Wednesday, August 23, 2017

වෙනවා නම් වෙන්නෝනේ; පට්ට හොරෙක්


හොරෙක් වෙනවා නම් පට්ට හොරෙක් වෙන්න ඹ්නේ. එහෙම නැත්තං වැඩක් නෑ. ඒක හරියට දුවනවා නම් බෝල්ට් වගේ දුවපං, පණිනවා නම් මයික් පවෙල් වගේ පැනපන් වගේ එකක්. සමාජ වටිනාකම හැදෙන්නේ එතකොට. ‘මාර පොරක්’ වෙන්නේ එහෙම කළාම. මේ ගෞතම බුද්ධ රාජ්‍යයි, බුදු සසුන බැබලේවා වගේ ඒවා ලොකු අකුරින් ගහගෙන හිටපු අපිට කිසි හිරිකිතයක් ලැජ්ජාවක් නැතුව මෙහෙම කියන්න සිද්ධ වුණේ ඇයි. මුලින් හිනාවෙලා පස්සේ පෙරළී පෙරළී අ`ඩන්න ඹ්නේ ප‍්‍රශ්නයක්.
මොන ආගමක් ඇදහෙව්වත් මොන ජාතියේ, මොන වැයික්කියේ කෙනෙක් වුණත් එක්කෝ පින් පව් හරි හලාල් හරාම් හරි හො`ද නරක හරි යහපත අයහපත හරි කියලා බෙදීමක් පිළිගන්න ගුණයි කියන ඒවාට සුදු බවකුත් අගුණයි කියන ඒවාට කලූ බවකුත් ඓතිහාසිකවම එකතු වෙලා තිබුණා. ඒ නිසාම කවුරු වුණත් ඒ කලූයි කියන දේවල් කරන්න ලැජ්ජා වුණා. බියට පත් වුණා. මිනියක් මරනවා තියා වතුරේ පාවෙන කඩි කූඹි පවා ගොඩින් තියන, මංකොල්ල කනවා තබා බිම වැටුණු කාසියක් කොළයක් දැක්කාත් නොදැක්කා වගේ යන, කොටු පණිනවා තබා පැදුරු වාටියවත් නොපාගන විදිහේ කොලිටියක් නඩත්තු කරන්න හැටියට උත්සාහ කළා. ක‍්‍රියාව කෙසේ වෙතත්, අඩුම තරමේ එවැනි ගතියක් තිබීම ලොකු ගෞරවයක් හැටියට සැලකුවා. ඒ නිසාම ඊට පටහැණි මිනිස්සු සමාජෙන් කොන් කළා. පැත්තකට කළා. මිනියක් මරපු, හොරෙකමක් කරළා තියනතැනකින්, වල්කම් වලට බේබදුකම් වලට නම ගිය තැනකින් කසාදයක්වත් කර ගන්න මිනිස්සු කැමති වුණේ නෑ. ම`ගුල්තුලා තියා ඒ ජාතියේ මිනිස්සු අවමගංගල්ලෙකටවත් හතර මායිමෙන් මෙහාට වද්දා ගත්තේ නෑ. හැබැයි එදා වගේම අදත් මේවා වලංගු වෙන්නේ එක පංතියකට විතරයි.
පොඩි මිනිස්සු වෙච්ච ඔයා මම මේ නොපනත්කම් ගැන තාමත් කල්පනා කරන්නේ එහෙම තමයි. නීතියෙන් මොකක් තීන්දු වුණත් අපේ පංතියේ මිනිහෙක් දුස්සීල වැඩක් කළොත් වරිගෙන් කොන් කරලා ගමෙන් පැන්නුවාට තවත් පංතියක් ඒ වරදම පිළිගන්නේ ක්ලාසි වැඩක් හැටියට. පොල් හොරු හරක් හොරු ගස් බැ`දලා හොදි බහිනකල් ගැහුවට ලෝකේ ගොඩක් තැන්වල කෝටි ප‍්‍රකෝටි ගාණට හොරකම් කරපු කිසි මිනිහෙක් කකුල් දෙකෙන් එල්ලලා, ඉදිකටු ඇණලා, දිමිගොටු දාලා ගහන්නේ නෑ. ඇතුළෙදිත් එළියෙදිත් එයාලාව පිළිගන්නේ සැලියුට් ගහලා, හුරේ දාලා, තොරණ ගහලා, මල්වෙඩි දාලා. ගමේ කෙල්ලෙක් කොල්ලෙක් වැටක් පැන්නත් කැලෑ පත්තර ගහලා හූ කියලා ගල් ගහලා ‘චොර’ කළාට තරු හෝටලේක සුපිරි වණ්ඩි වලින් බැහැලා කොටු පැන්නාම ඒවා රේට් වෙන්නේ තරු වලින්. සැතපෙන්න සැතපෙන්න ගේ‍්‍රඞ් එක ඉහළ යනවා. ගමේ එකෙක් ගිහිං පොලීසියකට බොරු කීවොත් දුවගෙන ගිය එකා ආපහු එන්නේ බඩගාගෙන කියලා කවුදෝ කියනවා මම අහගන. හැබැයි, ටයි කෝර්ට් දාලා, රොලෙක්ස් ඔරලෝසුවක් ඇ`දලා, ක්ලයිව් ක‍්‍රිස්ටියන් සෙන්ට් එකක් ගහලා, මාර්ක් ජැකොබ්ස් හෑන්ඞ්බෑග් එකක් අරගන ගිහිං බොරු කීවහම ගෙදර එන්නේ වීරපුරන්අප්පුලාට ගොක්ගාලේගොඩබණ්ඩලාට ඇහැලේපොළ කුමාරිහාමිලාටත් වඩා ලොකු ජාතික වීරයෝ වගේ. කසිප්පු අඩියක් ගහන මිනිහා බේබද්දෙක් වෙලා ලොකු ලේබල් බොන මිනිස්සු සම්භාවනීය වීම ගැන අමුතුවෙන් කියන්න ඹ්නේ නෑනේ. සරලවම කියනවා නම් මේ සිස්ටම් එකේදි, ඉරි සරම කොටු සරම කැහැපොට ගහගෙන හිටියොත් සොරි වුණාට දිගට අ`දින සුදු සරමට එහෙම වෙන්නේ නෑ. ඒ නිසා, මොන තක්කඩිකම වුණත් ‘ක්ලාසි’ විදිහට කළොත් තත්ත්වය වෙනස්.
ලෝක ඉතිහාසේ සිද්ධ වුණු මිල අධිකම හොරකම හැටියට සලකන්නේ ස්ටීවන් බ්‍රෙත්වයිසර් කියලා වේටර් කෙනෙක් කරපු, කලා කෘති හොරකමක්. එයා ලෝකේ පුරා කෞතුකාගාර එකසි පණහකින් විතර ඩොලර් මිලියන එක්දහස් තුන්සීයක් වටිනා කලා නිර්මාණ දෙසිය තිස් නවයක් හොරකම් කරලා. බැලූ බැල්මටම නම් මෛත‍්‍රී බුදුන් පහළ වෙනකල් හිරේ දාලා ඇති කියලනේ හිතෙන්නේ. මොකද්දෝ හේතුවකට පළවෙනි වාරේ අවුරුදු දෙකකුත් දෙවෙනි වාරේ අවුරුදු තුනකුත් විතරක් සිරගත වුණා.
රටෙත් ලෝකෙත්, මෙච්චරටම දුෂණයට එරෙහිව හ`ඩ නගනකොටත්, මේ තරම් ¥ෂණ වෙන්නේ කොහොමද කියලා ප‍්‍රශ්නයක් හිතට එන එක සාධාරණයි. ඇත්තම කතාව නම්, ‘වංචා ¥ෂණ සම්බන්ධයෙන් නගන හ`ඩ, කොතරම් අවංකද යන්න නිසැකයෙන්ම දැක්ක හැකි වන්නේ තම කඳවුරේ එකෙකුට එරෙහිව චෝදනා ගොණු වූ විටෙක පමණයි’. අනෙක් ක`දවුරේ මිනිහාට ගැම්මට ඇගිල්ල දිග්කරලා උසාවියට පූර්වයෙන්ම නඩු අහලා තීන්දු දෙන්න පෙළඹෙන හැමෝම වගේ තමන්ගේ ක`දවුරේ මිනිහෙකුට ඇ`ගිල්ල දික් වුණාම කියනවා ‘උසාවියකින් වැරදිකාරයෙක් වෙනකල් එහෙම කොහොමද හොරෙක් කියලා කියන්නේ’ කියලා. කියමනක් තියනවා, ‘ඉණිමග අල්ලන මිනිහාත් හොරා තරම්ම නරකයි කියලා’. ඉතිං අපි ඉණිමග අල්ලාගෙන ඉන්න ගමන් වහළේ ඉන්න හොරාට චෝදනා කරනවා. ඉතිං එහෙම ඉ`දං ජනපද ගානට පොර ටෝක් දීලා වැඩක් තියනවද.
දැන් මේක කියවාගෙන යනකොට හිතෙයි, පට්ට හොරෙක් වෙන්න ධෛර්ය ගන්වනවා කියලා. නෑ., එහෙම නෙවෙයි. හැබැයි අපි මේ යථාර්තය තේරුම් ගන්න ඹ්නේ. ඊටත් වඩා කරුණු කාරණා සිද්ධ වෙන්නේ මෙහෙමයි කියලා අපි දන්න බව තේරුම් කරලා දෙන්න අවශ්‍යයි. ජනාධිපති ලින්කන් කියනවා ‘මිනිස්සුන්ට දේවල් දැනගන්න ඉඩ හරින්න, එතකොට රට රැුකෙයි’ කියලා. කවුරුහරි අන්`දනකොට, අපි අ`දින විදි දෙකක් තියනවා. එකක් අපි නොදැන අ`දිනවා. ඒ වගේම අපි දැන දැනත් නොදන්නවා වගේ ඉ`දං අ`දිනවා. මේ කතා කරන නිශ්චිත විෂයට අදාලව අපි බොහෝමයක් ඉන්නේ දෙවෙනි මට්ටමේ. ඉතිං, දැන දැනත් අපි අ`දිනවා. සතුටට තියන කාරණේ අපිව අන්`දන බව අපි දන්නවා.
දැන් ඉතිං කරන්න දෙයක් නෑනේ කියලා, ඇන තියාගෙන දැඩැටි දණ්ඩකින් දත් හාර හාරා අහසට පොළවට සාප කර කර ඉ`දලා වැඩක් නෑ. එක්කෝ අපිත් කාගේ හරි පිළකට එකතු වෙලා ලංසුවක් කතා කරගන සිල්ලරට වගේම තොගේටත් සීනි කිරන්න පටන් ගන්න ඹ්නේ. මුලින් මුලින් නිකං ලැජ්ජයි ලැජ්ජයි වගේ දැනුනට පුරුදු වෙනකොට ගාණක් නැති වෙයි. එහෙම නැත්තං, වෙන වැඩකට යන්න ඹ්නේ. මොකද්ද ඒ. ‘තරුණයෝ., ඒ කියන්නේ යූත් එක මේ වැඬේට බහින්න ඹ්නේ. එක එක්කෙනාට සීනි කිරන එක නවත්තලා දාලා රටක් ගැන හෙටක් ගැන හිතන්න ඹ්නේ. අවංක වෙන්න ඹ්නේ. තමන්ගේ වැඬේ හරියට කරන්න ඹ්නේ. පට්ට හොරු වෙනුවට පට්ට වැඩ කාරයින්ට තැන දෙන්න ඹ්නේ.’ මේ ටික හැල්මේ කියවාගෙන යනකොට පොඩි හර්ෂයක්, ආකර්ෂණයක්, ඔව් ඔව් එහෙම කරන්න ඹ්නේ තමයි වගේ හැ`ගීමක් ආවා නේද. අකුරු වල සද්දේ ලස්සන වුණාට ඒ වැඬේ කරන එක එච්චර ලස්සන නෑ. ඒ ඇයි. කලූපාට බිත්ති සුදුපාට කරන්න කියලා හිතාගන මඩුවට රිංගන හැමෝම වගේ එළියට එන්නේ ඇ`ග පුරාම කලූ තවරාගන. අදත් යූත් එකට වෙමින් තියෙන්නේ ඒක. හෙට වෙන්නෙත් ඒක.
දූරියං කනකොට ග`ද දැනෙන්නේ, නාස් පුඩු වෙච්ලන්නේ, අතට ගන්න හිත හදාගන්න අමාරුම පළවෙනි බික කනකොට. ඊට පස්සේ හොය හොයා කන්නේ. මේ දේශපාලනේ, හොරකම කියන්නේ දූරියං කෑම වගේ. ඔබේ දරුවාට දූරියං ගැන කියලා දෙන්න. කන නොකන එක ඔහු තීරණය කරයි. බලහත්කාරෙන් දූරියං කවන්න බෑ. පැන පැන කනවා නම් නවත්තන්නත් බෑ. ඔබේ දරුවාට දූරියං ගැන කියලා දෙන්න.

📒 භාරත ප්‍රභාෂණ තෙන්නකෝන්
🚩 Bharatha Prabhashana Thennakoon
🚹 Bharatha Prabhashana Thennakoon
📰 Mawbima Young -යං

No comments: