Tuesday, October 10, 2017

“සාරිය ද බුර්කාවකි..”

ගැහැණියක් කොටට ඇන්දොත් ඒක අපිට ටොපික් එකක්. කවුරු හරි වහලා ඇන්දොත්. ඔව්, ඒකත් අපිට ටොපික් එකක්. කවුරු හරි ඇදුම් නැතුව හිටියොත්, අර තරම්ම නැතත් අපිට ඒකත් ටොපික් එකක්. හැබැයි, අනෙකා ගැන වද වෙන තරමට අපි, අපි ගැන වද වෙනවද.
දැන් ඒක පැත්තකින් තියන්න.
ඔබ දන්නවා. ලංකාවේ රාජ්‍ය (සහ ඇතැම් පුද්ගලික) අංශයේ වැඩ කරන වැඩි හරියක් ගැහැණු උදවියට සාරිය (හෝ ඔසරිය) තමයි අනිවාර්ය ඇ`දුම. ඒවා නීති. එහෙම නැත්තං විධානයන් හෝ නියමයන්. සමහරුන්ට අනුව, සාරියක් කියන්නේ ඇ`ගලාගන්න සැලකිය යුතු වෙලාවක් ගතවෙන ඇ`දුමක්. ඒ වගේම, පොඞ්ඩ ඇත්තං බඩ පේන, පිට පේන, දෙතන පෙණෙන ඇ`දුමක්. ඉතිං මේවා වහගන්න නම් කාන්තාවන්ට සිද්ධ වෙනවා ලොකු හැට්ට අදින්න. ඒවා හිරයි. වෙන ඇ`දුමක් ඇන්දහම ඇගට දැනෙන සැනසිල්ල, පහසුව, වෙන්ටිලේෂන් සිස්ටම් එක සම්පූර්ණයෙන්ම පාහේ අවුල් කරන ඇ`දුමක්. බොහෝ කාන්තාවන් ඒ ඇ`දුම අදින්නේ අකමැත්තෙන්.
ඒත් සමහර අයගේ අදහස ඊට වඩා වෙනස්. ඒ කියන්නේ සරිය හෝ ඔසරිය කියන්නේ දෙවියන් විසින් ඇගලූ සළුවක් තරම් සැහැල්ලූයි වගේ එකක්. ඒ කැමැත්ත අකමැත්ත කොච්චරද කියලා තම තමන්ගේ ගෙවල් ඇතුලේ හෘදය සාක්ෂිමය සමීක්ෂණයක් කරන්න පුළුවන්.
දැන් කොහොමහරි මේකෙදි එනවනේ සමහරු කැමතියි සමහරු අකමැතියි කියලා උත්තරයක්. කැමති අය පැත්තකින් තියන්න. එතකොට අකමැති අය. ඔව්. ඒ කියන්නේ ඒ අය තමන්ගේ මුළු දවසක්ම ඇ`දගෙන ඉන්නේ තමන් අකමැති ඇ`දුමක්. රාජකාරීමය වශයෙන් පටවපු ඇ`දුමක්. මේකත් එක්කම එකට බැදෙන කාරණයක් තමයි රැුකියාවේ පහසුව. ඒ කියන්නේ තෘප්තිය තීරණය වෙන කාරණයක්. ඵලදායීතාව කියන්නේ තෘප්තියත් එක්කම බැ`දිච්ච කාරණයක්. ඵලදායීතාව කියන්නේ ජාතියේ ඉදිරි ගමනේ සීඝ‍‍්‍රතාව තීරණය කරන්න සාධකයක්. ආයේ මුලට ආවොත්, පිරිසක් අකමැති ඇ`දුමක් බලෙන් අන්දලා වෙන මොකද්ද ‘අමුතු එකක්’ හදාගන්න ගිහිං අවසානයේ දී ඵලදායීතාව පිළිබද අවුලක් හදාගෙන. ඒක කොයිතරම් දුරට රටට සාධාරණද.
ඒක පැත්තකින් තියලා දැන් අපි බුර්කාව පැත්තට හැරෙමුකෝ. බුර්කාව සම්බන්ධයෙනුත් ඔය වගේම සමීක්ෂණයක් කළොත් එන්නේ ඔය වගේ බෙදුණු උත්තරයක්. ඒකෙදිත් සමහරු කැමතියි සමහරු අකමැතියි. දැන් මේ දෙක එකට කියවන්න. එතකොට, සාරිය කියන්නෙත් එක්තරා විදිහක බුර්කාවක් කියලා තේරෙයි. ඒ වගේම බුර්කාව කියන්නේත් එක්තරා විදිහක සාරියක් කියලා තේරෙයි. තමන්ට කැමති ස්ථානයට සුදුසු ඇ`දුමක් අදින්න තියන අයිතිය මානව නිදහස පිළිබ`ද කතාවක්. ඒක හරියට තමන් කැමති කෑමක් කන්න, තමන් කැමති තැනක යන්න එන්න, තමන් කැමති කෙනෙක් එක්ක විවාහ වෙන්න තියන අයිතිය වගේම එකක්. (ඒකේ සීමාවන් තේරුම් ගැනීමත් වඩා වැදගත්.* රස්සාවට යන්න ‘සාරිය විතරක් ඇ`දපං’ කියන එක හරියට, උඹ විවාහ විය යුත්තේ අහවල් පිරිමි සමග පමණයි කියනවා වගේ එකක්. නිශ්චිත ජාතියකට දාව ඉපදුණු නිසා නිශ්චිත ‘වස්ත‍‍්‍ර විනයකට’ යටත් වීමත් ඛේදවාචකයක්. මේ නිදහස, අයිතිය සීමා කිරිම බුර්කාවෙන් කළත් සාරියෙන් කළත් ජාතියෙන්, ආගමෙන්, කුලයෙන් කළත් ඒක දියුණු සමාජයකට ගැලපෙන්නේ නෑ. බුර්කාවාදය, සාරිවාදය කියන්නෙත් ජාතිවාදය කුලවාදය ආගම්වාදය වගේම අන්තාවදයක්.
මේ කාන්තාවන්ට රිය පැදවීම තහනම් කිරීමේ නියෝගය වගේම සාරිවාදී බුර්කාවාදී නීති ඔක්කෝම වගේ හදන්නේ පිරිමි. සහ මේවා වෙනුවෙන් පෙනී ඉන්නේ වැඩිහරියක් පිරිමි. සාරිය ගැන කතා කරන හැම අවස්ථාවකදීම පවා වැඩියෙන් කතා කරන්නේ ගැහැණු නෙවෙයි. සාරිවාදයට, බුර්කාවාදයට පක්ෂව අදහස් දක්වන බොහෝ දෙනෙක්ගේ ස්ථාවරය තමයි සාරිය (සහ බුර්කාව* කියන්නේ ආරක්ෂාව, ගෞරවය, පිළිගැනීම සහ වැදගත්කම පිළිබද සාධකයක් කියලා. ඒ කියන්නේ සාරියක් (බුර්කාවක්* ඇස් දෙකටවත් දැකලා ලෝකේ අනෙක් රටවල්වල කාන්තාවන්ගේ ආරක්ෂාව, ගෞරවය, පිළිගැනීම සහ වැදගත්කම අංශුමාත‍‍්‍රයක්වත් නැද්ද. ඔවුන් පට්ට අනාරක්ෂිතයිද. ඔවුන් හරිම නොවැදගත්ද. සෑහෙන්න අපිළිවෙලයිද. එහෙම අහනකොට කියන්නේ එනවා අපේ රටේ හැටි කියලා. ඒ කියන්නේ අපේ රට ඒ තරම්ම මුග්ධද. නොදියුණුද. සාරියක් ඇන්දේ නැත්තං ආරක්ෂාවක්, ගෞරවයක්, වැදගත්කමක්, පිළිගැනීමක් දෙන්නේ නැති චාටර් ජාතියක්ද. (එහෙමනම් ඒක වෙනම ලෙහාගන්න උවමනා සමාජ විද්‍යාත්මක ප‍්‍රශ්නයක්. නේද?)
ඒ විතරක් නෙවෙයි. අපි කරන ලස්සනම වැඬේ තමයි අපි අපේ ගෑණුන්ට බලහත්කාරෙන් සාරි අන්දලා ඒක සාධාරණීකරණය කරන්න එකකට එකක් පෑහෙන්නැති ලොජික් දාන අතරවාරයේ (අ`දින්නේ කැමැත්තෙන්ද අකමැත්තෙන්ද කියලාවත් හරියට දන්නේ නැතුව) ‘බුර්කාව ගලවලා විසි කරලා කාන්තා නිදහස තහවුරු කරන්න’ කියලා සටන්පාඨ ලියන එක. ඇත්තටම අපි කළ යුතු වෙන්නේ, අරාබියේ ගැහැණුන්ගේ බුර්කාව ගැලවීම වෙනුවෙන් සටන් කිරීමට වඩා ‘සාරියක් ඇන්ෙ`ද් නැත්තං ඇතුලූ වීම තහනම්’ කියලා ගේට්ටුවේ ගහලා තියන බෝර්ඞ් එක ගලවා ගැනීම වෙනුවෙන් කියන එකයි මගේ අදහස. ‘නීරස ඇදුම් ඇදගෙන වි`දවන්න තරම් ජීවිතේ දීර්ඝ නෑ’ කියලා ඉංග‍‍්‍රීසි ව්‍යවහාරයක් තියනවා. හැබැයි, මේ කෙටි ජීවිතේ පුරාම බොහෝ දෙනා ඉන්නේ මේකට ප‍‍්‍රතිවරුද්ධ භාවිතාවක. අකමැත්තෙන් වුවත් අකමැත්තට කැමති වුණු බොහෝ අයගේ අදහස තමයි මාර්ක්ස් ජැකොබ්ස් කියනවා වගේ ‘ඇ`දුම කියන්නේ තත්ත්වය සහ සුඛෝපභෝගීත්වය පිළිබද සංඛේතයක්ය’ කියන එක. ඈන් ක්ලෙයින් කියන මෝස්තර නිර්මාණශිල්පිනිය කියනවා, ‘ඇ`දුමකට කිසිවක් කළ නොහැකියි. කළ හැක්කේ ඇ`ද සිටින්නාටය’ කියලා. නමුත් අපි... අපි හිතනවා හැම දේම කරන්න පුළුවන් ඇ`දුමටම තමයි කියලා. මෙහෙම කියපු පමණින් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ කියන්නේ මධුසමයේ මැදියම් රැුයේ සැතපෙන්නා වාගේ ඇදුම් අ`දින්න කියලාද කියන්නේ කියලා. එහෙම නැත්නම් එහෙං මෙහෙං එල්ලාගෙන රස්සාවට යන්න කියලාද මේ කියන්නේ කියලා. උවමනාව සහ අවශ්‍යතාවන් තේරුම් ගත්තහම / කරලා දුන්නම, තමන්ට වඩාත් සුදුසු පිළිවලක් ඇති ඇ`දුමක් අදින්න ඕනම කෙනෙකුට පුළුවන් වෙයි. ඒක සාරිය වෙන්නත් පුළුවන්. බුර්කාවක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්තං වෙන එකක් වෙන්නත් පුළුවන්. ඒ මොකක් වුණත් කැමැත්තෙන්, එක`ගත්වයෙන් හා සතුටෙන්.
[ප. ලි. මං මේ කියන්නේ නිදහස පිළිබ`ද කතාවක් මිසක් ‘ටයර් දාලා පුච්චන්න’ තරම් බරපතල කතාවක් නොවන එකක්යැයි මගේ විශ්වාසය බව අවසාන වශයෙන් කියන්නෝනේ. ඒ වගේම මේ ගැන අපි මතවාදීව ‘විතරක්’ සංවාද කරමුයි කියලාත් මම යෝජනා කරනවා.]
 භාරත ප‍‍්‍රභාෂණ තෙන්නකෝන්

No comments: