Tuesday, September 12, 2017

කෑල්ලක් ටෝක් කරලා, නූඞ්ලස් එකක් කාලා එන්න යං

සැප්තැම්බර් කියන්නේ සාහිත්‍ය මාසේ. වෙළ`ද අගනුවර වුණු කොළඹ ඉ`දලා සංස්කෘතික අගනුවර හැටියට සලකන මහනුවර දක්වා තැනින් තැන එක එක ජාතියේ කුදුමහත් සාහිත්‍ය වැඩ සෑහෙන්න සිද්ධ වෙන කාලයක් තමයි මේ මාසේ. රාජ්‍ය සාහිත්‍ය උත්සව, සාහිත්‍ය සම්මාන උළෙල, පොත් ප‍‍්‍රදර්ශන වගේ දේවල්. ඉස්කෝලවල, දහම්පාසල්වල, කලා ආයතනවල, පදනම්වල, සංවිධානවල වගේම කෝරළවල පත්තුවල පළාත්වල ආදී වශයෙන් කලා උළෙල, සාහිත්‍ය උත්සව වගේ දේවල්. අබ මල්ල ලිහලා ටයිල් පොළවේ අතෑරලා එක එක ඇහ`ිදිනවා වගේ මේ හැම එකක් ගැනම ලියන්න දිගෑරන්නවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි.

ඒත්,...

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍‍්‍රදර්ශනේ. ඒ කියන්නේ බුක්ෆෙයාර්.. ඇත්තටම සමහර අයට මේ නම ම වහකදුරු වගේ. සමහරුන්ට මේ නම ම දේවාලයක් වගේ. අර වහකදුරු උදවියට මේ වැඬේ පේන්නේම දුසිම් ගාණට එක්සයිස් පොත් විකුණන, ඩිස්කවුන්ට් ස්ටේෂනරි අයිටම් විකුණන ජාතියේ වැඩක් හැටියට. අර අනිත් සෙට් එක. ඒ කියන්නේ මේ බුක්ෆෙයාර් එක දේවාලයක් කියලා හිතාගෙන කට කරුණාකරගෙන වන්දනා කරගන පුදපූජා පවත්වාගෙන ඉන්න සෙට් එක. සාහිත්‍යයේ කලාවේ බුද්ධියේ ප‍‍්‍රගමනය වෙනුවෙන් බලපාන ජීවනාලිය බ`දු එකක්ය., මේක නැති වුණොත් එහෙම රටට ජාතියට අම්බානට කෙළවෙනවාය වගේ හැ`ගීමක ඉන්න අය. ඇත්තටම මේ වැඬේ ඇත්ත තත්ත්වය තියෙන්නේ මේ දෙක මැද්දේ. ඔව් කාලෙන් කාලෙට බුක්ෆෙයාර් එකේ ඹ්වරෝල් පික්චර් එක ඉහත කියපු දෙපැත්තට උච්ඡුාවචනය වෙනවා.

මට අනුව, ලෝකේ තැන්තැන්වල තිබුණු විදිහේ ඉවෙන්ට් එකක් වුණු ඉන්ටර්නැෂනල් බුක්ෆෙයාර් කියන වැඬේ ලංකා පොළවේ රෝපණය කරන්න තීරණය කිරීමම මාර වැඩක්. ඒකේ එක ප‍‍්‍රතිඵලයක් හැටියට ලේඛකයින්ට ලියන්න උත්තේජනයක් ඇති වුණා. අනික් පැත්තෙන් අලූත් ලේඛකයෝ බිහිවුණා. පොතක් ලියලා ප‍‍්‍රකාශකයෙක් පස්සෙන් ගිහිං ගුරුකුල අරක් අරගන හිටපු නියාමන කොමිටි ඉස්සරලා තව ටිකක් වාත වෙලා කොහොමහරි පොත අච්චු ගහලා මුහුරත් උළෙලක් තියලා එළිදක්වලා එදාට එන නැන්දට මාමාට බාප්පට පුංචිට ආච්චිට සීයට., ටිකක් පුදලා ටිකක් විකුණලා ඉතිරි ටික හඩු ගැහෙනකල් රාක්කවල තියලා අන්තිමේට කිලෝ ගාණට කඩල මුරුක්කු රටකජු බක්කිවලට ගොටු හදන්න විකුණන පොත් සංස්කෘතිය මෙතනින් ටිකක් වෙනස් වුණා. තමන්ගේ පොත සීමාරහිත පාරිභෝගික සමූහයක් ඉස්සරහා වෙන්දේසි කරන්න පුළුවන්කමක් ලේඛකයින්ට ඇති වුණා. ඒ නිසාම, පොතක් අච්චු ගැහීම වෙනුවෙන් ප‍‍්‍රකාශකයෙක් හරි ආයෝජකයෙක් හරි අතගහන එක පුණ්‍ය කටයුත්තකින් එහා ගිය ව්‍යාපාරික වැඩක් හැටියට තේරුම්ගත්තා. අනිත් පැත්තෙන් පොත් කියවන පුරුද්ද හෝ හුරුව නොනැසී පවත්වාගෙන යන්න මේක ලොකු උදව්වක් ඇති වුණා.

ඒත් කියවීම කියන එක සහ ලිවීම කියන එක කඩදාසියක් මතම සිද්ධ විය යුතුයි කියලා එකක් තියනවද. මම හිතන්නේ එහෙම නෑ. ඒ කියන්නේ ලේඛකයෙක් කියන්නේ දේවල් අච්චු අකුරු වලින් කියා සිටින කෙනෙක්වත් පාඨකයෙක් කියන්නේ කඩදාසියක තියන අච්චු අකුරු කියවීමම සියල්ල කරගත්ත මිනිහෙක් නෙවෙයි. ගල් පොත්තක, වැලි පිල්ලක, ගස් කොටසක ලියපු කියවපු කාලයක් ලෝකේ තිබුණා. ඊට පස්සේ කඩදාසියයි මුද‍‍්‍රණ කලාවයි පැමිණීමෙන් පස්සේ මේ තත්ත්වය වෙනස් වුණා. අද මේ වෙනකොට සිද්ධ වෙමින් තියෙන්නේ ගලෙන් කඩදාසියකට පැනීම කරම්ම විප්ලවයක්.

කාලෙකදී බස් එකේදී කෝච්චියේ දී පොතක් පත්තරයක් කියවන මිනිහෙක් කියන්නේ අමුතු දර්ශනයක් නෙවෙයි. හැබැයි ඊට පස්සේ ලෝකයම ක්‍‍්‍රමයෙන් සකර්බර්ග්කරණය වීමේ ප‍‍්‍රතිඵල අපිටත් ලැබෙන්න පටන් ගත්තා. ඒත්, ඒක ඇතුළෙත් දේවල් කියවන දේවල් ලියන මිනිස්සු තමන්ගේ මතවාදය වෙනුවෙන් හෙක්ටයාර් ගණන් අක්කර ගණන් නැතත් පර්චස් දහයක් පහළොවක් විතර කෑල්ලක් වෙන් කර ගන්න සමත් වුණා. ඔබට මතක නම් මුල්ම කාලේ, සිවිල් නමක් නොතිබුණු මිනිස්සු සකර්බර්ගේ අවකාශයේ එක එක ඒවා ලිවීම සැලකුවේ පාරවල් ල`ග හන්දි ල`ග ත්‍පාරටෝක් දෙන පම්පෝරි කියවන පිස්සෙක් කරන වැඩක් ගාණට. ඒ මොකද., ඒ වෙනකොට ‘ලියන මිනිස්සු’ කියලා ජාතියක් හිටියා. එහෙම නොවෙන මිනිස්සු ලියන දේවල් ලොකුවට ඇ`ගට ගන්නවත් පිළිගන්නවත් ලොකු සූදානමක් මේ කොදෙව්වේ තිබුණේ නෑ. හැබැයි කාලයත් එක්ක මේ තත්ත්වය වෙනස් වෙලා. ඒක හො`ද තත්ත්වයක්.

හැබැයි ඉතිං ඊල`ගට එන ප‍‍්‍රශ්නේ තමයි ‘දැන් ඉන්න ළමයි’ කඩදාසි භාවිතයට එන්නේම නැතිවෙයිද කියන එක. ඔව් ඒක එහෙම වෙන්නත් පුළුවන්. ඒක අද ? ගෙවිලා හෙට උදේ උදා වෙනකොට සිද්ධ නොවුණත් වැඩිකල් නොගොසින්ම ඒක සිද්ධ වෙන ලක්ෂණ පෙන්නුම් කරනවා. ඉතිං ඒක අවුලක්ද. නෑ. ඒ විතරක් නෙවෙයි, අකුරු ලියන්න නොදන්නා අකුරු නොහ`දුනා කෙනෙකුට වුණත් දේවල් ලියන්න පුළුවන් තත්ත්වයක් අද වෙනකොට ලෝකයේ නිර්මාණය වෙමින් තියනවා. අපි ඉන්නේ තමන්ට උවමනා දේ කියාගන යනකොට ලියවෙන අවදියක. හෙට දවසේ මේ තත්ත්වය කොතෙන්ට තල්ලූ වෙයිද කියලා කියන්න අමාරුයි.

‘මේ.. ඒක නෙවෙයි. බුක්ෆෙයාර් පටන් ගන්නවා. කෑල්ලක් ටෝර්ක් කරලා නූඞ්ල්ස් එකක් කාලා පොඩි වලක් බහින්න අපිත් යං. කීයක් හරි වැඩිපුර අරන් එන්න. ඉඩක් තිබුණොත් අපි පොතක් දෙකක් ගමු.’

‘කොහෙද බං පොත් කියවන්න වෙලාවක්. ගිය අවුරුද්දේ ගත්තේවා තව කියෙව්වෙත් නෑනේ.’

‘හරි බං. අපේ අම්මා පිගන් කෝප්ප සෙට් ගන්නෙත් ඔහොම තමයි. හදිස්සියක් වුණොත්, කවුරු හරි වැඩිපුර කට්ටිය ආවොත්, අලූත් ඩිසයින් වගේ දේවල් නිසා. වෙලාවක් තිබ්බොත් කියවමු.’

 භාරත ප‍්‍රභාෂණ තෙන්නකෝන්

No comments: