Tuesday, August 15, 2017

නම බ‍්‍රෑන්ඞ් එකක් වුණාම, ටයිට්ල් වැඩක් නෑ


ගිය සුමානේ දවසක කෝල් එකක් ආවා. ‘මම මේ කතා කරන්නේ යොවුන් පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය අග‍්‍රාමාත්‍ය’ කියලා නමක් කීවා. පැහැදිලිව නෑසුණු නිසාම බැරිවෙලාවත් වික‍්‍රමසිංහ මහත්තයාවත්ද කියලා සැක ඇතිව කෝකටත් ආයේ පාරක් මම ඇහුවා ‘කවුද...’ කියලා. ආයෙත් මහපිරිත තරම් අර දිග කෑල්ල කීවා. මට මතක් වුණා මම අහලා තියන කතාවක්, ගාමිණී ෆොන්සේකාගේ නේම් කාර්ඞ් එක ගැන. ‘ගාමිණී ෆොන්සේකා, කොල්ලූපිටිය’ වගේ එකක් එක්ක දුරකතන අංකයක් තිබුණු බව. නමක්, නමක් හැටියට පැළ කරගන්නවා කියන්නේ හිතන තරම් ලේසි කියන තරම් වේගවත් වැඩක්් නෙවෙයි. ඒ වගේම, නමක් සැලකිය යුතු කාලයක් රැුව් දෙන ‘නමක්’ බවට පත් කරගන්නවා කියන්නේ නම නමක් බවට පත් කර ගන්නවාට වඩා ගොඩක් අමාරු වැඩක්. එහෙම පැළ වුණාට පස්සේ ඒ නමක මුලට අගට තියන හෑලි කෑලි මොනවද කියන එක අදාලම නෑ.

ලෝකේ කොයිතරම් බොබ් මාලේලා ඉපදුණත් ලෝකේ බොබ් මාලේ බ‍්‍රෑන්ඞ් තියෙන්නේ එකයි. ලෝකේ මොන තරම් ඔබාමලා හිටියත්, ලෝකෙට ඔබාමා බ‍්‍රෑන්ඞ් තියෙන්නේ එකයි. ඉතිහාසේ කොච්චර සොක‍්‍රටීස්ලා හිටියත් ලෝකෙට තියෙන්නේ සොක‍්‍රටීස් බ‍්‍රෑන්ඞ් එකයි. අයින්ස්ටයින්, ගැලීලියෝ, චේ, සිද්ධාර්ථ ආදීන් වගේම රට ඇතුළේ ලෙස්ටර්, අමරදේව, විජය, ජෝති, සංගා, මහින්ද, මෛත‍්‍රී, සෝම හාමුදුරුවෝ, ජේ.ආර්. වගේ ඒවා. ඒ වගේම මුලට නම නැතුව ‘මැතිණි’ කීවොත් ඒ කියන්නේ සිරිමාවෝ බණ්ඩාරණායක ගැන. ඒවා නම් වලට එහා ගිය බ‍්‍රෑන්ඞ්. ඒ කියන්නේ සන්නාම. නිෂ්පාදනේකට ඒ කියන්නේ ප‍්‍රඩක්ට් එකකට බලපත‍්‍රයක් ගන්න පුළුවන්. සංකල්පෙකට පේටන්ට් එකක් ගන්න පුළුවන්. ප‍්‍රමෝර්ට් කරන්න පු`ථවන්. ඇඞ්වර්ටයිස් කරන්න පු`ථවන්. එත් පුද්ගල චරිතෙකට ඔය මොකුත්ම බෑ. නමක් බ‍්‍රෑන්ඞ් එකක් හැටියට තහවුරු කර ගන්න එක කොච්චර පට්ට වැඩක් ද කියලා දැන් තවත් තේරෙයි. ඒක සල්ලි තිබුණු පමණින් හරි බලය තිබුණු පමණින් හරි හදාගන්න පුළුවන් එකක් නෙවෙයි. නමක් බ‍්‍රෑන්ඞ් එකක් වෙන්නේ ක‍්‍රියාවලියක ප‍්‍රතිඵලයක් හැටියට. උදේ ඉ`දලා ? වෙනකොටවත් ? එළිවෙන ටිකටවත් ඒවා සිද්ධ වෙන්නේ නෑ.

දන්නවද මාර්ටින් ලූතර් කිං. ඔහු මිය ගියේ 1968. ඒ කාලේ ඇමරිකන් ජනාධිපති ලින්ඩන් ජොන්සන්. ඒ වෙනකොට ඇමරිකාවේ හිටපු අංක එකේ ධනවතා හොවර්ඞ් හියුජ්ස්. මේ තුන් දෙනාගෙන් බලය වැඩි ජොන්සන්ට. ධනය වැඩි හියුජ්ස්ට. හැබැයි, මේ තුන්දෙනාගෙන් අදටත් ‘බ‍්‍රෑන්ඞ්’ එකක් වෙන්නේ විවාදයක් නැතුවම ලූතර් කිං. ඒත්, අදටත් ලූතර් කිංට හරිහමං ටයිට්ල් එකක් නෑ. ප්‍රොෆෙසර් කිං, ඩොක්ටර් කිං, ප‍්‍රසිඩන්ට් කිං, බිලියනර් කිං, බ්ලාබ්ලා කිං වගේ කෑලි නැති වුණාට ‘ලූතර් කිං’ කීවහම අර හැම එකකට වඩා ලොකු තැනක් තියනවා. නමක් බ‍්‍රෑන්ඞ් එකක් වෙන්නේ භූමිය හෝ පංතිය බලපාන්නේ නෑ. ලෝකේ වැඩිම ජනගහණයක් ඉන්නේ චීනේ. ඒත් මාවෝ සේතුං ඇරුණහම කිසිම චීනෙකුට බැරි වුණා ලොකු බ‍්‍රෑන්ඞ්නේම් එකක් හදාගන්න. ඒත් ජනගහනයෙන්වත් භූමියෙන්වත් චීනෙ අහලකටවත් එන්න බැරි වුණු තැනක ඉපදුණු යේසුස් වහන්නේ අදටත් සර්වකාලීන හිට් එකක් බවට පත් වෙලා. ලෝකේ හොල්ල ගොඩක් යුදෙව්වෝ අද වෙනකොට පට්ට බ‍්‍රෑන්ඞ් වුණේ තමන්ට කියලා හරිහමං රටක්වත් නැතිව. හින්දු ඉන්දියාවේ අසහාය න`ථවා වුණේ මුස්ලිම් ෂාරුක්. ඉන්දියාව රුසියාව ඇමරිකාව ල`ග ලයිස්තුගත කරපු කලාම් ගත්තත් එහෙමයි. අදටත් කුලවාදයේ මහගෙදර වුණු ඉන්දියාව සැලියුට් ගහන්නේ කුලහීන අම්බෙඞ්කාර් ලියපු ව්‍යවස්ථාවට. ඇමරිකාව අල්ලපු ඔබාමා, ජර්මනිය හොල්ලපු හිට්ලර්, කියුබාව ගොඩදාපු ගෙවාරා වගේ අය අඩුම තරමේ ඒ රටවල් වල ඉපදුණ අයවත් නෙවෙයි. ඒ කියන්නේ පොරක් වෙන්න බ‍්‍රෑන්ඞ් එකක් වෙන්න බහුතරයේ කෙනෙක්ද සු`ථතරයේ කෙනෙක් කියන එකවත් අදාල නෑ. දැන් ඉතිං පිළිවලට ගලපාගෙන ගලපාගෙන යන්න පුළුවන් එහෙම දන්න කියන නම්.

ඒත් තාම උත්තරේ හම්බුණේ නෑ. නමක් බ‍්‍රෑන්ඞ් එකක් වෙන්නේ කොහොමද. එහෙම බ‍්‍රෑන්ඞ් එකක් වුණාම ඇයි ටයිටල් වැඩක් නැත්තේ. අපි ගොඩක් අය ඔබ කවුද ඇහුවහම මුලින් කියන්නේ මම අහවල් කොම්පැනියේ අහවලා කියලා. එහෙම නැත්තං මම අහවලාගේ පුතා අහවලා කියලා. මෙහෙම අහවල් අහවල් හැදින්වීම් අස්සේ අපි අපේ අනන්‍යතාව හොයනවා. එහෙම නැත්තං අඩුම තරමේ අයිඩින්ටියක් හරි බෙල්ලේ එල්ලා ගන්නවා. සමහර මාධ්‍යවේදීන් තමන් ෆීල්ඞ් එකට ආපු දා ඉ`දං මාධ්‍ය හැදුනුම්පත් ටික තේඩාවක් වගේ එකක එල්ලාගෙන ඉන්නවා. ඒ එයා කොච්චර පරණද කියලා පෙන්නන්න. ඇත්තටම එහෙම නොකළොත් අනන්‍යතාව ගොඩ දා ගන්න එක අමාරුයි. ඒත්, මම කවදාවත් දැකලා නෑ කිසිම ‘ඒ’ ගේ‍්‍රඞ් ජර්නලිස්ට් කෙනෙක් එහෙම හැ`දුනුම්පත් රොත්තක් එල්ලාගෙන ඉන්නවා. සමහර අය පොඩි එකා කාලේ ඉදලා එක එක්කෙනා එක් ගහපු ෆොටෝ වගේ ඒවා ෆෝන් වල දාගෙන ‘මම මෙහෙම මෙහෙම පොරවල් එක්ක හිටපු පොරක් හොෙ`ද්’ වගේ එකක් නෙරාදක්වන්න උත්සාහ කරනවා.

එක පැත්තකට නමක් බ‍්‍රෑන්ඞ් එකක් වෙනවා කියන්නේ ශ්‍රේෂ්ඨත්වයට පත්වීමක් වගේ එකක්. තව ආකාරයකට කීවොත් ලෙජන්ඞ් එකක් වෙනවා කියන එක. කිසිවෙකුට ශ්‍රේෂ්ඨත්වය, ලෙජසි ලංකරගන්න බෑ. ශ්‍රේෂ්ඨත්වය තමන් වෙත ල`ගා වෙනකල් ඉවසගෙන ඉන්න වෙනවා. දෙහි කප කප, මැජික් බෝල මිරික මිරික, බිල් බෝර්ඞ් කටවුට් පෝස්ටර් ෆෙස්බුක් ඇඞ්ස් වගේ දේවල් හරහා ඒ ශ්‍රේෂ්ඨත්වය ල`ගා වෙන්නේ නෑ. ඒ කියන්නේ ශ්‍රේෂ්ඨත්වයට, ලෙජසියක් බවට හෝ බ‍්‍රෑන්ඞ් එකක් බවට පත් විය යුතුයි කියලා දැඩිව අධිශ්ඨාන කරගන විසිහතර පැය තුන්සිය හැටපස් දවසේ ඒ වෙනුවෙන් තද කෑවාට එහෙම වෙන්න බෑ. එහෙම වුණාම වෙන්නේ පිස්සෙක් වෙන එක. ලියලා තියන්න සෙල්ලිපියක්වත් නැති මොහොතක ක‍්‍රියාවලියක ප‍්‍රතිඵලයක් ලෙස ලෙජන්ඞ් එකක් බවට පත් වුණු චරිත එක්ක ගලපනකොට වැටහෙනවා. ඒක කොච්චර අමාරුද කියලා මයිකල් ජෝර්දාන් මෙහෙම කියනවා. ‘මට පහර නව දහසක් මගහැරුණා. තරග තුන්සීයක් විතර පැරදිලා තියනවා. විසි හය වතාවක් තීරණාත්මකම වෙලාවේ දැඩි විශ්වාසෙන් ගහපු පහරවල් වැරදිලා තරග පැරදුණා. ඒත්, මම මහන්සි වුණා. ඒක මෙපමණයි කියලා ප‍්‍රමාණයෙන් කියන්න බෑ. ඉතිං, ඇමරිකාවට ඉන්න විශ්වාසවන්තම තරග දිනවන්නා මම.’

මම කැමතියි අවසානේ දී මෙතෙන්ට පිකාසෝව ගේන්න. ඒ ඔහුගේ කතාවක් නිසා. පිකාසෝ මෙහෙම කියනවා. ‘මගේ අම්මා පොඩි කාලේ කියනවා, උඹ සොල්දාදුවෙක් වුණොත් ජෙනරාල් කනෙක් වෙයං. උඹ පැවිද්දෙක් වුණොත් පාප් වහන්සේ වෙනකල් පලයං කියලා. ඒත්, අවසානයේ දී මම පේන්ටර් කෙනෙක් වුණා. ඉතිං මම පිකාසෝ වුණා.’ පිකාසෝ පාප් කෙනෙක් වුණානම් ලිස්ට් එකක තවත් එක නමක් විතරයි. පිකාසෝ ජෙනරාල් කෙනෙක් වුණානම් ලිස්ට් එකක් තවත් එක නමක් විතරයි. පිකාසෝ පිකාසෝ වුණාම එතන ලිස්ට් එකක් නෑ. ලොකු ඉඩක ලොකු අකුරින් තනි නමක් තියනවා. ඒ පිකාසෝ කියලා. නම් බ‍්‍රෑන්ඞ් වෙන්නේ එහෙම.
 භාරත ප‍්‍රභාෂණ තෙන්නකෝන්

No comments: