Tuesday, September 26, 2017

බස් කැප්ටන්ලා ත‍‍්‍රීවීල් මාෂල්ලා එක්ක පියාඹන්න එන්න..


ගිය සුමානේ පත්තරේ ප‍‍්‍රවෘත්තියක් තිබ්බා බස් ඩයිවර්ලාගේ නම ‘බස් කපිතන්’ කියලා වෙනස් කරන්න යෝජනාවක් ගේන්න යනවා කියලා. මේ යෝජනාව ගෙනත් තියෙන්නේ පියුමාල් (Piyumal Herath) කියලා පළාත් මන්ත‍‍්‍රී කෙනෙක්. මේක ෆෙස්බුක් දාපු සැණින් පියුමාල්ටයි, ඔක්කෝම මන්ත‍‍්‍රීලාටයි, ඩයිවර්ලාටයි දිගට හරහට නෙළන්න පටන් ගත්තා. මේ අතරේ තිබුණු ප‍‍්‍රධානම තර්කය තමයි, බුලත් විට කාගෙන, මාවා පුවක් හපාගෙන, ඇගපුරා දාඩිය දාගෙන, නොමනා බැණුම් බැණගෙන හෝන් උඩ නැගලා, ඇ`ගට කපලා, ටර්න් කපාගෙන මරාගෙන මැරෙන රේස් දුවාගෙන තක්කඩි තාලෙට බස් එලවන කණ්ඩායමකට නැව්වල, ප්ලේන්වල වැදගත්ම රස්සාවක් කරන පිරිසකගේ නමක් යෙදීම එහෙම පිටින්ම ගොන්පාර්ට් එකක් කියන එක. ඇත්තටම බැලූ බැල්මටම එහෙම හිතෙන එකේ කිසි අවුලක් නෑ. එහෙම පසුබිමක බස් ඩ‍්‍රයිවර්ට බස්කාරයා, ඩ‍‍්‍රැවා වගේ එකක් නැතුව කැප්ටන් වගේ පොෂ් ආමන්ත‍‍්‍රණයක් දෙන්න යෝජනා කිරීම තියා කල්පනා කිරීම පවා හෙනම හෙන ගොන් පාර්ට් එකක් වගේ කියලා දැනෙන හැ`ගීම නවත්තන්න බෑ. කොටින්ම කියනවා නම්, දැක්ක ගමන් දෑස පළාගෙන ක`දුළැලි එන එක සාධාරණයි.

අපි හැමදාම ඉන්න ස්ථාවරය තමයි අපි මාරම හො`දයි අනික් අය තමයි පට්ටම චාටර් කියන තැන. බස්කාරයා, පොලිස්කාරයා, මාළුකාරයා, මාධ්‍යකාරයා ආදියේ සිට ඇමතිලා, අගමැතිලා, ජනාධිපතිලා දක්වා හැමෝම ගැන අපේ පොදු අදහස එහෙම එකක්. ‘‘ඒ අතින් අපි කොච්චර හො`දයිද බං’ කියලා කියන්න කට ඉස්සර වෙන තරම් වේගෙන් කිසිම වෙලාවක අපි ලෑස්ති නෑ., ‘ඒ අතින් අපි කොච්චර චාටර්ද බං’ කියලා අහලා ස්වයං විවේචනේකට යන්න. ඉතිං.. මේ බස් ඩයිවර් කපිතන් වෙන්න යන වෙලාවේත් අපිට දැනේනේ., ‘අපි මාර හො`ද වුණු පසුබිමක අපිට වඩා පට්ට චාටර් තත්ත්වයක ඉන්න බස්කාරයෝ අමතන්න කැප්ටන් වගේ පොෂ් නමක් යෝජනා කරන්න මූට පිස්සුද’ වගේ ප‍‍්‍රශ්නයක්.

බස් ඩ‍‍්‍රයිවර්ලා හරි ත‍‍්‍රීවීල් ඩ‍‍්‍රයිවර්ලා හරි තනියම රවුම් කරලා ගත්තහම අවුල් ගොඩාක් තියන බව ඇත්ත. බස් නම් විස්ස විසිඑක, ත‍‍්‍රීවීල් නම් පහළව දාසය වගේ වයස සම්පූර්ණ වුණු ගමන් වාහනේ අතට ගත්තට මේ බොහෝ දෙනෙකුට රියදුරු වෘත්තීයභාවයේ තියන වෘත්තීය ගුණාංගයන් ගැන හැ`ගීමක් නෑ. (ඒක ඉතිං කාර් බස් කියලා වෙනසකුත් නෑ.) ඇත්තටම ඓහම ආචාර ධර්මයක්, විනයක් ගුණයක් තියන බවවත් ගොඩක් අය දන්නේත් නෑ. කතා කරන විදිහේ, අ`දින පළ`දින විදිහේ හරි හිතන පතන විදිහේ හරි අවුලක් එක්ක එතනින් එහාට ඊට ගැටගැහුණු තවත් ව්‍යාකූලතා පේළියක් ගොඩනැගෙන්නේ මේ නොදන්නාකමේ සහ නොසැලකිල්ලේ ප‍‍්‍රතිඵලයක් හැටියට. ඉතිං මේ නොදන්නාකමට සහ නොසැලකිල්ලට අවසාන වශයෙන් වගකීම බාරගන්න අවශ්‍යය ඒ ඩ‍‍්‍රයිවර් හෝ කොන්දොස්තරද. මෙහෙම ඇ`දපං මෙහෙම කතාකරපං මෙහෙම වැඩ කරපං කියලා කියලා දෙන, උගන්නන, බලකරන වැඩපිළිවලක් තියෙන්න ඹ්නේ. ඒ පිළිවෙල අනුගමනය කරන්නේ නැත්නම් ඊට උත්තරයක් හැටියට කරන්න පුළුවන් දෙයක් ගැන වැඩපිළිවලක් තියෙන්න ඹ්නේ.

ඉතිං කවුද මේවා කරන්න ඹ්නේ. ඔව් බලධාරීන් සහ දේශපාලනඥයෝ. ඉතිං ඒකනේ මේ පියුමාල් කරන්න හදන්නේ. ම`ගුල් ගෙදරක යන්න ඇ`දුමක් ඇ`දගෙන වරෙං කියලා යාළුවෙකුට කීවහම එක එක්්කෙනා අ`දින්නේ එක එක ඒවා. තම තම නැණ පමණ. තම තම රිසි පමණ. හැබැයි ඉන්විටේෂන් එකේ ප‍‍්‍රින්ට් කරලා යැව්වොත් අහවල් රේන්ජ් එකේ ඇ`දුමක් කියලා, එතකොට අ`දින්නේ ඒ සීමාවේ ඒවා පමණයි. දැන් අපි මේ ඩ‍්‍රයිවර්ලාට කොන්දොස්තරලාට පළුයන්න බණින්නේ ඊට අවශ්‍ය වටපිටාව සර්වසම්පූර්ණව සකස් නොකරපු පසුබිමක ඉ`දලා. මම කියන්නේ අපිට එහෙම අයිතියක් නෑ.

ඒත් මෙහෙමයි. දැන් ඉතිං ඔය නම වෙනස් කළාම හරිද. වල් අලි වන අලි කළා වගේ ඩ‍්‍රයිවර් කැප්ටන් කරලා විතරක් මේ අවුල ලෙහන්න බෑ. ඒ වෙනුවෙන් අවශ්‍ය පෙර සහ පසු තත්ත්වයන් තියෙන්න ඹ්නේ. කීයටවත් එහෙම වෙන්නේ නෑ. ආසනෙන් මන්ත‍‍්‍රී කෙනෙක් පත්වුණාම ඒ මන්ත‍‍්‍රී ඒ ආසනේ තියන මොකක් හරි මහා විද්‍යාලයක් මධ්‍ය මහා විද්‍යාලයක් හැටියට නම් කරන රැුල්ලක් කාලයක් තිබ්බා. ඇත්තටම ඒ මහා විද්‍යාලේ මධ්‍ය මහා විද්‍යාල කරන්න වියදම් වුණේ උත්සවේට යන වියදමයි බෝර්ඞ් එක මාරු කරන්න යන වියදමයි විතරයි. ඊට පස්සේ කන්නංගර සෙන්ට‍‍්‍රල් ටික වෙනමයි බෝර්ඞ් සෙන්ට‍‍්‍රල් වෙනමයි ගැටි හදාගත්තා. ජාතික පාසල්, නවෝද්‍යා පාසල් වගේ ඒවාත් අවසානයේ පෙරට වඩා පසුවට ඉතිරි කළේ නම් වල වෙනස් වීම විතරයි. මදය නොහදා ලෑලි මාරු කළොත් බස් කපිතන්ලාට වෙන්නේත් ඹ්කම තමයි.

හරි. එච්චරද. දැන් බලමුකෝ අපි ගැන. (කල්පනා කරනකොට ලැජ්ජා හිතෙනම කෑල්ල ඒක.)

අපි නගිනවා බස් එකට. පොල්ල අල්ලගෙන දොරකඩ ක`දවුරු බැ`ද ගන්නවා. තව මිනිස්සු නගිනවා. එයාලට යන්න ඉඩ නෑ. කොන්දොස්තර කියනවා ඉස්සරහට යන්න කියලා. අපි යන්නෑ. කොන්දා තියා අම්මා තාත්තා වුණත් දේවල් ආදරෙන් ගෞරවයෙන් කියන සීමාවක් තියනවා. ඉතිං ඊට පස්සේ කොන්දා අපිට බණිනවා. ඊට පස්සේ අපි කොන්දාට බණිනවා. අවසානේ අපේ නිගමනේ තමයි කොන්දා වැරදියි මිනිස්සුන්ට කතා කරන්න දන්නනැති නූගත් ගොබ්බයෙක් කියන එක... නගිනවාත ත‍‍්‍රීවීල් එකකට. පටන්ගන්න කළිං ගණන් අහන්නෑ. මීටර්ද බලන්නෑ. ගිහිං බහිනවා. අපි ගණන් අහනවා. ඌ උගේ ගාණ කියනවා. ඉතිං රණ්ඩු වෙනවා. අන්තිමේදී අපේ විගණනයේ හැටියට ත‍‍්‍රීවීල් කාරයා වැරදියි. මිනිස්සුන්ට කතා කරන්න දන්නනැති නූගත් ගොබ්බයෙක් කියලා නිගමනය කරනවා. තව තව. ඔව්. දිරන නොදිරන ගලන නොගලන වටින නොවටින ඔක්කෝම කුණු ටික දානවා එක මල්ලකට. එල්ලනවා ඇණයක් ගහලා තාප්පේ. එනවා කුණාලා. වෙන් කරලා නෑ කියලා අරගන්නෑ. ඉතිං අපි බණිනවා කුණාලට. කුණාලා සද්දේ දානවා. ඉතිං රණ්ඩු වෙනවා. අන්තිමේදී කුණාලා එක්ක පටලාගන්නවා. අවසානේ දී අපේ විග‍‍්‍රහයේ හැටියට කුණාලා වැරදියි. මිනිස්සුන්ට කතා කරන්න දන්නැති නූගත් ගොබ්බයෝ කියලා නිගමනය කරනවා. බස් එකට නැ`ගලා ඉ`දගත්තගමං ෆෝන් එක ගන්නවා අතට. ඔබ ඔබ ඉන්නවා. හෝල්ට් එක ල`ගට ආපු ගමං නැගිටලා බෙල් කරලා ‘බහිනවා බහිනවා’ කීයලා කෑ ගගහා නටනවා. බස් එක හෝල්ට් එක පහු කරලා ගිහිං නවත්තනවා. ඉතිං බණිනවා ඩ‍‍්‍රයිවර්ට. යනවා බැංකුවකට.... නෑ නෑ දැන් ඇති. කොහේ ගියත් වැඩිහරීයක් චාටර් කරගන්න පටන්ගන්නේ අපිම තමයි. ඒත් අවසානේ වරද කාගේ හෝ ඇෙ`ග් හේත්තු කරනවා. තේරෙනවනේ.

ඉතිං මෙහෙම තත්ත්වයක් තියනකොට කවුරු හරි ඇවිත් කියනවා කුණාලට වැදගත් ඇ`දුමක් අන්`දන්න ඹ්න, ඩ‍‍්‍රයිවර්ලාගේ නම වෙනස් කරන්න ඹ්නේ, කොන්දාට යුනිෆෝම් එකක් දෙන්න ඹ්නේ කියලා. ඊට පස්සේ අන්න අර අයත් එක්ක එරියස් තියන අපි එයාලටයි යෝජනාව ගෙනාපු හාදයාටයි දෙක එකට තියලා පරම්පරානුස්සතිය වඩනවා.

‘ඉතිං.’

‘ඉතිං කියන්නේ. පිටුවේ ඉඩ ඉවරයි. මේ ගැන ලියන්න තියන ඉතිරි ටික ඔයාලා ලියලා මටත් එවන්න.’

Monday, September 25, 2017

විලිලැඡ්ජාවෙන් හා කම්පාවෙන් යුතුව ලියනු ලබන විවෘත සංදේශයයි.

අතිගරු Maithripala Sirisena උතුමාණන්,
ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ.
උතුමාණනි.
“විලිලැඡ්ජාවෙන් හා කම්පාවෙන් යුතුව ලියනු ලබන විවෘත සංදේශයයි.”
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහසභාවට සහභාගී වෙමින් යහපාලනය, මානව හිමිකම්, ආචාරශීලීභාවය හා ළමා අයිතිවාසිකම් ආදියේ ප‍්‍රගතිය හා ඒවා තවදුරටත් සුරකින්නේයැයි ඔබතුමන් ජාත්‍යන්තරය හමුවේ මහත් ආඩම්බරයෙන් පවසමින් සිටින අතරවාරයේ දී, ඉතා අවාසනාවන්ත ලෙස (යහපාලනය වැළ`දගත්* මහාමාත්‍යවරයකු විසින් යහපාලන ශිලාචාරබව, ලෝක සම්මතයන් හා ළමා අයිතිවාසිකම් උල්ලංඝනය වන ආකාරයෙන්, ළමුන් දෙසිය පණහක් වක‍්‍ර මෙහෙකාර සේවයේ යෙදවිමේ සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් ඔබතුමන් දැනුවත් යැයි විශ්වාස කරමි.
මෙම ප‍්‍රවෘත්තිය දුටු මොහොතේ දී මේ රටේ බහුතරයකගේ සිත් කම්පා කරනු ලැබූයේ, මෙවැනි අමනෝඥ්ඥ හා තක්කඩිකම්වලට එරෙහිව නායකත්වය ගත් පුද්ගලයකු රාජ්‍යයේ නායකයා වී වසර තුනකට පසුව ද මෙවැනි අප‍්‍රසන්න සිදුවිම් අසන්නට දකින්නට ලැබෙන්නේ ඇයි දැයි යන සාධාරණ ප‍්‍රශ්නය සමග ය. පෙර සටි පාලකයා/යන් සිය දේශපාලන වැඩ ස`දහා පාසල් ළමුන් භාවිත කළ බවත් එමගින් දරුවන් අව්වේ හා වැස්සේ හිටගස්සවා ඔවුන් පීඩාවට හා අගෞරවයට ලක් කළ බවත් ඔබතුමාගේ ධූරකාලයේ දී එවැනි (දේශපාලන හෝ නොවන* අමනුෂ්‍ය වැඩ ස`දහා දරුවන් උපයෝගී කරගන්නට ඉඩ නොතබන බව ඔබතුමා විසින් ම පැවසූ බව මගේ මතකයේ ඇත. (එසේ නොකීවේ නම් මා නිවැරදි කරනු මැනවි.)
පුද්ගලිකව මේ සිදු විම මා සිතට යළි සිහිපත් කළේ වයඹ පළාත් සභා මන්ත‍්‍රීවරයකු විසින් පාසල තුළ දී ගුරුවරියක දණගැස්විමේ සිද්ධියේ ම දිගුවක් ලෙස ය. පළාතේ අධ්‍යාපන අමාත්‍යවරයා හෝ බලය ඇති අයෙකු වූ පමණින් තමාගේ හිතවතෙකුගේ (හෝ හිතවතියකගේ* පුද්ගලික අවශ්‍යතාවක් ඉටු කර ගැනීම වෙනුවෙන් නිළ ඇදුම් ඇ`ගළාගත් පාසල් දරුවන් සහභාගී කරවීම යනු (අපේ හැ`ගීම අනුව* අනීතිකය. නීතිය කුමක් වුවත් සහසුද්දෙන් ම අශීලාචාර සහ සදාචාර විරෝධී වන දියුණු සමාජයකට නොහොබිනා ජුගුබ්සාජනක සිදුවීමක් බව කිසිදු මනුෂ්‍ය ප‍්‍රාණියෙකුට අමුතුවෙන් කිව යුතු නොවේ. මෙය මෙතැනින් නොනැවැත්තුවහොත් අනාගතයේ දී, තම මිතුරන්ගේ ගේ දොර වතු පිටි මෙහෙකාර සේවයන් ස`දහා ද ඇමතිවරු තම බලය යොදාගෙන පාසල් දරුවෝ ‘පාවිච්චි’ කරනු ඇත. වෙනකක් තබා ල`ග එන ළමා දිනයේ දී පවා සිද්ධ වන්නේ කිරිපැකට් එකකට, බිස්කට් එකකට, බනිස් ගෙඩියකට, තොප්පියකට හෝ කුඩයකට දරුවන් වෙළ`ද සමාගම් වෙනුවෙන් තම තමුන්ගේ ළමාකම හයර් කිරීම බව ඔබට පවා වැටහෙණු ඇත. දේශපාලනඥයකුගේ උවමනාව අනුව කාගේ හෝ නිවසක වළං හේදු අපේ දරුමුණුපුරන් ඉ`දුල් වලින් නැහැවී ගිය පාසල් ඇ`දුමෙන් නිවසට ගොඩවනු දැක ගන්නට සිදු වුවහොත් පුදුම වන්නට දෙයක් නැත.
පාසල් වේලාව තුළ දී අවම වශයෙන් ඩෙංගු මර්ධන ශ‍්‍රමදාන, මත්ද‍්‍රව්‍ය නිවාරණ කැන්වසින් වැනි ව්‍යාපෘතියක් ස`දහා වත් පාසල් දරුවන් යොදා නො ගෙන, එවැනි දේ ස`දහා අවශ්‍ය ශ‍්‍රම දායකත්වය පාසල් ළමුන්ගේ දෙමව්පියන් විසින් ලබා දුන්නේ ය. දරුවන්ගේ පාසල් පංති කාමර පින්තාරු කරන්නේ දෙමාපියෝය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ විවිධ ගෝලීය සංවිධාන විසින් ඉදිරිපත් කර ඇති ළමා අයිතිවාසිකම් හා ළමුන්ගේ ගෞරවය ආරක්ෂා කිරිම අරමුණු කර ගත් ප‍්‍රඥප්තීන්, ගිවිසුම් හා එක`ගතා රාශියකට අප අත්සන් කර ඇත. ඊටත් වඩා අප රටේ සංස්කෘතියේ ම ළමුන් කෙරෙහි ඇත්තේ සුවිශේෂී තත්ත්වයකි. අපි (නිකමට හෝ* කියන්නේ හො`දම දේ ළමයින්ට., දරුවන් අපේ අනාගතයයි වගේ උදාන වාක්‍යයි. ඒවා හුදෙක් අලංකාර වචන පමණක් බැව් මෙවැනි දේ මගින් ප‍්‍රත්‍යක්ෂ කරන්නේය. ඔබට ද එසේ නොසිතෙන්නේ ද.
වැරදි නායකයින් යටතේ පාලනය වන බොහෝ පාසල් තුළ ඇත්තේ අමුතු සංස්කෘතියකි. පාසලේ සිසුන් විදුහල්පතිවරයාට දිරවන්නේ නැත්නම් හෝ එහෙයි කියා අනුමත නොකරන්නේ නම්, හිරේ යන්නට පවා සිද්ධ වෙන බව ඔබ පුද්ගලික අත්දැකීමෙන්ම දන්නා බව අපි දනිමු. එවැනි පසුබිමක් තුළ පෝළිමක් හැදී සාරියක් උස්සන්නැයි පමණක් නොව මහපාරේ දණගසාගෙන ඉන්න, බඩගාගෙන ඉන්න, නිරුවතින් ඉන්න, තනි කකුළෙන් ඉන්න කියා හෝ කුඩා දරුවන්ට විදුහල්පතිවරයකු කීවොත් එය එයාකාරයෙන්ම ඉටු කරනවා මිස, එය නොකර සිටිමට හෝ ඒ ගැන ප‍්‍රශ්න ඇසීමට ඒ කුඩා දරුවන්ට හයියක් නැත. පොඩිඋන්ට තියා ඒ දුප්පත් දෙමව්පියන්ටවත් එවැන්නකට හයියක් නැත. ඒ අහිංසක මිනිස්සු නීති කතා කරන්නට යන්නේ නැත. (එක පැත්තකින් පාසලේ දී දරුවාට අසාධාරණයක් වෙයි කියා බයයි. අනෙක් පැත්තෙන් තමන්ට අගතියක් සිද්ධ කරයි කියලා දේශපාලනඥයින්ට බයයි.) ගුරුවරයකුගේ උවමනාවක් ඉටු නොකිරිමේ වරදට, කාලයක් තිස්සේ ඔබේම දියණිය ද පංති කාමරය තුළ අගතියට හා පීඩාවට පත් වූ ආකාරය අප ඇගේ වචනයෙන්ම කියෙව්වෙමු. ඇමති දියණියකට අත්වන ඉරණම ද එය නම්, අපි සහ අපේ දරුවන් ගැන ඔබට අමුතුවෙන් කිව යුතු නොවේ.
අනෙක් අතට අප සිත්තුළ තවත් සාධාරණ සැකයක් ඇති වීම වැලැක්විය නොහැක. යම් දේශපාලනඥයකුගේ හිතවෙතෙකු පැමිණ කීවොත් ‘වැඩිම කාන්තාවන් පිරිසක් නිරුවතින් පාරේ හිට්ටවලා අපි ජිනස් වාර්තාවක් තියන්න යන්නේ’ කියලා, ඒ ස`දහා ද සිය බලය භාවිත කරමින් කාන්තාවන් සපයා ඔවුන් දේශපාලනඥයාට බයේ පසුබිමේ නිරුවතින් හිටගෙන ඉන්නා විට මයික‍්‍රෆෝනය ඉදිරියට පැමිණ, ‘මේ ලෝක වාර්තාවට සම්බන්ධ වෙන්න ලැබුණු එකට මට ගොඩක් සන්තෝසයි’ කියා වොයිස්කට් ද දෙනු ඇත. උතුමාණනි, මේ මානසික තත්ත්වය ගැහැණු දරුවන් සියයක් දුෂණය කිරිම ස්මරණයට සාදයක් තැබූ මන්ත‍්‍රීවරයෙක් ගැන අපි අසා ඇති සිද්ධියෙන් වෙනස් වන්නේ කෙසේදැයි පහදා දෙනු මැනවි.
මා ඔබෙන් එක ප‍්‍රශ්නයක් අසමි. මෙවැනි රෙදි උස්සාගෙන ඉ`දීමේ හෝ රෙදි ගලවාගෙන ඉ`දීමේ මාදිළියේ ‘ජිනස්’ වැඩක් ස`දහා සහභාගී වන්න යැයි, යමෙක් තම ධුරයේ බලය භාවිත කර දන්වා එවූවහොත් ඔබගේ දරුවන් වන චතුරිකා, චාරුණී හා දහම් හෝ මුණුපුරු මිණිබිරියන් ඒ ස`දහා සහභාගී කරවන්නේ ද. ඔවුන්ට මාලූපාන් ගෙඩියක් හා කිරිපැකට් එකක් දී අව්වේ හිටගස්සවා වහලූන් සේ කාගේ හෝ රෙද්දක් උස්සාගෙන ඉන්න යැයි අණ කළහොත් ඔබ එය අනුමත කරනවා ද. කොළඹ නුවර පාරේ ගිණි අව්වේ චතුරිකා, චාරුණී හා දහම්, එක අතක් අව්වෙන් බේරීමට නළලට තබාගෙන ද අනෙක් අතින් මහඇමතිවරයාගේ සහ විදුහල්පතිවරයාගේ අණ හමුවේ අසරණව හා පීඩිතව නාදුනන ගැහැණියකගේ සාරි පොටක් උස්සාගෙන ඉන්නා ආකාරය සිහියට ගන්න. ඔබට පියෙකු ලෙස එය අනුමත කළ හැකි ද. මම මෙය අසන්නේ ඔබෙගේ හෘදය සාක්ෂියෙනි. එය එසේ නම්, ඔබ කියනා පරිදි ම සෑම දරුවෙක්ම ඔබගේ දරුවෙක් සේ සලකා ඔවුන්ගේ ගෞරවය හා තත්ත්වය ආරක්ෂා කිරිමට වහාම පියවර ගන්නේ නම් මැනවි.
පුරවැසියෙක් ලෙස ඉල්ලා සිටින්නේ එක දෙයකි. මේ රටේ දරුවන්ට උගන්නන්න බැරිනම් හෝ උවමනාවක් නැතිනම් ඒක අත්ඇරලා දමන්න යැයි ඔවුන්ට කියන්න. කමක් නෑ, උන් පුලූවන් විදිහට ඉගෙන ගනියි. හැබැයි, උන්ගේ පිට කොන්ද කඩලා දාන්න එපා. උන්ගේ හිත් තුළ වහල් මානසිකත්වය ඇති කරන්න එපා. එහෙම කරන්න දෙන්න එපා. (එහෙම කළොත් ඒ කඩන්නේ සමස්ත රටේ ම අනාගත පිටකොන්ද බ වමට වඩා හො`දට ඔබතුමා දන්නවානේ.)
උතුමාණනි, මෙය කියෙව්වාට (කියෙව්වානම්) ඔබට ස්තූතියි.
මෛත‍්‍රී සහගත සමාජයක් උදා වේවා..

Tuesday, September 12, 2017

කෑල්ලක් ටෝක් කරලා, නූඞ්ලස් එකක් කාලා එන්න යං

සැප්තැම්බර් කියන්නේ සාහිත්‍ය මාසේ. වෙළ`ද අගනුවර වුණු කොළඹ ඉ`දලා සංස්කෘතික අගනුවර හැටියට සලකන මහනුවර දක්වා තැනින් තැන එක එක ජාතියේ කුදුමහත් සාහිත්‍ය වැඩ සෑහෙන්න සිද්ධ වෙන කාලයක් තමයි මේ මාසේ. රාජ්‍ය සාහිත්‍ය උත්සව, සාහිත්‍ය සම්මාන උළෙල, පොත් ප‍‍්‍රදර්ශන වගේ දේවල්. ඉස්කෝලවල, දහම්පාසල්වල, කලා ආයතනවල, පදනම්වල, සංවිධානවල වගේම කෝරළවල පත්තුවල පළාත්වල ආදී වශයෙන් කලා උළෙල, සාහිත්‍ය උත්සව වගේ දේවල්. අබ මල්ල ලිහලා ටයිල් පොළවේ අතෑරලා එක එක ඇහ`ිදිනවා වගේ මේ හැම එකක් ගැනම ලියන්න දිගෑරන්නවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි.

ඒත්,...

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍‍්‍රදර්ශනේ. ඒ කියන්නේ බුක්ෆෙයාර්.. ඇත්තටම සමහර අයට මේ නම ම වහකදුරු වගේ. සමහරුන්ට මේ නම ම දේවාලයක් වගේ. අර වහකදුරු උදවියට මේ වැඬේ පේන්නේම දුසිම් ගාණට එක්සයිස් පොත් විකුණන, ඩිස්කවුන්ට් ස්ටේෂනරි අයිටම් විකුණන ජාතියේ වැඩක් හැටියට. අර අනිත් සෙට් එක. ඒ කියන්නේ මේ බුක්ෆෙයාර් එක දේවාලයක් කියලා හිතාගෙන කට කරුණාකරගෙන වන්දනා කරගන පුදපූජා පවත්වාගෙන ඉන්න සෙට් එක. සාහිත්‍යයේ කලාවේ බුද්ධියේ ප‍‍්‍රගමනය වෙනුවෙන් බලපාන ජීවනාලිය බ`දු එකක්ය., මේක නැති වුණොත් එහෙම රටට ජාතියට අම්බානට කෙළවෙනවාය වගේ හැ`ගීමක ඉන්න අය. ඇත්තටම මේ වැඬේ ඇත්ත තත්ත්වය තියෙන්නේ මේ දෙක මැද්දේ. ඔව් කාලෙන් කාලෙට බුක්ෆෙයාර් එකේ ඹ්වරෝල් පික්චර් එක ඉහත කියපු දෙපැත්තට උච්ඡුාවචනය වෙනවා.

මට අනුව, ලෝකේ තැන්තැන්වල තිබුණු විදිහේ ඉවෙන්ට් එකක් වුණු ඉන්ටර්නැෂනල් බුක්ෆෙයාර් කියන වැඬේ ලංකා පොළවේ රෝපණය කරන්න තීරණය කිරීමම මාර වැඩක්. ඒකේ එක ප‍‍්‍රතිඵලයක් හැටියට ලේඛකයින්ට ලියන්න උත්තේජනයක් ඇති වුණා. අනික් පැත්තෙන් අලූත් ලේඛකයෝ බිහිවුණා. පොතක් ලියලා ප‍‍්‍රකාශකයෙක් පස්සෙන් ගිහිං ගුරුකුල අරක් අරගන හිටපු නියාමන කොමිටි ඉස්සරලා තව ටිකක් වාත වෙලා කොහොමහරි පොත අච්චු ගහලා මුහුරත් උළෙලක් තියලා එළිදක්වලා එදාට එන නැන්දට මාමාට බාප්පට පුංචිට ආච්චිට සීයට., ටිකක් පුදලා ටිකක් විකුණලා ඉතිරි ටික හඩු ගැහෙනකල් රාක්කවල තියලා අන්තිමේට කිලෝ ගාණට කඩල මුරුක්කු රටකජු බක්කිවලට ගොටු හදන්න විකුණන පොත් සංස්කෘතිය මෙතනින් ටිකක් වෙනස් වුණා. තමන්ගේ පොත සීමාරහිත පාරිභෝගික සමූහයක් ඉස්සරහා වෙන්දේසි කරන්න පුළුවන්කමක් ලේඛකයින්ට ඇති වුණා. ඒ නිසාම, පොතක් අච්චු ගැහීම වෙනුවෙන් ප‍‍්‍රකාශකයෙක් හරි ආයෝජකයෙක් හරි අතගහන එක පුණ්‍ය කටයුත්තකින් එහා ගිය ව්‍යාපාරික වැඩක් හැටියට තේරුම්ගත්තා. අනිත් පැත්තෙන් පොත් කියවන පුරුද්ද හෝ හුරුව නොනැසී පවත්වාගෙන යන්න මේක ලොකු උදව්වක් ඇති වුණා.

ඒත් කියවීම කියන එක සහ ලිවීම කියන එක කඩදාසියක් මතම සිද්ධ විය යුතුයි කියලා එකක් තියනවද. මම හිතන්නේ එහෙම නෑ. ඒ කියන්නේ ලේඛකයෙක් කියන්නේ දේවල් අච්චු අකුරු වලින් කියා සිටින කෙනෙක්වත් පාඨකයෙක් කියන්නේ කඩදාසියක තියන අච්චු අකුරු කියවීමම සියල්ල කරගත්ත මිනිහෙක් නෙවෙයි. ගල් පොත්තක, වැලි පිල්ලක, ගස් කොටසක ලියපු කියවපු කාලයක් ලෝකේ තිබුණා. ඊට පස්සේ කඩදාසියයි මුද‍‍්‍රණ කලාවයි පැමිණීමෙන් පස්සේ මේ තත්ත්වය වෙනස් වුණා. අද මේ වෙනකොට සිද්ධ වෙමින් තියෙන්නේ ගලෙන් කඩදාසියකට පැනීම කරම්ම විප්ලවයක්.

කාලෙකදී බස් එකේදී කෝච්චියේ දී පොතක් පත්තරයක් කියවන මිනිහෙක් කියන්නේ අමුතු දර්ශනයක් නෙවෙයි. හැබැයි ඊට පස්සේ ලෝකයම ක්‍‍්‍රමයෙන් සකර්බර්ග්කරණය වීමේ ප‍‍්‍රතිඵල අපිටත් ලැබෙන්න පටන් ගත්තා. ඒත්, ඒක ඇතුළෙත් දේවල් කියවන දේවල් ලියන මිනිස්සු තමන්ගේ මතවාදය වෙනුවෙන් හෙක්ටයාර් ගණන් අක්කර ගණන් නැතත් පර්චස් දහයක් පහළොවක් විතර කෑල්ලක් වෙන් කර ගන්න සමත් වුණා. ඔබට මතක නම් මුල්ම කාලේ, සිවිල් නමක් නොතිබුණු මිනිස්සු සකර්බර්ගේ අවකාශයේ එක එක ඒවා ලිවීම සැලකුවේ පාරවල් ල`ග හන්දි ල`ග ත්‍පාරටෝක් දෙන පම්පෝරි කියවන පිස්සෙක් කරන වැඩක් ගාණට. ඒ මොකද., ඒ වෙනකොට ‘ලියන මිනිස්සු’ කියලා ජාතියක් හිටියා. එහෙම නොවෙන මිනිස්සු ලියන දේවල් ලොකුවට ඇ`ගට ගන්නවත් පිළිගන්නවත් ලොකු සූදානමක් මේ කොදෙව්වේ තිබුණේ නෑ. හැබැයි කාලයත් එක්ක මේ තත්ත්වය වෙනස් වෙලා. ඒක හො`ද තත්ත්වයක්.

හැබැයි ඉතිං ඊල`ගට එන ප‍‍්‍රශ්නේ තමයි ‘දැන් ඉන්න ළමයි’ කඩදාසි භාවිතයට එන්නේම නැතිවෙයිද කියන එක. ඔව් ඒක එහෙම වෙන්නත් පුළුවන්. ඒක අද ? ගෙවිලා හෙට උදේ උදා වෙනකොට සිද්ධ නොවුණත් වැඩිකල් නොගොසින්ම ඒක සිද්ධ වෙන ලක්ෂණ පෙන්නුම් කරනවා. ඉතිං ඒක අවුලක්ද. නෑ. ඒ විතරක් නෙවෙයි, අකුරු ලියන්න නොදන්නා අකුරු නොහ`දුනා කෙනෙකුට වුණත් දේවල් ලියන්න පුළුවන් තත්ත්වයක් අද වෙනකොට ලෝකයේ නිර්මාණය වෙමින් තියනවා. අපි ඉන්නේ තමන්ට උවමනා දේ කියාගන යනකොට ලියවෙන අවදියක. හෙට දවසේ මේ තත්ත්වය කොතෙන්ට තල්ලූ වෙයිද කියලා කියන්න අමාරුයි.

‘මේ.. ඒක නෙවෙයි. බුක්ෆෙයාර් පටන් ගන්නවා. කෑල්ලක් ටෝර්ක් කරලා නූඞ්ල්ස් එකක් කාලා පොඩි වලක් බහින්න අපිත් යං. කීයක් හරි වැඩිපුර අරන් එන්න. ඉඩක් තිබුණොත් අපි පොතක් දෙකක් ගමු.’

‘කොහෙද බං පොත් කියවන්න වෙලාවක්. ගිය අවුරුද්දේ ගත්තේවා තව කියෙව්වෙත් නෑනේ.’

‘හරි බං. අපේ අම්මා පිගන් කෝප්ප සෙට් ගන්නෙත් ඔහොම තමයි. හදිස්සියක් වුණොත්, කවුරු හරි වැඩිපුර කට්ටිය ආවොත්, අලූත් ඩිසයින් වගේ දේවල් නිසා. වෙලාවක් තිබ්බොත් කියවමු.’

 භාරත ප‍්‍රභාෂණ තෙන්නකෝන්

Tuesday, September 5, 2017

ශේප් එකේ පාර අයිනෙන් ගිහිං හරියන්නෑ

ලෝකේ තියන අලූත්ම හෝ සුපිරිම ගණයේ කියන වාහන හැම එකක්ම වගේ අවම වශයෙන් එකක්වත් අපේ රටේ තියනවා. හැබැයි, ලෝකේ තියන සුපිරිම හෝ නවීනතම මාර්ග විනයක් අපිට තියනවද කියන එක ප‍‍්‍රශ්නයක්. මේක ලියන මමත් මේක කියවන ඔබත් පාරට බැස්සම හැසිරෙන්න කොහොමද කියලා කවුරු නැතත් අපේ හෘදය සාක්ෂිය හො`දින්ම දන්නවා. අපි මහපාරේ හැසිරෙන්නේ වතුර වගේ. වතුර., කොප්පෙකදී කෝප්පයක් වගේත්, බාල්දියකදී බාල්දිය වගේත්, කොරහකදී කොරහක් වගේත් ඒ ඒ භාජනයේ හැඩය ගන්නවා වගේ. ඒ නිසයි අපි, ‘පාරට බැස්සහම අපි වතුර වගේ මිනිස්සු’ වෙන්නේ.

කවුරු වුණත් පදිකයෙක් වුණ සැණින් පදිකයින් ස`දහාම අනන්‍ය වූ හැසිරීමක් පෙන්නුම් කරනවා. එතකොට, කහ ඉර අපේ., අපි කීයට හරි පාර පැනලා ඉවර වෙනකල් වාහන සියල්ල නැවැත්විය යුතුයි., පාර අයිනෙන් පයින් යන්න අමාරු නිසා පාරේ පයින් යනකොට වාහන අයින් කරගෙන යන්න ඹ්නේ., හෝන් කළොත් රවනවා ආදී වශයෙන් අපි ඉන්නේ පෙඩස්ටි‍‍්‍රයානු මානසිකත්වයේ. අපි මෝටර්සයිකලේක යනකොට තත්ත්වය ඊට වඩා වෙනස්. එහෙන් මෙහෙන් රිංගන්න පුළුවන්., දකුණෙන් බැරිනම් වමෙන් එහෙමත් බැරිනම් උඩින් හරි අපි ඉස්සර කරනවා., හැම වෙලාවෙම අපි යන්නේ පාරේ මැද ඉරට මායිම්ව., එහෙම නැත්තං පාරේ දකුණු කෙළවරේ මංතීරුවේ., කලර් ලයිට් එකක් ගාවදී නෑඹිලියේ මුල්ලට ගල් ටික එකතු වෙනවා වගේ පෙරීගෙන ඇවිත් මෝටර් සයිකල් ටික එකට එකතු වෙනවා ආදී වශයෙන් ඒ වෙනකොට අපේ හැසිරීම යතුරුපැදියානු මානසිකත්වයෙන්. ඊට පස්සේ අපි වාඩි වෙනවා කාර් එකක රියදුරු අසුනේ. එතකොට තත්ත්වය මාරම වෙනස්. පාරේ පයින් යනකොට නැති අමුතුම ගතියක්. මෝටර් සයිකල් වමෙන් ඉස්සර කරනකොට වමේ ෂටර් එක පාත් කරලා බණිනවා. කහඉරි වල හුරතල් වෙවී පාර පණිනකොට දකුණේ ෂටර් එක පාත් කරලා බණිනවා. දකුණේ කෙළවරේ යන මෝටර් සයිකල් ලගට ගිහිං කිට්ටු කරලා හෝන් කරලා බයිසිකර් රයිඩර් මන්දමෝල් කරනවා. ඔව්. දැන් ඉතිං තම තමන්ට කලපගන්න පුළුවන්. වාහනේ මොකද්ද කියලා වෙනසක් නෑ. සමහර වෙලාවට අපිට සිද්ධ වෙනවා අපි යන්නේ කොච්චර දුර ගමනක් වුණත් අපිට ඉස්සරහා වාහනේ යන., බුලත් විටක් හොයන, සාරි කඩයක් හොයන, තේ එකක් බොන්න කඩයක් හොයන, හන්දියක් පාරක් හොයන කෙනාට ඒක හම්බෙන තාක්කල් හෝන් කර කර පස්සෙන් යන්න. ඹ්කේ ඉස්සරහට අපි ගිහිං පිටිපස්සට වෙන කවුරුහරි ආවොත්, අපේ කියලා වෙනසකුත් නෑ.

ඒ විතරද. නෑ. ඇයි ලොරි. බස්. ටිපර්. පයින් යනකොට, යතුරු පැදියක යනකොට එහෙම නැත්තම් කාර් එකක යනකොට පාරේ ඉන්න පෙන්නන්නම බැරි වාහන කාණ්ඩය වෙන්නේ ඔය කියන බර වාහන. ඇගට කපනවා., ඉස්සර කරන්න දෙන්නේ නෑ., පාරක් පණින්න ඉඩ දෙන්නෑ., හෙඞ් ලයිට් එක ඩිම් කරන්නෑ., එහෙන් මෙහෙන් පොඞ්ඩක් ගෑවුණත් අපිට ලක්ෂ ගාණක් පාඩු වුණත් ඔය බර වාහන වලට සත පහක ගාණක් නෑ වගේ ඒවා. හැබැයි, ඔයා වුණත් මම වුණත් ටිපර් එකකට බස් එකකට ලොරියකට නැග්ගොත් ටිපර් එක ටිපර් සංස්කෘතියට අවනතව පදවනවා මිසක් ටිපර් එක කාර් එකක් වගේ පදවන්නේ නෑ. ඒ කියන්නේ, අපි ඒ ඒ මොහොතේ ඉන්න භූමිකාව අනුව ඒ ඒ උප සංස්කෘතීන්ට ගැලපෙන විදිහට හැඩය හදා ගන්නවා.

මේ වගේම තව දෙයක් තියනවා. ඒ තමයි අපේ හැසිරීම් අප ජීවත් වන පරිසරයත් එක්ක වෙනස් වීමේ අත්දැකීම. කොළඹ කොටුවේ පේමන්ට් එකේ මුදලාලි කෙනෙක් එක්ක තුන්දාහේ බඩුව තුන්සීයට කේවල් කරන අපි ඊට වඩා වෙනස් වෙළදපොළකදී හැසිරෙන්නේ වෙන විදිහකට. ලංකාවේ පාරවල් වල සී සී කඩ කෙළ ගහපු, කුණු විසි කරපු අපි ඹ්ක්ලන්ඞ් සිට ටොරන්ටෝ දක්වා නේක නේක ගම් දනව් වල දී කිසි අවුලක් නැතිව ඒ ඒ තැනට ගැලපෙන විදිහට හැසිරෙනවා. ඒ වගේම අපි ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා. සහ අපි ඒවා අගය කරනවා. වර්ණනා කරනවා. හෝන් එක උඩ නැගලා කොළඹ වීදි වල නොඉවසිල්ලෙන් වාහන පදවන අපි ටෝකියෝවලදී හරිම ඉවසිලිමත්.

ඒ නිසා, කවුරුහරි මේක සිංගප්පූරුවක් කරලා දෙනකල් හරි ටෝකියෝවක්, ලන්ඩනයක්, වොෂින්ටනයක් කරලා දෙනකල් විරවපට්ටන් ගහලා බලාගෙන ඉ`දලා හරියන්නෑ. ඒ වගේම ඔය කියන නූතන සිටියක් බවට මේ රට පත් කරන්න බැරිවෙලා තියෙන්නේ හෝ එවැනි ඉලක්කයක් සපුරන බවක් පෙන්න නැත්තේ පාලකයින් හෝ නායකයින් විසින් තමන්ගේ යුතුකම් වගකීම් ඉටු නොකළ නිසාම නෙවෙයි. අපි අපේ වගකීමත් හරියට ඉටු කරලා නැති නිසා තමයි එහෙම වුණේ කියන එක අපිට පිළිගන්න සිද්ධ වෙනවා. දැන් බලන්නකෝ ඔය කුණු කතාව. දවල්ට ඔතාගෙන යන බත් එක පොලිතීන්, ඉ`දුල්, කඩදාසි කියන සම්පූර්ණ පැකේජ් එක වෙන වෙනම වීසි කරන්න අපි තාම අසමත්. කන්තෝරුවේ බාල්දි තුනක් තියන නිසා හරි අනිත් අය බලාගෙන ඉන්න නිසා හරි ඒ ඒ විදිහට වෙන් කරලා වීසි කරනවා. ඒත් අවමංකව සහ ස්වේච්ඡුාවෙන් වෙන් කළ යුතුව තියන ගෙදර කුණු කූඬේ තත්ත්වය ඊට වඩා වෙනස්. ලංකාවේ ගොඩක් පොදු වැසිකිළිවල තත්ත්වය ඉතාම ශෝචනීයයි. මූත‍‍්‍රා කිරීමෙන් පසු වතුර ගසන්න කියලා හැරෙන හැරෙන අත බෝර්ඞ් ගැහුවත් අවසන් ප‍‍්‍රතිඵලය ඉතා ශෝක ජනකයි. කොමඞ් එක ඩොලර් දාහයි. ඒ වුණාට මුත‍‍්‍රා කරන්නේ ඒක වටේට. කාර් එක ඩොලර් හැට දාහයි. ඒ වුණාට පාරේ යනගමන් වීදුරුව පාත් කරලා කාපු බීපු දේක අඩුව වීසි වෙන්නේ ඇළකට දොළකට අමුණකට. .

ඉතිං ඒ නිසා, අපි ඉන්නේ අපේ කෑල්ල සම්පූර්ණ කරලා අවසන් කරලා අනිත් කෙනාගේ කෑල්ල කිරීමේ ප‍‍්‍රමාද වීමේ අවුලක නෙවෙයි. ඒ පැත්තේ වගේම අපේ පැත්තෙත් ලොකු අවුලක් තියනවා. හිඩසක් තියනවා. අනිත් අයගේ කොටහා අසම්පූර්ණයි වගේම, අපේ කොටහත් අසම්පූර්ණයි. පාරේදී කඬේදී පොළේදී ඉස්කෝලේදී වැසිකිලියේදී පේන්න තියෙන්නේ ඒක. ඉතිං මොකද්ද උත්තරේ. හැරෙන හැරෙන අතට හෝයියා නොකියා, හැමෝම කරන නිසා දේවල් නොකර කොටින්ම වතුර වගේ නොවී., අපි කල්පනා කරලා වැඩ කරමු. ඒ කියන්නේ අපේ පාර්ට් එක ඉවරයි කියන පොරභාවයෙන් යුතුව අපි ශේප් එකේ පාර අයිනෙන් ගිහිං හරියන්නෑ. අපෙනුත් නොකෙරුණු කෑල්ලක් තාම ඉතිරියි.

 භාරත ප‍්‍රභාෂණ තෙන්නකෝන්