Tuesday, October 31, 2017

Proud to be a බ්ලාබ්ලාබ්ලා


අපි කෙළින්ම කාරණේට බහිමුකෝ. ගිය සුමානේ එක පාරටම ආපු රැුල්ල තමයි ප‍්‍රවුඞ් ටු බී ඇන් අහවලියන්, අහවලියන් ආදී වශයෙන් කිසි කිසි ගාලා ෆෙස්බුක් ප්‍රොෆයිල් පික්චර්ස් මාරු වීම. මේක එන්නේ දීර්ඝ කාලයක් පාසල් අරක්ගෙන හිටපු ගුරුවරුන් සම්බන්ධයෙන් පැමිණි ගුරුමාරු වැඩසටහනත් එක්ක. පුද්ගලිකව අපි දන්න සහ අත්විඳපු සත්‍යයක් තමයි සමහර ගුරුවරු පෙන්ෂන් යන්නෙත් පළවෙනි පත්වීමෙන් හෝ පළමු මාරුවෙන් පස්සේ හම්බෙන පාසල් වලින්. හොද වරායක් හම්බුණු ගමං තදට නැංගුරමක් දාගන්නවා. මේක අධ්‍යාපන සේවයට විතරක් අනන්‍ය අවුලක් නෙවෙයි, හැම රජයේ ආයතනයකම වගේ අඩු වැඩි වශයෙන් තියන තත්ත්වයක්. (දැන් ඒක ගැන කතා කරන්න ගියොත් පිට යනවා.) අපි ලයින් එකට එමු. ප‍්‍රවුඞ් ටු බී අ බ්ලා බ්ලා බ්ලා.. ඔය ප‍්‍රවුඞ්නස් රැුල්ල හා බෙදුම්වාදය මේ වෙලාවේ ගොඩනැගිලා තියෙන්නේ පාසල් මත පිහිටලා වුණාට, හෙට උදේ වෙනකොට ඔය ප‍්‍රවුඞ්නස් එක සෙරෙප්පුසපත්තුබේදවාදය, කළිසම්ගවුම්බේදවාදය, පාන්බනිස්බේදවාදය, බස්කෝච්චිබේදවාදය වගේ ඒවා දක්වා සුපුරුදු පරිදි විචලනය වෙනවා.
දැන් ඔය ‘ප‍්‍රවුඞ් ටු බී ඇන් අහවලියන්’ ප‍්‍රවණතාව ගන්නකෝ. අවුරුදු සීයක් විතර, එහෙම නැත්තං හැට හැත්තෑවක් විතර ඒ ඉස්කෝලෙට ගිය එක එක්කෙනා තම තමන්ගේ ජීවිතේ කරපු කියපු දේවල් හරහා පාසල් වෙත විශාල කීර්තියක් ප‍්‍රශංසාවක් පිළිගැනීමක් අත්කරලා දීලා තියනවා. ඇත්තම කතාව නම්, ඔවුන් කීර්තිමත් වෙලා තියෙන්නේ ඒ ඉස්කෝලෙට ගිය නිසාම නෙවෙයි. (ඒ වෙනුවෙන් ඉස්කෝලෙන් යම් දායකත්වයක් නොලැබුණාම කියන්නම බෑ. නමුත්, සියල්ල සිද්ධ වුණේ එනයින්ම නෙවෙයි.* කොහොම වුණත්, මනුස්සයෙක් වැඩකාරයෙක්, පොරක් වුණාම නිරායාසයෙන්ම සිද්ධ වෙන දේ තමයි කොහේ එකෙද්ද, කොහොටද ඉස්කෝලේ ගියේ, මොකද්ද කැම්පස් එක වගේ දේවල් හොයන එක. ඒ වගේම, එක එක්කෙනා උප්පැන්න දීලා අයිතිය සින්නක්කරට ලියාගන්න එක. එහෙම සිද්ධීන් සිය දහස් ගණනක් ඉතිහාසයේ දිර්ඝ කාලයක් තිස්සේ දිගටම සිද්ධ වුණාම ඒ ගම්, පාසල්, විශ්වවිද්‍යාල සාඩම්භරත්වයට පත් වෙනවා. සාඩම්භරත්වයේ බලය තහවුරු කරගන තියනවා.
මේ සංසිද්ධිය සිදුවෙමින් තියනකොට මෙතෙන්ට නිරන්තරයෙන්ම එනවා ‘තේරුමක් නැතුවම ආඩම්භරයි’ සෙට් එකක්. ‘අපි අහවල් ගමේ හින්දා අපිව ගණන් ගනු’, ‘අපි අහවල් පාසලේ නිසා අප පොරවල් සේ පිළිගනු’ ‘අපි අහවල් කොලීජියට ගිය නිසා අසමසම කොට සලකනු’ කැටගරියේ උදවිය. ඒ කියන්නේ ඉතිහාසයේ මුතුන් මිත්තන් විසින් දිනාගත්ත ජයග‍්‍රහණයන් මිස්යූස් කරලා ආඩම්භර වෙන බහුතර කොටස. අපි අත්දැකීමෙන්ම දන්න දේ තමයි බේරෙන්න අමාරුම, අර කියපු ඓතිහාසික වීරත්වයකට හිමිකම් කියන සැබෑ වීරයින්ගෙන් නෙවෙයි, අනුන්ගේ ලකුණු වලින් පම්පෝරි ගහන කයිවාරුකාරයින්ගෙන් බව. ඔය ආකාරයටම, ‘ඌ අපේ ගමේ එකෙක් ඈෑ’, ‘අපේ ඉස්කෝලේ කොල්ලෙක් ඈෑ’, ‘අපේ කැම්පස් එකේ ඈෑ’.. වගේ කෑලි ඉස්සරහට දාගෙන. මේ වැඬේ හරියට පාලම හදපු ඉංජිනේරුවා නිසොල්මනේ බලාගන ඉන්නකොට, ‘මං ඒ පාලමෙන් එකං වෙලා තියන මනුස්සයෙක්’ කියලා කෑ ගහලා, උඩ පැනලා පාලම හදපු ඉංජිනේරුවාටත් වඩා පදිකයෝ ආඩම්බර වෙනවා වගේ වැඩක්. ඒ විතරක් නෙවෙයි සමහර වෙලාවට ‘එයා මගේ යාළුවෙක්’, ‘ඌ පොඩි කාලේ බත් කෑවේ අපිත් එක්ක’ වගේ දේවල් හරහා මානසික ආවරණයක් හදාගන්න වෙහෙසෙන තැන් ඕන තරම්.
මේ ආකාරයට අපි ආඩම්භර වෙන්න අවස්ථාවක් හදාගන්න ගමන්ම අපි අවකාශයක් හදාගන්න ඕනේ, ‘එතකොට උඹ කවුද’, ‘උඹ ඔය කොලීජියේ ප‍්‍රවුඞ්නස් එක වෙනුවෙන් කරපු කෙන්ගෙඩිය මොකද්ද’ කියලා අපෙන්ම ප‍්‍රශ්න කරගන්න. එහෙම අහපුවහම ඇඩ‍්‍රස් නැතුව නිරුත්තර වෙනවානම් සහ අපිට සිද්ධ වෙනවානම් අපේ ශුන්‍යත්වය සහ හිස්බව වහාගන්න තවදුරටත් තවත් යමකින් හෝ කාගෙන්හරි ආවරණයක් හදාගන්න ඒක ලොකු අවුලක්. ඒක පාසලට පමණක් නෙවෙයි ගම, කුලය, ජාතිය, ආගම, රට වගේ දේවල් ආදි සියල්ල සම්බන්ධයෙනුත් වලංගුයි. ඉංග‍්‍රීසි යෙදුමක් තියනවාිඊැ ිදපැදබැ හදම අදමකා ඉැ චරදමා එද නබදඅ’ කියලා. ‘මිනිස්සු ජීවත් වෙන්න ඕනේ තමන් නිසා දේවල් බැබළෙන විදිහට මිසක්, දේවල් නිසා තමන් බැබළෙන්න බලාගෙන නෙවෙයි’ කියලා උදේ හවස මතුරපු ටීචර් කෙනෙක් අපේ ඉස්කෝලේ හිටියා. ‘මම කැමතියි තමන් ජීවත්වෙන තැන ගැන ආඩම්බර වෙන මිනිහෙක් දකින්න. ඒත් ඊටත් වඩා මම කැමති දේ තමයි, ඒ මනුස්සයා ජීවත් වීම නිසා ගමට ආඩම්භරයක් වෙන මිනිහෙක්ව දකින්න’ කියලා ලින්කන් කියන්නෙත් ඒකම තමයි.
මිනිස්සුන්ගේ ඔළුව උඩ තියන සමහර අහේතුක හා නොවටිනා ආඩම්බරකම් හා ඊනියා අභිමානයන් හරියට දිගුකලක් තිස්සේ අහසේ එකම තැනක තියන වළාකුළු වගේ. ඒ වළාකුළු එතන තියන තාක්කල් මහපොළවට එළිය වැටෙන්නෑ. හාත්පස අඳුරුයි. ඉහළ පෙණෙන උපරිමය සීමිත දුරකට සීමා වෙනවා. වළාකුළු අයින් වුණු සැණින් දුර පෙණෙනවා. පොළොව හිරු එළිය වැටෙනවා. බවභෝග හැදිලා, අටුකොටු සරුසාර වෙනවා. තමන් ල`ග තියනවායැයි හෝ තමන්ට උරුමයැයි සිතා සිටින නමුත්, සත්‍ය වශයෙන්ම තමන් සතුව නැති ධනය නැති බලය නැති යසස නැති කීර්තිය ගැන ආඩම්බර වෙන මිනිහෙකුගේ ඒ අඩම්බර වීම, සිගන්නෙකුගේ වස්තුමාන්නයටත් වඩා අන්තයි.
අනෙකා විසින් ගොඩ නැගූ පෞඩත්වය නාටාමිකු සේ කරපින්නාගෙන යාම වෙනුවට, තවත් එකෙකුට ද ආශාවෙන් කරපින්නාගෙන යා හැකි ආඩම්භරයක් නිර්මාණය කරන මිනිහෙක් වෙන්න අධිශ්ඨාන කරගන්න. කරගමු.

Tuesday, October 24, 2017

මීඩියා’ කියපු පමණින්, ගුලිය පිටින් ගිලිමු ද?

මීඩියා.. ඒ කියන්නේ සාම්ප‍්‍රදායික මාධ්‍යයන් සහ නව මාධ්‍ය කියන දෙකම. අද වෙනකොට ලෝකය මෙහෙයවන ප‍්‍රධානතම මෙහෙයුම්කරුවා බවට පත් වෙලා. පිළිගත්තත් නැතත් අපිට මුහුණදෙන්න සිද්ධ වෙන යථාර්ථය තමයි ඒ. ඇත්තටම කියනවා නම් පරණ පොත පතේ සහ කටපාඩම් දේශන වල කිව්වාත් ‘මීඩියා කියන්නේ රටක හතරවෙනි ආණ්ඩුව’ කියලා, අද වෙනකොට තියන සත්‍යය තත්ත්වය තමයි මීඩියා කියන්නේ ගෝලීය ක‍්‍රියාත්මක බලවත්ම ආණ්ඩුව කියන එක. ඒ කියන්නේ ඒ ඒ රටවල ආණ්ඩු වලට හරි වෙනත් මොනවා හරි දේවල් වලට ඒ ඒ රටවල් වල මොන තරම් බලයක් තිබුණත්, ඒවාට ගෝලීයව තියන වලංගුභාවය මීඩියා වලට වඩා අඩුයි කියන එක. මීඩියා අද ඉන්නේ ඒ තරම්ම ප‍්‍රබල තැනක. ලෝකේට යුද්ධයක් ඕනේද එපාද කියන එකේ ඉ`දලා අපි කන්නේ බොන්නේ මොනවද කියන එක දක්වාම ඍජුව හෝ වක්‍‍්‍රව අපිව පාලනය කරන්නේ මීඩියා විසින්.
හැබැයි ප‍්‍රශ්නයක් තියනවා. මේ තරමටම ප‍්‍රබල මීඩියා, පාලනය වෙන්නේ කොහොමද සහ ඒවා අපිට දෙන්නේ මොනවද කියන එක.
මීඩියා සහ ඒවාගේ වැඩ කරන අය සම්පූර්ණයෙන්ම වාගේ පාලනය වෙන්නේ අර්ථපතීන්ගේ අභිලාෂයන් සහ අභිමථාර්ථයන් අනුව. (දැන් කවුරුහරි ඉස්සරහට පැනලා කීවොත් නෑ නෑ එහෙම නෑ කියලා, වීමේ වැඩි හැකියාවක් තියෙන්නේ ඒ කියන කතාව සත්‍යයක් වීමට වඩා ඒ කියන ආයතනය මාධ්‍ය ආයතනයක් නොවීමට ඇති හැකියාව වැඩි වීමයි.* ඒ කියන්නේ ලංකාවේ විතරක් නෙවෙයි, ලෝකේ හැමෝටම සිද්ධ වෙනවා අර්ථපතීත්වයේ හද ගැහෙන රාවයට හුස්ම ගන්න. අර්ථපතීන් වමට කියනකොට වමටත් දකුණට කියනකොට දකුණටත් සිග්නල් දාන්න. ඒක ලෝකය පුරා සිද්ධ වෙන්නේ අද ඊයෙක ඉ`දලා නෙවෙයි. ලෝකේ මීඩියා බිහිවුණු දවසේ ඉදලාම සිද්ධ වෙන්නේ ඒක තමයි.
ඒ කියන්නේ මෙහෙම එකක්. ලෝකේ සිද්ධවෙන ඕනම සිද්ධියක් සම්බන්ධයෙන් මාධ්‍යකාරයෝ ඒ සම්බන්ධයෙන් දකින දේ සහ ඒ සම්බන්ධනේ තමන්ට වාසි කෑල්ල අපේ අතුරුමුහුණත වුණු පත්තරේ හරි ටීවී එක හරි වෙබ් එක හරි වෙනත් මොකක් හරි මාධ්‍යයක් හරි හරහා එළියට දානවා. ඒක මට සහ අපිට අදාලව එක විදිහක්. තව කෙනෙක්ට සාපේක්ෂව තවත් විදිහක්. ඔය න්‍යාය හෝ පොදු ධර්මතාවය ලයික්ස් පහක් හයක් තියන ෆෙස්බුක් පේජ් එකක ඉ`දලා බීබීසී සීඑන්එන් දක්වා ම පොදු එකක්. සීඑන්එන් එක අමරිකානු දේශපාලනය සම්බන්ධයෙන් දක්වන්නේ තමන්ට වාසි විග‍්‍රහයක්. අන්න ඒ නිසයි ට‍්‍රම්ප්ට සීඑන්එන් එකත් සීඑන්එන් එකට ට‍්‍රම්ප්ත් එහෙම පිටින්ම වහකදුරු වෙලා තියෙන්නේ. ලෝකප‍්‍රසිද්ධ මේ රහසේ ඉදලා හැම දේශයකටම හැම දීපයකටම හැම කොදෙව්වකටම මේක සත්‍යයක්.
‘අරකේ මෙහෙම තිබ්බා’, ‘මේකේ මෙහෙම තිබ්බා’ ඒ හින්දා මේක තමයි ඇත්ත වගේ ඒවා දැන් අපේ ආශ්වාසය ප‍්‍රාශ්වාසය තරම්ම අපේ ජීවිතේ කෑලි බවට පත් වෙලා. දීර්ඝ කාලයක් තිස්සේ අපි පුරුද්දක් හැටියට මේ වැඬේ ම කරපු නිසා, දැන් අපි දන්නවා අපිට වාසි නිව්ස් දාන ඒවා, අපිට වාසි දේවල් කරන ඒවා මොනවද කියලා. ඉතිං අපි දැන් දැන් ගුලිය පිටින් ගිලින්න අපි කැමති අපිව තෘප්තිමත් කරන තැනුත් හොයාගන ඉන්නේ. ඒ නිසා, ඕනම එකක් සම්බන්ධයෙන් ඇත්ත හෝ යථාර්ථය හොයනවට වඩා අපි පෙළඹිලා ඉන්නේ අර සයිට් එකේ, මේ පේජ් එකේ මොනවද කියන්නේ කියලා බලන්න. ඇත්ත හෝ නැත්ත, ඉතිං ඊට පස්සේ අපි ඒ නිශ්චිත ප‍්‍රශ්නය සම්බන්ධයෙන් දරන්නේ අර සයිට් එකේ හරි අර පේජ් එකේ හරි මතය. ඒ කියන්නේ ඒවායේ බැක්එන්ඞ් එකේ ඉන්න යම් නිශ්චිත වාසිසහගත අරමුණක් වෙනුවෙන් වැඩ කරමින් ඉන්න ඇඞ්මින්ලාගේ මතය.
මෙහෙමයි. මීඩියා විතරක් නෙවෙයි, ලෝකේ පුරා තියන හැම ගනුදෙනුවකදීම අනෙක් කෙනා උත්සාහ කරන්නේ අපිව අන්දවන්න. අපි කවුරුහරි එක්ක කරන ගනුදෙනුවකදී වුණත් අපි බලන්නේ අපිට වාසි කෑල්ල එළියට දාලා අපේ වාසිය තියාගෙන ඒ ගනුදෙනුව කරන්න. ඉඩමක් විකුණන්න ගිහාම නැති වතුර මවලා පෙන්නනවා. වාහනයක් විකුණන්න ගිහාම මීටරේ ආපස්සට කරකවනවා. අතරමාරුවක් කරගන්න ගිහාම වෙට්ටු දාන වංගු දාන ප‍්‍රමාණය අප‍්‍රමාණයි. දීගයක් දෙන්න ගිහාම කියන දේවල්. ඔව් ඒ ඔක්කෝම කියන කෙනා කියන්නේ තමන්ගේ වාසි කෑල්ල. හැබැයි ඒකෙන් කියවෙන්නේ නෑ ඒ කියන දේ තමයි නිරපේක්ෂ සත්‍යය කියලා. අපි කෙල්ලෙක් දීග දෙන්න යනකොට මනමාලයාට කරන දේම තමයි නිව්ස් එකක් ගහන්න ගිහාම මීඩියා කරන්නෙත්.
දැන් ඉතිං මොකද කරන්නේ.
දැන් මොකද්ද විස`දුම. ඔව්. ඇත්ත දැනගන්න අවශ්‍යයි නම් සහ ඇදගන්න කැමති නැත්නම් එක දෙයයි කරන්න තියෙන්නේ. ඒ තමයි දීගයක් දෙන්න යනකොට හරි කසාදයක් කරගන්න යනකොට හරි කරන උපක්‍‍්‍රම මීඩියා අයිටම්ස් සම්බන්ධයෙන් පවා අපිට කරන්න වෙනවා. ඒ තමයි, ගුලිය පිටින් ගිලින වැඬේ නවත්තන එක.
මේ ගුලිය පිටින් ගිලින්න පුරුදු වීම සහ එසේ කිරීමට ඇබ්බැහි වීම හා කිරීම තුළ මිනිස්සුන්ගේ තිබුණු යමක් සම්බන්ධයෙන් තියන පර්යේෂණාත්මක ගුණයන් සීඝ‍්‍රයෙන් හීන වීගෙන යනවා. මොකක් හරි පේජ් එකක ශෙයාර් වෙලා තිබුණොත් ‘ඉරවල් දෙකක් පායලා’ තියනවා කියලා, ගෙදරින් එළියට බැහැලා අහස දිහා බලලා ඇත්තටම එහෙම එකක් සිද්ධ වෙලාද කියලා බලන්නැති අපි, අර නිව්ස් එක එක ක්ලික් එකකින් ශෙයාර් කරලා ඔව් ඔව් ඉරවල් දෙකක් පායලා තමයි කියලා ඒ වෙනුවෙන් පෙනී ඉන්න තැනකට පවා පත්වෙලායි ඉන්නේ. ලංකාවේ ජනාධිපති වෙන්න විවාහකයෙන් වෙන්න ඕනේ කියන කතාව ඔය ජාතියේ ප‍්‍රසිද්ධ එකක්. ‘ඔව් ඔව් එහෙම තමයි’ කියන කිසිම කෙනෙක් ආණ්ඩුක්‍‍්‍රම ව්‍යවස්ථාවක් හරි ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමට අදාල පනතක් පෙරළලා ඒක ඇත්තද, එහෙම එකක් තියනවාද කියලා බලලා නෑ. අනිත් එක තමයි ‘උප්පැන්නේට බෞද්ධ’ කියන කතාව. හැමෝගෙම ගෙදර පෙට්ටගමේ තියන උප්පැන්නේ අරගෙන ඒකේ එහෙම එකක් තියනවාද කියලා නොබලා, මේ ජනප‍්‍රිය මතය වෙනුවෙන් පෙනී ඉන්නවා. ඉතාම සරලව අතට අරගෙන බලන්න පුළුවන් මේ වගේ දේවල් සම්බන්ධයෙනුත් අපේ හැසිරීම එහෙම එකක් නම් අනිත් ඒවා ගැන කවර කතා ද. නේද.
ඒ නිසා අවසනුවත් යෝජනා කරන්න තියෙන්නේ, ලෝකේ ලොකුම එකේ ඉ`දලා ලෝකේ පොඩිම එක වෙනකල් සියලූම මීඩියා එලියට දාන්නේ තමන්ට ඕන එක. සහ තමන්ට පේන එක. හැබැයි, ගුලිය පිටින් ගිලින්න කළිං, ඇත්ත ඒකද කියලා පොඞ්ඩක් හොයලා බලන එක අපිට අදාල වැඩක්. සහ අපි කළ යුතු වැඩක්.

~ Bharatha Prabhashana Thennakoon