාන්ත‍‍්‍රික අපේ දේශපාලනය පිරිහුණා. දේශපාලනයේ තියන වැදගත්කම විනාස වුණා. හැන්සාර්ඞ් එක, මැති ඇමතිවරුන්ගේ කතා කියවලා දේශපාලනේ ඉගෙන ගන්න., ඒවාගේ තියෙන්නේ දාර්ශනික, හරයාත්මක, සාරගර්භ දේවල් කියලා නිර්දේශ කරන්න පුළුවන්ද. ඒ තත්ත්වය දැන් දැන් දවසින් දවස ඇම්ඩන්ගේ කතා වගේ වීගෙන යන්නේ.

ඒක එහෙම වෙන්න බලපාපු ප‍‍්‍රධාන හේතුවක් තමයි සල්ලි, වස්තු, දේපල එකතු කරගත්ත මිනිස්සු වටේට වට වුණු උඩගෙඩි උපදේශකයෝ කීවා, ‘සර් ඡුන්දේ ඉල්ලන්නකෝ’, ‘සර්ට පුළුවන් ලේසියෙන්ම මන්ත‍‍්‍රී කෙනෙක් වෙන්න’, ‘සර්ට හොදට කතා පවත්තන්නත් පුළුවන්නේ’ වගේ ඒවා. ඊට පස්සේ දෙයියනේ කියලා සම්මත වෙලා තියන ඊටම ගැලපෙන ඡුන්ද ක්‍‍්‍රමේට අනුව කලූ සල්ලියි සුදු සල්ලියි ටොන් ගාණට එහෙට මෙහෙට වීසි කරලා ඡුන්දෙ දිනනවා. ඉතිං ඊට පස්සේ දෙගුණෙන් වගේ එහාට මෙහාට දුව දුවා එහෙ මෙහෙ හුරතල් වෙවී ඉ`දලා පෙන්ෂන් එකත් අරගන පැත්තකට වෙනවා. එහෙම වුණත්, අපි ආයේ ඒ වෙනුවට ඒ ජාතියේම වෙන මුහුණුවරකින් එන වෙන එකකට මාට්ටු වෙනවා. ඉතිං, මේ එක එක ජාතියේ එක එක මුහුණුවරින් එන්න හදන ජනාධිපති අපේක්ෂකයින්ට මාට්ටු වෙන්න යනවා නම් ඒ කියන්නේත් ඒ වගේම එකක්.

ඔය දොළුකන්ද, මීවැල්ලෑව, හදිසි බුදු රැුස් වගේ එක එක තැන් වලින් එක එක දේවල් පහල වීම් පිටිපස්සේ යමක් නැත්තේම නෑ. අපි දන්නවනේ එක පැත්තකින් නීලකාස හොරෙකුට හරි කුඞ්ඩෙකුට හරි නොමිනේෂන් දෙන්න යන ගමන් අනිත් පැත්තෙන් නිල් චිත‍‍්‍රපට නිළියකට හරි විසේකාර ගායිකාවකට හරි නොමිනේෂන් දෙන්න යනවා කියලා හීනියට රාවයක් යවනවා. ඊළ`ගට සිද්ධ වෙන්නේ රොත්ත පිටින් අර නිළියට හරි ගායිකාවට හරි වටකරලා කුඩු වෙන්න ගහනවා. ඒ අතරේ අර මහත්තුරු ටික හෙමින් සීරුවේ ඇතුළට රිංග ගන්නවා. අන්තිමේට හිත හදාගන්නවා, ‘අපෝ අර බඞ්ඩට වඩා කුඞ්ඩා වුණත්, මූ ආපු එක හො`දයි’ කියලා. ඒත් අපි දන්නේ නෑ, සමාජෙට මේ මාතෘකා දැම්මේම, හොරෙක් ගෙදරකට පණිනකොට බල්ලගේ අවධානය වෙනතක යවන්න මස් කට්ටක් දානවා වගේ උපක‍්‍රමයක් හැටියටම තමයි කියලා.

ආයේ කතාව පටන් ගත්ත තැනට එමු. මේ දවස් වල කරලියේ ඉන්න විස්සයි විස්සේ ජනාධිපති අපේක්ෂකයෝ කවුද. එයාලා මොනවද කියන්නේ. කරන්නේ යන්නේ මොනවද. ඒ ගොඩක් අය එළියට එන්නේ වහළේ යටින් ගහලා අත්තිවාරම උඩින් දාලා ගේ අනිත් පැත්තට ගහනවා, ? එළිවෙනකොට ණය ඔක්කෝම ගෙවනවා, නුවර වරායක් හදනවා වගේ ආකර්ෂණීය ප‍‍්‍රකාශ එක්ක. එහෙම නැත්තං උගත් බුද්ධිමත් ¥රදර්ශී දාර්ශනික වගේ මුහුණුවරකින්. බැලූ බැල්මටත් කියවනකොටත් හිතෙන්නේම ‘අම්මටසිරි මෙයාව ජනාධිපති කරානම් මරුනේ’ කියලා. හැබැයි ඒ යෝජනා හෝ පොරොන්දු මහපොළවට වඩා ගොඩක් දුරයි කියන එක අපිට තේරුම්ගන්න, පිළිගන්න සිද්ධ වෙනවා. යෝජනාව ආකර්ෂණීය වුණත්, එහෙම කළොත් හම්බවෙන ප‍‍්‍රතිඵලය අනභිබවනීය වුණත් ඒවා ඒ කියන තරම් ලේසි නෑ. ඒවා හරියටම සමාන වෙන්නේ, ‘කුඹුරේ තියන ලොකු ගල උස්සලා කරෙන් තිබ්බොත් ගිහිං දානවා’ කියන අන්දරේගේ කතාවට. දෙවැන්න සත්‍යයක් වෙන්නේ ඔවුන් කියන මොකක් හරි පළමුවැන්න සත්‍යය වුණාම. පළමුවැන්න සත්‍යය වීම විය නොහැක්කක් වුණාම කොහොමවත්ම දෙවැන්න සත්‍යයක් වෙන්නේ නෑ.

ඔය ජාතියේ විශ්මකර්ම දිව්‍ය පුත‍‍්‍රයෝ වගේ අය දේශපාලනයට එන්න ද`ගලපු පළවෙනි වාරේ වත් ආපු පළවෙනි වාරේවත් මේක නෙවෙයි. දැන් බලන්නකෝ දේශපාලනයට ආපු දක්ෂ ව්‍යාපාරිකයෝ. කොම්පැණි දුවනවා වගේ දේශපාලනේ කරන්න ගිය ඒ බහුතරේකට වුණේ දේශපාලනයේ අතදරුවන් විදිහට ගෙදර යන්න. එහෙම යමින් ඉන්න අය තවත් ඉන්නවා. ඒත් ඒ අය තෝරාගන්නකොට බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ කොම්පැණිය වගේම දේශපාලනේ පංගුවත් හරියට කරයි කියලා. ඒ දෙක දෙකක්. ව්‍යාපාරිකයෝ විතරක් නෙවෙයි උගත් බුද්ධිමත් කියන අය, අචාර්යවරු, හමුදාවල පොලීසිවල වැඩකාරයෝ සම්බන්ධයෙන් පවා තියෙන්නේ මේ තත්ත්වයම තමයි.

මෙහෙමයි, දැනට අපි කාටවත් හදිස්සියේම ජනාධිපති අපේක්ෂකයෙක් හොයාගන්න හදිස්සියක් නෑනේ. හැබැයි ඊට මෙහා ලෙහාගන්න ගොඩක් දේවල් අපිට තියනවා. එහෙන් මෙහෙන් එන ජනාධිපති අපේක්ෂකයෝ නිසා අපිට ඔය කියන වැදගත් සහ හදිස්සි දේවල් මගහැරෙන්න පුළුවන්. ඒ නිසාම අපිට දේවල් නැති වෙන්න පුළුවන්. අපිට හොරෙන් අපිට අදාල දේවල් සිද්ධ වෙන්න පුළුවන්. කියන්න බෑනේ. අවසානයේ මම හිට්ලර්ව උපුටාගන්නවා. ඔහු කියනවා, ‘පාලකයින්ට තියන ලොකුම වාසනාව තමයි, රටවැසියා කල්පනා නොකිරීම’ කියලා. ඉතිං, මිනිස්සු ඒ ආකාරයට පාලකයින්ට වාසනාව උදා නොකරනවා නම් පාලකයින්ගේ වගකීම තමයි තමන්ගේ වාසනාව උදාකරගන්න එක.

භාරත ප‍්‍රභාෂණ තෙන්නකෝන්

No comments: