Tuesday, September 5, 2017

ශේප් එකේ පාර අයිනෙන් ගිහිං හරියන්නෑ

ලෝකේ තියන අලූත්ම හෝ සුපිරිම ගණයේ කියන වාහන හැම එකක්ම වගේ අවම වශයෙන් එකක්වත් අපේ රටේ තියනවා. හැබැයි, ලෝකේ තියන සුපිරිම හෝ නවීනතම මාර්ග විනයක් අපිට තියනවද කියන එක ප‍‍්‍රශ්නයක්. මේක ලියන මමත් මේක කියවන ඔබත් පාරට බැස්සම හැසිරෙන්න කොහොමද කියලා කවුරු නැතත් අපේ හෘදය සාක්ෂිය හො`දින්ම දන්නවා. අපි මහපාරේ හැසිරෙන්නේ වතුර වගේ. වතුර., කොප්පෙකදී කෝප්පයක් වගේත්, බාල්දියකදී බාල්දිය වගේත්, කොරහකදී කොරහක් වගේත් ඒ ඒ භාජනයේ හැඩය ගන්නවා වගේ. ඒ නිසයි අපි, ‘පාරට බැස්සහම අපි වතුර වගේ මිනිස්සු’ වෙන්නේ.

කවුරු වුණත් පදිකයෙක් වුණ සැණින් පදිකයින් ස`දහාම අනන්‍ය වූ හැසිරීමක් පෙන්නුම් කරනවා. එතකොට, කහ ඉර අපේ., අපි කීයට හරි පාර පැනලා ඉවර වෙනකල් වාහන සියල්ල නැවැත්විය යුතුයි., පාර අයිනෙන් පයින් යන්න අමාරු නිසා පාරේ පයින් යනකොට වාහන අයින් කරගෙන යන්න ඹ්නේ., හෝන් කළොත් රවනවා ආදී වශයෙන් අපි ඉන්නේ පෙඩස්ටි‍‍්‍රයානු මානසිකත්වයේ. අපි මෝටර්සයිකලේක යනකොට තත්ත්වය ඊට වඩා වෙනස්. එහෙන් මෙහෙන් රිංගන්න පුළුවන්., දකුණෙන් බැරිනම් වමෙන් එහෙමත් බැරිනම් උඩින් හරි අපි ඉස්සර කරනවා., හැම වෙලාවෙම අපි යන්නේ පාරේ මැද ඉරට මායිම්ව., එහෙම නැත්තං පාරේ දකුණු කෙළවරේ මංතීරුවේ., කලර් ලයිට් එකක් ගාවදී නෑඹිලියේ මුල්ලට ගල් ටික එකතු වෙනවා වගේ පෙරීගෙන ඇවිත් මෝටර් සයිකල් ටික එකට එකතු වෙනවා ආදී වශයෙන් ඒ වෙනකොට අපේ හැසිරීම යතුරුපැදියානු මානසිකත්වයෙන්. ඊට පස්සේ අපි වාඩි වෙනවා කාර් එකක රියදුරු අසුනේ. එතකොට තත්ත්වය මාරම වෙනස්. පාරේ පයින් යනකොට නැති අමුතුම ගතියක්. මෝටර් සයිකල් වමෙන් ඉස්සර කරනකොට වමේ ෂටර් එක පාත් කරලා බණිනවා. කහඉරි වල හුරතල් වෙවී පාර පණිනකොට දකුණේ ෂටර් එක පාත් කරලා බණිනවා. දකුණේ කෙළවරේ යන මෝටර් සයිකල් ලගට ගිහිං කිට්ටු කරලා හෝන් කරලා බයිසිකර් රයිඩර් මන්දමෝල් කරනවා. ඔව්. දැන් ඉතිං තම තමන්ට කලපගන්න පුළුවන්. වාහනේ මොකද්ද කියලා වෙනසක් නෑ. සමහර වෙලාවට අපිට සිද්ධ වෙනවා අපි යන්නේ කොච්චර දුර ගමනක් වුණත් අපිට ඉස්සරහා වාහනේ යන., බුලත් විටක් හොයන, සාරි කඩයක් හොයන, තේ එකක් බොන්න කඩයක් හොයන, හන්දියක් පාරක් හොයන කෙනාට ඒක හම්බෙන තාක්කල් හෝන් කර කර පස්සෙන් යන්න. ඹ්කේ ඉස්සරහට අපි ගිහිං පිටිපස්සට වෙන කවුරුහරි ආවොත්, අපේ කියලා වෙනසකුත් නෑ.

ඒ විතරද. නෑ. ඇයි ලොරි. බස්. ටිපර්. පයින් යනකොට, යතුරු පැදියක යනකොට එහෙම නැත්තම් කාර් එකක යනකොට පාරේ ඉන්න පෙන්නන්නම බැරි වාහන කාණ්ඩය වෙන්නේ ඔය කියන බර වාහන. ඇගට කපනවා., ඉස්සර කරන්න දෙන්නේ නෑ., පාරක් පණින්න ඉඩ දෙන්නෑ., හෙඞ් ලයිට් එක ඩිම් කරන්නෑ., එහෙන් මෙහෙන් පොඞ්ඩක් ගෑවුණත් අපිට ලක්ෂ ගාණක් පාඩු වුණත් ඔය බර වාහන වලට සත පහක ගාණක් නෑ වගේ ඒවා. හැබැයි, ඔයා වුණත් මම වුණත් ටිපර් එකකට බස් එකකට ලොරියකට නැග්ගොත් ටිපර් එක ටිපර් සංස්කෘතියට අවනතව පදවනවා මිසක් ටිපර් එක කාර් එකක් වගේ පදවන්නේ නෑ. ඒ කියන්නේ, අපි ඒ ඒ මොහොතේ ඉන්න භූමිකාව අනුව ඒ ඒ උප සංස්කෘතීන්ට ගැලපෙන විදිහට හැඩය හදා ගන්නවා.

මේ වගේම තව දෙයක් තියනවා. ඒ තමයි අපේ හැසිරීම් අප ජීවත් වන පරිසරයත් එක්ක වෙනස් වීමේ අත්දැකීම. කොළඹ කොටුවේ පේමන්ට් එකේ මුදලාලි කෙනෙක් එක්ක තුන්දාහේ බඩුව තුන්සීයට කේවල් කරන අපි ඊට වඩා වෙනස් වෙළදපොළකදී හැසිරෙන්නේ වෙන විදිහකට. ලංකාවේ පාරවල් වල සී සී කඩ කෙළ ගහපු, කුණු විසි කරපු අපි ඹ්ක්ලන්ඞ් සිට ටොරන්ටෝ දක්වා නේක නේක ගම් දනව් වල දී කිසි අවුලක් නැතිව ඒ ඒ තැනට ගැලපෙන විදිහට හැසිරෙනවා. ඒ වගේම අපි ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා. සහ අපි ඒවා අගය කරනවා. වර්ණනා කරනවා. හෝන් එක උඩ නැගලා කොළඹ වීදි වල නොඉවසිල්ලෙන් වාහන පදවන අපි ටෝකියෝවලදී හරිම ඉවසිලිමත්.

ඒ නිසා, කවුරුහරි මේක සිංගප්පූරුවක් කරලා දෙනකල් හරි ටෝකියෝවක්, ලන්ඩනයක්, වොෂින්ටනයක් කරලා දෙනකල් විරවපට්ටන් ගහලා බලාගෙන ඉ`දලා හරියන්නෑ. ඒ වගේම ඔය කියන නූතන සිටියක් බවට මේ රට පත් කරන්න බැරිවෙලා තියෙන්නේ හෝ එවැනි ඉලක්කයක් සපුරන බවක් පෙන්න නැත්තේ පාලකයින් හෝ නායකයින් විසින් තමන්ගේ යුතුකම් වගකීම් ඉටු නොකළ නිසාම නෙවෙයි. අපි අපේ වගකීමත් හරියට ඉටු කරලා නැති නිසා තමයි එහෙම වුණේ කියන එක අපිට පිළිගන්න සිද්ධ වෙනවා. දැන් බලන්නකෝ ඔය කුණු කතාව. දවල්ට ඔතාගෙන යන බත් එක පොලිතීන්, ඉ`දුල්, කඩදාසි කියන සම්පූර්ණ පැකේජ් එක වෙන වෙනම වීසි කරන්න අපි තාම අසමත්. කන්තෝරුවේ බාල්දි තුනක් තියන නිසා හරි අනිත් අය බලාගෙන ඉන්න නිසා හරි ඒ ඒ විදිහට වෙන් කරලා වීසි කරනවා. ඒත් අවමංකව සහ ස්වේච්ඡුාවෙන් වෙන් කළ යුතුව තියන ගෙදර කුණු කූඬේ තත්ත්වය ඊට වඩා වෙනස්. ලංකාවේ ගොඩක් පොදු වැසිකිළිවල තත්ත්වය ඉතාම ශෝචනීයයි. මූත‍‍්‍රා කිරීමෙන් පසු වතුර ගසන්න කියලා හැරෙන හැරෙන අත බෝර්ඞ් ගැහුවත් අවසන් ප‍‍්‍රතිඵලය ඉතා ශෝක ජනකයි. කොමඞ් එක ඩොලර් දාහයි. ඒ වුණාට මුත‍‍්‍රා කරන්නේ ඒක වටේට. කාර් එක ඩොලර් හැට දාහයි. ඒ වුණාට පාරේ යනගමන් වීදුරුව පාත් කරලා කාපු බීපු දේක අඩුව වීසි වෙන්නේ ඇළකට දොළකට අමුණකට. .

ඉතිං ඒ නිසා, අපි ඉන්නේ අපේ කෑල්ල සම්පූර්ණ කරලා අවසන් කරලා අනිත් කෙනාගේ කෑල්ල කිරීමේ ප‍‍්‍රමාද වීමේ අවුලක නෙවෙයි. ඒ පැත්තේ වගේම අපේ පැත්තෙත් ලොකු අවුලක් තියනවා. හිඩසක් තියනවා. අනිත් අයගේ කොටහා අසම්පූර්ණයි වගේම, අපේ කොටහත් අසම්පූර්ණයි. පාරේදී කඬේදී පොළේදී ඉස්කෝලේදී වැසිකිලියේදී පේන්න තියෙන්නේ ඒක. ඉතිං මොකද්ද උත්තරේ. හැරෙන හැරෙන අතට හෝයියා නොකියා, හැමෝම කරන නිසා දේවල් නොකර කොටින්ම වතුර වගේ නොවී., අපි කල්පනා කරලා වැඩ කරමු. ඒ කියන්නේ අපේ පාර්ට් එක ඉවරයි කියන පොරභාවයෙන් යුතුව අපි ශේප් එකේ පාර අයිනෙන් ගිහිං හරියන්නෑ. අපෙනුත් නොකෙරුණු කෑල්ලක් තාම ඉතිරියි.

 භාරත ප‍්‍රභාෂණ තෙන්නකෝන්

No comments: