Tuesday, December 26, 2017

ඉතිං.. ලබන අවුරුද්දේ මොකෝ වෙන්නේ.


දෙදහස් දා හතේ අවුරුද්ද අවසානයි. අපි හැමෝම ලෑස්ති වෙන්නේ දෙදහස් දහඅට අවුරුද්ද පිළිගන්න. ගිය අවුරුද්දේ අත්පත් කර ගන්න බැරි වුණු ජයග‍්‍රහණයන්, සැබෑ කරගන්න බැරි වුණු හීන වගේම ළ`ගා කර ගන්න බැරි වුණු අපේක්ෂාවන් ආදිය ඉදිරියට ගෙන යන ශේෂය හැටියට ලයිස්තුගත කරගෙන අපි තනි තනි පුද්ගලයින් හැටියට අලූත් අවුරුද්ද ප්ලෑන් කරනවා වගේම, රටක් ලෝකයක් හැටියටත්ඒක ඒ විදිහටම සිද්ධ වෙනවා. ඒ අස්සේ ගිය අවුරුද්දේ සිද්ධ වුණු වැරදි අඩුපාඩු ආදිය හදාගෙන දේවල් කළමණාකාරණය කරගෙන අලූත් අවුරුද්ද වෙනුවෙන් අඩිය ගහන එක තමයි අපි හැමෝගෙම බලාපොරොත්තුව.

පුද්ගලයෙක් හැටියටත් රටවල්, ආණ්ඩු, පාලකයෝ හැටියට ගත්තත් ඔය කියන ලයිස්තු අස්සේම තියනවා දුසිම් ගණනින් මේ කපේට සිද්ධ නොවෙන දේවල්. නමුත්, ඒවා අපේක්ෂාවන් සහ බලාපොරොත්තු හැටියට මතක ඇති කාලේ ඉ`දලාම බලාපොරොත්තු අලූත් ලයිස්තුව ඇතුළේ ලියවෙනවා. පුද්ගලයෝ හැටියට ගත්තහාම හො`ද මිනිහෙක් වෙනවා කියන එක., දුම්බොන එක නතර කරනවා කියන එක., අරක්කු බොන එක නතර කරනවා කියන එක වගේ ඒවා. ඒ වගේම තවත් දේවල් කප්පරක්. ආණ්ඩු සහ පාලකයෝ ආදීන් විසින් කියනු ලබන, ලබන අවුරුද්දේ අපි රට සංවර්ධනය කරනවා, දුෂණයට තිත තියනවා, වංචාකාරයින්ට දඩුවම් දෙනවා වගේ කෑලිත් අරිටම දෙවෙනි වෙන්නේ නෑ.

පුද්ගලිකවත් සාමූහිකතවත් ගත්තහම දේවල් සම්බන්ධයෙන් තියන උවමනාව ජනවාරි මුල් සතියේ තියන ගැම්ම දෙවෙනි සතිය වෙනකොටම නැතිවෙලා යනවා. ඊට පස්සේ සුමානයක් හමාරකින් කියන්න පටන් ගන්නවා සිංහල අවුරුද්දෙන් පස්සේ මෙහෙමයි අරෙහෙමයි කියලා. එතනදිත් පුරුදු විදිහටම සතියක් යනකොට පරණ රිද්මයටම වැටෙනවා. ඊට පස්සේ වෙසක් පෝය ටර්නින් පොයින්ට් එකක් කරගන්නවා. ඔහොම ඔහොම පෝයවල් නිවාඩු සති අන්ත ජාතික උත්සව ආදිය පහුකරගෙන ඇවිත් එනවා බජට් එක සහ බජට් එකෙන් පස්සේ කියලා තැනකට. ඔන්න බජට් කතාන්දර එහෙම ඉවර වෙලා ආයේ ද`ඩි ප`ඩි ගහලා කෙළින් වෙනකොට දෙදහස් දහ අට අවුරුද්දෙත් මේ වගේ කාලය උදා වෙනවා. ඒ කියන්නේ අවුරුද්ද ඉවර වෙලා දෙදහස් දහ නවයට සෙට් වෙනවා. ඊට පස්සේ ආයේ මුල ඉ`දං දෙදාස් දහ නවය අවුරුද්දට ගේම් ප්ලෑන් එකක් හදනවා. ඒකටත් අවසානේ අත්වෙන්නේ මේ ඉරණමම තමයි. ඒ අස්සේ පොඩි පොඩි වෙනස්කම් ටිකක්, දියුණුවක් සංවර්ධනයක් නොවෙනවාම නෙවෙයි. හැබැයි, ඒ යථාර්ථය හීනෙට වඩා ගොඩාක් පොඩියි. මන්දගාමීයි. අසලකාරියි.

දැන් ඒ අව්වස්සේ අලූත් අවුරුද්ද පිළිගන්න සිද්ධ වෙලා තියෙන්නේ ඡුන්දෙකුත් එක්ක. ඒක මරු. මාස අටට දහයට ඉංජිනේරුවෝ නිර්දේශ කරපු පාලම් බොක්කු උදේට මුල්ගල තියලා පහුවදාට විවෘත කරනවා. උපාධියක් එහෙම තියන බවක් එක්ක කොහේ හරි ලියාපදිංචි වෙලා ඉන්නවානම් රස්සා වලට ඇප්ලිකේෂන් වෙන්ඩ-මන්ත‍්‍රී ගෙදරටම ඇවිත් දීලා දණ ගහලා වැ`දලත් යනවා. උපාධියක් නැත්තං එයාගේ වියදමින් වුණත් උපාධියක් කරවලා රස්සාවක් දෙන්න ලෑස්තියි. ඒ වගේම තැපෑලෙනුත් නානාප‍්‍රකාර ඒවා එනවා. වෙනදාට මිනී පෙට්ටියට කරගහගන්න මිනිහෙක් නොහිටපු සමහර තැන්වල, දැන් අපේක්ෂකයෝ ටික වට වෙලා කරේ තියා ගත්තාම ලේ ඥාතියෙකුට යුතුකමටවත් පෙට්ටියට අත ගහගන්න තැනක් නෑ. මිනිස්සුන්ට ඇත්ත උවමනාවල් තියනකොට ඇහැක් ඇරලා පැත්ත පළාතක බලන්න නොහිටපු මිනිස්සු, මේ වෙනකොට ගෙවල් ගානේ මකුළුදැල් කඩනවා, පාරවල් වලට පස් දානවා, අතු පාහිනවා, පන්සල් වල තීන්ත ගානවා, ප‍්‍රජා ශාලා අලූත්වැඩියා කරනවා. එක විජ්ජුම්බරයයි. පුප්පගෙන ගස්සගෙන ගිය බවලතුන් දැන් බලවතුන් වෙන්න හිතාගෙන ගෙවල් ගානේ ඇවිදිනවා. කහට එකක්වත් බීපු නැති තැන්වලින් හුණු දුම්කොළ එක්ක විටත් කනවා. හරියට නිකං අපි වෙනම රාජ්‍යයකට යටත් වුණා වගේ හැගීමක් දැනෙන තරමට පුරවැසියාගේ වටිනාකම් වැඩිවෙලා.
ඒ කියන්නේ, අපි දෙදහස් දහඅට පිළිගන්නේම පට්ට දේශපාලනික ව්‍යාජයක් එක්ක. පෙබරවාරි එකොළහෙන් පස්සේ ඔය සියලූ තත්ත්වයන් අංශක එකසිය අසූවක් අනෙක් පැත්තට කැරකෙන හැටි අපිට බලාගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, අවංක එඩිතර පිරිසිදු උගත් බුද්ධිමත් වගේ අ`ග කිළිපොලා යන ලයින් වලින් පළවෙනි පියවර තියන මේ රංචුවෙන් සාතිශය බහුතරයක් රුපියල් පහළොස්දාහේ දීමනාවෙන් ලක්ෂපතියන් කෝටිපතියන් බවට පත්වෙන හැටිත් අපිට ඇස්පනා පිටම බලාගන්න පුළුවන්. ඊට අදාල දැවැන්ත පෙරළිය ආරම්භ වෙන්න නියමිතව තියෙන්නේ මේ අලූත් අවුරුද්දේ තමයි. අනෙක් අතට ගත්තහම දැනට අපි පාලනය වෙමින් ඉන්න අනෙක් යාන්ත‍්‍රණ වල නම් අබමල් රේණුවක් තරම්වත් සාධනීය ධනාත්මක පෙරළියක් වෙයි කියලා හිතන්න තරම් කිසිම සාධාරණ පෙරනිමිත්තක් අපි ඉස්සරහා ඇත්තේම නැති තරම්. ඒ හැමෝම ඉන්නේ එදාවේල ගෙම් එකක.

ඒ ඉතිං මෙහෙමයි. ඒවා දිහා බලාගන හූල්ල හූල්ල ඉදලා වැඩක් නෑ. මේ අලූත් අවුරුද්දේ අපිට වුණත් හැදෙන්න ඕනේනම් කරන්න තියන එකම දේ තමයි පාලකයාගේ පාලිතයා වෙනුවට, පුරවැසියා කියන්නේ පාලකයාගේ හාම්පුතාය කියන වග ඒත්තු ගන්වන එක. ඔව්. මං දන්නවා ඒවා ඉතිං සුන්දර හීනයක් සහ ලස්සන වචන පේළියක් විතරයි. හැබැයි, ඊතලේ පිටේ බැදගෙන දුන්න අතේ තියාගෙන අහස දිහා බලාගෙන බැරිබැරියාවෙන් හූල්ලන තාක්කල් ඉහළ අහසේ පියාඹන කුරුල්ලෙක් දඩයම් කරන්න ලැබෙන්නේ නෑ. දුන්නට ඊතලේ අරගෙන විදලා බලන්න වෙනවා. ඔව්. එක දෙයක්. මේ එළඹෙන අවුරුද්දේ අපි, අපි වෙනුවෙන් බලය පාවිච්චි කරමු. ඒ අපිටත් වඩා අපේ ඊළග පරම්පාරවක දරු මුණුපුරන් වෙනුවෙන්. එහෙම නොවෙන්න, රංචු පිටින් මේ මහපොළව උලාකන එක නවත්තන එක ගොඩාක් අමාරුයි.

(කොටස් හතළිහක් පනහක් වෙච්ච පතරංග ජාතකය මෙච්චර කාලයක් කියවපු හැමෝටම ස්තූතියි. පතරංග ජාතකය මෙතනින් අහවරයි...)

 භාරත ප‍්‍රභාෂණ තෙන්නකෝන්

Tuesday, December 19, 2017

මලූ වෙනුවට බෑග්ස්; අවසානයේදී, ප‍්‍රශ්න වෙනුවට ක‍්‍රයිසිස්...


ඕනම දෙයක් සම්බන්ධයෙන් ඔබත් මමත් අපි හැමෝම හැමදාම කළේ, අනෙක් අය විසින් කළ යුතුව තිබෙන දේ ගැන නිශ්චය කිරීම. තීන්දු කිරීම. මෙහෙම කළ යුතුයි කියලා අණ කිරීම. ඒ බොහෝ වෙලාවට ඒ ඒ වැඬේට අදාලව මගේ පං`ගුව, අපේ පං`ගුව ගැන අදහසක් අපිට නෑ. එහෙම අදහසක් තිබුණත් මොකක් හරි වංගුවක් දාලා අපේ කොටස නොසලකා හැරලා අනෙකාගේ කොටස ගැන උලූප්පලා පෙන්වන එක. අපි වැඩියෙන් කන්සර්න් වෙන්නේ, අනෙකා ඒ පං`ගුව ඉටු නොකිරිම ගැන.
කොහොම වුණත්, ඕනම දෙයක් සම්බන්ධයෙන් අපි හැමෝටම අඩු වැඩි වශයෙන් සමාජ වගකීමක් තියනවා. සමාජ වටිනාකම් නිර්මාණය වෙන්නේ, ඒ ඒ දේ සම්බන්ධයෙන් එකිනෙකාගේ සමාජ වගකීම්වල ඉටු කිරීමේ ප‍්‍රමාණය සහ ගුණාත්මකභාවයත් එක්ක. පොදු වැසිකිලියකට ගිහිං හරියට වතුර ගහන එකේ ඉඳලා, බත් මුල කාලා ඉවර වුණාම ඉඳුල්, කඩදාසි, පොලිතීන් වෙන් කරලා විසි කරන එක දක්වා ඒක වලංගුයි. ඒ විතරක් නෙවෙයි, එතනින් එහා තියන දරුණු, ප‍්‍රචණ්ඩ, ගැඹුරු ඕනම දෙයක් සම්බන්ධයෙනුත් ඒක එහෙමම තමයි.
දැන් ජනවාරි ඉඳලා සීමිත පොලිතීන් වර්ග කීපයක් තහනම් වෙනවනේ. අපි ලෑස්තිද. මං හිතන්නෑ. මමවත් ඔබවත් ඒකට හරියට ලෑස්තියි කියලා මං හිතන්නෑ. කෑම පෙට්ටියක් අරගෙන ගිහිං කාලා ඉවර වෙලා හෝදාගෙන ආයේ ආපහු අරගෙන එනවාට වඩා ඉතාම පහසු දේ තමයි බත්මුලක් බැඳගෙන ෂොපින් බෑග් එකක දාගෙන ඇවිත් කාලා, ඉතිරීය කොහේට හරි විසි කරලා දාලා අත්දෙක වනවනා ගෙදර යන එක. කත් බැඳගෙන වන්දනාවේ යනකොට විදුරු බොත්ලේක වතුර ටිකක් දාගෙ යනවාට වඩා පහසුම වැඬේ තමයි ප්ලාස්ටික් බෝතලේකට වතුර දාගෙන ගිහිං බීලා ඉවර වුණාම කොහේ හරි ක`දු පල්ලමකට හිස් බෝතලේ විසි කරලා දාලා අත්දෙක වනවනා ගෙදර එන එක. ඒ වගේම තමයි අත්දෙක වනවනා කඬේට පොළට මාර්කට් එකට ගිහිං ෂොපින් බෑග් රොත්තක බඩු ටික පුරවාගෙන ගෙදර ඇවිත්, ගේන බඩු ටික ෆ‍්‍රිජ් එකට රාක්කෙට අඩුක් කරාට පස්සේ ඉතුරුවෙන මලූ ටික විසි කරලා දානවා.
ඒක නෙවෙයි. දන්නවද මේ වෙනකොට ලෝකේ කොච්චර පොලිතීන් නිෂ්පාදනය වෙනවාද කියලා. එක අවුරුද්දකදී ටොන් මිලියන් අසූවක් බර පොලිතීන් නිෂ්පාදනය වෙනවා. ඒ ගාණ හරියට මේ වගේ. සාමාන්‍ය අලියෙක්ගේ බර ටොන් පහක් හයක් විතරනේ. ඒ විදිහට ගත්තාම, වාර්ෂික පොලිතීන් නිෂ්පාදනය හරියටම අලි මිලියන පහළොවක් විතර බර ප‍්‍රමාණයක්. ඒ වගේ බරක් මේ මහපොළවට උහුලාගන්න පුළුවන්ද කියන එක දරුණු උභතෝකෝටිකයක්. ලෝකය පුරා අවුරුද්දකදී නිෂ්පාදනය වෙන ෂොපින් බෑග් ප‍්‍රමාණය, ලෝකය හත් පාරක් රුප් කරන්න පුළුවන් තරම් විශාලයිලූ. එවැනි තත්ත්වයකදී මේ පොලිතීන් කතාන්දරය ඉවර වෙන්නේ පෘථිවි ගෝලයේ භ‍්‍රමණ වේගය පවා වෙනස් කරලා කියන එකයි ඊළ`ගට තියන අවධානම. කිසි නිනව්වක් නැතුව පොලිතීන් බැහැර කිරීමේ අවසාන ප‍්‍රතිඵලය වෙන්නේ ලෝකේ තියන ලොකුම පරිසර ගැටළුවක් වෙච්ච කසල ප‍්‍රශ්නේ, ලොකුම හවුල්කාරයා වන පොලිතීන් වෙනුවෙන් අපි දායකත්වයක් දෙන එක.
මිතොටමුල්ලේ ඉ`දලා සිරීපාදේ දක්වා නායයාම් වලට අවසාන වගඋත්තරකාරයා වුණේ පොලිතීන්. වනසතුන් බොහෝමක් මේ පොලිතීන් ආහාරයට ගැනීම නිසා එක්කෝ මැරීලා ගිය අවස්ථාවන් හෝ මාරාන්තික තත්ත්වයට පත් වුණු අවස්ථාවන් ගැන අපි ඕන තරම් අහලා තියනවා. ඒ අපි අහපුවා. ඒ වගේම අපි නොදන්නා සිද්ධි මිලියන් ගාණක් මේ මහපොළවේ තියනවා. පොළවේ විතරක් නෙවෙයි, තොග ගාණට මුහුදට මුදා හරීන පොලිතීන් හරි මයික්‍රො පොලිතීන් හරි මුහුදු ජීවින් ආහාරයට ගැනීමේ ප‍්‍රතිඵලයක් විදිහට මුළු සාගර සත්ව සංහතියම ඉතා ඉක්මනින් සෙත්තපෝව්චි වෙමින් යන්නේ. අපිට නොපෙණුනාට, නිල් කැටේට පේන්න තියන මහසයුරේ අපිට නොපෙණෙ අභ්‍යන්තර කතාන්තදරය මහා ඛේදවාචකයක්.
අපිට නම්, පොලිතීන් කතාන්දරය ඛේදවාචකයක් වුණේ සාම්ප‍්‍රදායික පැවැත්ම සහ පරිණාම සීඝ‍්‍රතාවය විහින් ඉක්මවා ගිහිං අමුවෙන් පොෂ් වෙන්න යාමේ ප‍්‍රතිඵලයක් හැටියට. එහෙම නැත්නම් කම්මැලි කමේ ප‍්‍රතිඵලයක් හැටියට. අපේ සංස්කෘතියේම, පොලිතීන් කියන්නේ බෑග් එකක්. පන් හෝ රෙදි කියන්නේ මලූ. මල්ලක් වෙනුවට බෑග්ස් යූස් කරන්න ගත්ත අපිට ඒකේ ප‍්‍රතිඵලයක් හැටියට ප‍්‍රශ්න වලට එහා ගිය ක‍්‍රයිසිස් වලට ෆේස් කරන්න සිද්ධ වුණා. ඒත්, දැන් කතාන්දරේ ඇවිත් තියෙන්නේ යම් තීරණාත්මක තැනකට. ආණ්ඩුව තීන්දුවක් අරගෙන තියනවා. වැඬේ ටිකක් අමාරුයි තමයි. ඒත්, කයිවාරුවේදී හරි බුකියේදී හරි යුනිකෝර්ඞ් පරිසර හිතකාමියෙක් වෙමින් ඉන්න ගමන්, ඇත්ත ජීවිතේදී ආණ්ඩුවත් එක්ක එරීයස් කවර් කරගන්න හරි, ලේසියට පහසුවට කම්මැලි කමට හරි පරණ පීල්ලටම පණිනවාට වඩා, වඩාත්ම සුදුසු දේ යුනිකෝඞ් ඇටිටියුඞ්ස් ඇත්ත ජීවිතේටත් ඉම්ප්ලිමන්ට් කරගන්න එක.
එන්න, අපි පිළිවෙතින් පෙළගැසෙමු. මේ මහපොළවට, තවත් එක දවසක් හරි වැඩියෙන් ජීවත් විමට ඇති අයිතිය වෙනුවෙන් අපේ පංගුව ඉටු කරමු.
 භාරත ප‍්‍රභාෂණ තෙන්නකෝන්

Tuesday, December 12, 2017

ගේම නම් ගේම..


ඕනම තරගයක ප‍්‍රශස්තභාවය තීන්දු වෙන්නේ අදාල තරගය වෘත්තීය මට්ටමින් පැවැත්වීම සහ ඒ සඳහා වෘත්තීය මට්ටමින් සහභාගී වීම තුළින්. එක්කෙනෙක් පාඩම් කරලා ලියනකොට තව කෙනෙක් කොපි කරලා විභාග ලියන එක වෘත්තීයභාවයෙන් තොරයි. ඒ වගේම යුක්තිසහගත නෑ. මැරතන් එකකදී, එක්කනෙක් දුවන්නත් අනෙක් කෙනා ත‍්‍රීවීල් එකක එල්ලිලා ගිහිං දිනුම් කණුව පෙනි පෙනී බැහැලා දුවන්නත් ඔට්ටු නෑ. එමෙහම නැත්තං ෂෝර්ට්කට් වලින් දාලා වංගු කෙළින් කරන්න ඔට්ටු නෑ. මේ කතාව දාන් ලෑල්ලේ ඉඳලා දේශපාලනේ හරහා ඕනම දෙයක් දක්වාම ඔට්ටුයි. යුද්ධෙකදී වුණත් ඩිසිප්ලීන් එකක් තියෙන්න ඕනේ. ඒ හැම දේකම මිනිමම් සහ මැක්සිමම් ලිමිට්ස් තියනවා. ඒ විනය හැඩගැහිලා තියෙන්නේම ගේම් එක, ගේම් එකක් හැටියට ප්ලේ වෙන්න අවස්ථාව දෙන්න. ඒ කියන්නේ වෘත්තීයභාවය ආරක්ෂා කරන්න.
හැබැයි, කවුරු කොහොම කීවත් හැම ගේම් එකකම ඉන්නවා මේ ඩිසිප්ලීන් එක කඩන තක්කඩි. ඒ තක්කඩිකම් සිද්ධ වෙන්නේ බැලූ බැල්මටම පවා අයුක්තිසහගත බවක් පෙන්නම් කරන විදිහට පමණක් නෙවෙයි. තක්කඩිකම් වලටත් තියනවා විවිධ මුහුණුවර. දාන් ලෑල්ලේ ඉත්තෝ හොරාට එළියට පන්නන එකේ ඉඳලා ගීත ගායනා කරන රියලිටි වැඩසටහන් ආදිය හරහා ලෝක සංග‍්‍රාම දක්වාම මේ තක්කඩිකම් සිද්ධ වෙමින් තියනවා. ඒ කියන්නේ ගේම් එක ප්‍රොෆෙෂනල් සීමාවන්ගෙන් එළියට පන්නනවා.
සිම්පති වෝට්. මොකක් හරි දුක්ජනක සිද්ධියක් ප‍්‍රවර්ධනය කරලා ඒ හරහා දැවැන්ත අනුකම්පාවක් දිනාගෙන, කුසලතාව, හැකියාව හෝ දක්ෂතාව ඇගයීම වෙනුවට, ‘අනේ පව්’ කියන තැනට ජනමනස හදලා උපයාගන්නා මනාපයන් තුළින් තරග ජයගන්නා අය. මේ සිම්පති මාර්කටින් එක ගැහැණු පිරිමි භේදයක් නැතුව කඬේ පොළේ වෙලේ ඉඳලා හැම තැනම වෙමින් තියනවා. දැන් ගන්නකෝ දේශපාලනේ. අම්මාගේ තාත්තගේ ස්වාමියාගේ බිරිඳගේ මරණ ප‍්‍රවර්ධනය කරගෙන, ඒ නිසාම රාජතාන්ත‍්‍රිකයෝ, දක්ෂයෝ පරාජය කරගෙන ඉහළට ඇවිත් තානාන්තර දිනාගත්ත දේශපාලනඥයෝ නම් කීයක් ඉන්නවාද. මිනිස්සු ඒ කියන්නේ අපි, එයාලට ඡුන්දේ දීලා තියෙන්නේ දුක තුනී කරගන්න කªළු පිහගන්න තමන්ගේ ලේන්සුව දෙනවා කියන හැ`ගීමෙන් මිසක්., රටක් ජාතියක් අනාගතයක් වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් මිනිහෙක් වෙනුවෙන් කතිරයක් ගහනවා කියන හැ`ගීමේ ඉඳලා නෙවෙයි. ඉතිං ඒ දුක තුනී වෙලා ගිහාම ඒ අය නෝමලයිස් වෙනවා. ඒ බහුතරයක් පරණ විදිහටම වැඩ. කªළු වලින් වැහිලා තිබුණු යථාර්ථය සහ පෙරපුරු¥ මතුවෙන්න ගන්නවා. පුතාලා පාරවල් වල මිනීමරාගන්නවා, දියණිවරුත් එහෙමයි. බිරින්ඳෑවරුත්. ඉතිං. අපිට මොකද්ද වෙන්නේ. ‘තාත්තාගේ මිනිය විකුණලා ඡුන්දේ අරං දැන් නටනවා’ කියලා බණිනවා. ‘මිනිහාගේ මරණේ විකුණලා දිනාගත්තා. දැන් වෙන මිනිස්සු එක්ක නටනවා’ කියලා බණිනවා. ඇත්ත කතාව ඒක නෙවෙයිනේ. දුකට පත්වුණු කෙනාට දුක තුනී වෙනකල් අ`ඩන්න ඉඩ දෙනවා වෙනුවට දුක තුනී කරන්න හිතාගෙන නම් ලයිස්තු වලට දාලා තොග ගාණට කතිර ගැහුවේ කවුද. අපිම නොවේද. (දැන් ඉතිං නාමලේඛනය තම තම නැණ පමණ පුරවාගන්න.)
ඒක පැත්තකින් තියන්නකෝ. පරක්කුවෙලා ඔෆිස් එකට ගිහිං බැණුමෙන් බේරෙන්න ඇක්සිඩන්ට් එකක් වුණා කියනවා වගේ, එක දවසක් ඉස්කෝලේ නොගිහිං ආච්චි මැරුණා කියනවා වගේම හැම තැනකටම මේ අනුකම්පාවෙන් ජයගැනීම ස්ප්‍රෙඞ් වෙලා. ඊයේ පෙරේදා තිබුණු රියලිටි ෂෝ එකකදී කාන්තාවක් වේදිකාවේ අ`ඩනවා මං බලාගෙන. එයාට එයාගේ මියගිය නංගි මතක් වුණාද මොකද්ද කියලා. සහමුලින්ම තක්කඩිකමක්. ඒ ඇයි. ඈ වුණත් ඒ තක්කඩි ක‍්‍රියාවට පෙළඹෙන්නේ, මහපොළවේ ජනමනස හොඳින්ම හ`දුනන නිසා. සිංදුව අවුට් සිං කළාත්, වචන වැරුද්දුවත්, නිර්මාණාත්මක නොවුණත් ඓතිහාසික සාක්ෂි අනුවම ඈ වුණත් දැනගෙන හිටියා ඒ සියලූ දෝෂ කªළු බිංදු කීපයකින් මකලා දාන්න පුළුවන් කියලා. ඈ පමණක් නෙවෙයි. සමරවිට ඒ නාලිකා පවා දන්නවා සූසූ ගාලා එස්එම්එස් ගන්නවානම් ක‍්‍රමය ඒක තමයි කියලා. ඒ නිසායි ඒ වගේ දේවල් වලට හැම වෙලාවෙම ඉහළ ප‍්‍රසිද්ධියක් දෙන්නේ. නමුත්, ඒ වැඬේ තක්කඩි වෙන්නේ, ගේම් එක ෆෙයා ප්ලෙයින් වලින් මුදවාගෙන වෙන පැත්තකට හරවලා ඒකේ වාසිය ගන්න උත්සාහ කිරිම නිසා. ඉතිහාසය පුරාම ඒ උපක‍්‍රමික භාවිතයේ සාර්ථකත්වය හැම ක්ෂේත‍්‍රයකදීම වගේ අත්දැකපු පසුබිමක එහෙම දේකට පෙළඹෙන එකේ වරදක් නෑ.
නමුත් අනෙක් පැත්තත් මෙහෙමයි., කවුරුහරි කෙනෙක් තක්කඩිකම් වලින් මිදිලා ෆෙයා ප්ලේ වලින් ගේම් එකක් දිනන්න හිතනවානම් මුලින්ම කරන්න ඕන දේ තමයි ඕනම වෙලාවක අසාධාරණ නමුත් පරාජයක් භාරගන්න සූදානම් වෙන එක. ඒ රිස්ක් එක ගන්නෝනේ. ආසීන් වෙන්ගර් කියනවා, ‘ෆෙයා ප්ලේ කියන්නේ ඉංග‍්‍රීසියෙන් පටන් අරගෙන ප‍්‍රංශභාෂාවේ සිට පෙරදිගටත් අපරදිගටත් විසිරුණු වචනයක් පමණක් මිසක්, ඒ අර්ථය ගෙන දෙන ක‍්‍රියාවලියක් ලෝකයේ කොහේවත් නැහැ’ කියලා. ඡුන්දෙකදී ටකරං, පුටු මේස එක්සයිස් පොත් සිල් රෙදි බෙදිල්ලේ ඉඳලා මැච් එක දිනන්න බැරි වෙනකොට පිට්ටනියට බෝතල් ගහන එක දක්වා මේක වලංගු වෙලා තියෙන්නේ මේ නිසාමයි.
දැන් ඉස්සරහට ඡුන්දයක් එහෙමත් එනවනේ. ඒ කියන්නේ ඔය ජාතියේ අපේක්ෂකයෝ තොග ගාණට අපේ ඉස්සරහට එන කාලේ. ඒ නිසාම හො`දට මතකතියාගන්න. අ`ඩන කෙනෙක් නළවන්න. ඒ ප‍්‍රමාණවත්. හො`ද මනුස්සයෙක්ව අගය කරන්න. ඒ ප‍්‍රමාණවත්. ත්‍යාගශීලී කෙනෙකුට ස්තූතිවන්ත වෙන්න. ඒ ප‍්‍රමාණවත්. නමුත්, ඔබේ ඡුන්දය දිය යුත්තේ ඔබවත් මාවත් පාලනය කරන්න ගැලපෙන, ඊට ප‍්‍රමාණවත් හැකියාවක් කුසලතාවක් තියන මනුස්සයෙකුට.
 භාරත ප‍්‍රභාෂණ තෙන්නකෝන්

Tuesday, December 5, 2017

කෝලි වගේ වෙන්න...



වීරයින් හා ‘පොරවල්’ නිර්මාණය වන්නේ නිරපේක්ෂ දක්ෂතා තුළින්. කෙනෙක් හෝ දෙයක් ගැන කියනකොට, ඒ දේ ගැන පැහැදිළි කරන්න වෙනත් උපකාරකයක් අවශ්‍ය වෙනවානම් ඒ පොරත්වය නිර්මාණය වෙන්නේ කාටහරි සාපේක්ෂව. සැබැ`දිව. සමහර දේවල් ඒ විදිහට සංසන්දනය කරන්න පුළුවන්. සාපේක්ෂව හෝ සබැ`දියාවක් සහිතව විරත්වයක් නිර්මාණය කරන්න පුළුවන්. ඒත්, සමහර දේවල් සංසන්දනය කරන්න උත්සාහ කිරිමම නිරපරාද වෙහෙසක්. සහ අසාධාරණයක්.
විරාත් කෝලි. ඔව් ඔව්. අර පිට්ටනිය ඇතුළේ මාර ගැම්මෙන් ඉන්න අපි ගොඩාක් දෙනෙකුට පෙන්නන්න බැරි පණ්ඩිත ඉන්දියන්කාරයා තමයි. විරාත් ටෙස්ට් ගහන්න පටන් ගත්තේ අවුරුදු හයකට විතර කළිං. විරාත් අද වෙනකොට ගත කරලා තියන කාලයත් එක්ක සංසන්දනය කළාම ටෙස්ට් පිටියේදී දෙවෙනි වෙන්නේ බ‍්‍රැඞ්මන්ට පමණයි. හැබැයි බ‍්‍රැඞ්මන් ක‍්‍රිකට් ගහපු විසිවෙනි සියවසේ මුල් අර්ධයත් එක්ක ගත්තහම විරාත් ක‍්‍රිකට් ගහන මේ යුගය කිසිසේත්ම සංසන්දනය කරන්න අමාරුයි. තාක්ෂණය, බ‍්‍රැඞ්මන් වගේ ලෙජන්ඞ් එකක් හමුවේ විනිසුරන්ගේ තීරණ වගේ දේවල් ගොඩක් එක්ක ගත්තහම බ‍්‍රැඞ්මන්ට තිබුණු බිම් වාසිවලින් භාගයක්වත් කෝලිට නෑ. අද වෙනකොට කැමරා සිය ගාණක්, අන්තිම දශමෙටම තීන්දුවක් දෙන්න පුළුවන් තාක්ෂණයක්, විනිසුරන්ගේ තීරණයක් වුණත් ආපහු කැ`දවන්න පුළුවන් නීති පද්ධතියක් වගේ බොහෝ දේ අලූත් වෙලා. එක්දින පිටියට බැස්සහමත් කෝලි ඉන්නේ කීප දෙනෙකුට විතරක් පස්සෙන්. ඒ බොහෝ දෙනා කෝලිගේ ලෙවල් එකේ දී කෝලිට වඩා පස්සෙන් හිටපු අය. එතනින් එහාටත් එතනින් මෙහාටත් මොන ලයිස්තුවේ කෝලිව ප්ලේස් කළාත්, ඔහු ඉන්නේ එක්කෝ මුල තැන. එහෙම නැත්නම් මුල් හරියේ තැනක. කෝලි ක‍්‍රිකට් වලින් සමුගන්න දවසට, අපිට හරියටම බලාගන්න පුළුවන් කෝලි නවතින්නේ කොතනද කියලා. ඒ ගැන අනාවැකි කියන්න පෙරයීම් කරන්න තාම කල් වැඩියි.
කෝලි පොරක් වුණේ කොහොමද. ඔව්. කෝලිගේ පොරත්වයට වාසනාව වගේම තවත් දේවල් බලපෑවා. දිල්ලියේ ඉපදිලා දිල්ලියේ ක‍්‍රිකට් ගහපු නිසා, ජාතික කණ්ඩායමට රිංගාගන්න චාන්ස් එකක් තියෙන්න ඇති. ඒ බිම් වාසියේ කේරලේ හරි කර්නාටකවල හරි ඉන්න කොල්ලෙකුට වඩා කෝලිට තිබුණා. හරියට අපේ හම්බන්තොටින් අම්පාරෙන් පුත්තලමෙන් යාපනෙන් ටිම් එකට එනවාට වඩා කොළඹින් ටිම් එකට එන්න පහසුයි කියන යථාර්ථය වගේ එකක්. මිලියන් ගාණක් මිනිස්සු අතරින් ලක්ෂ ගාණක් ක‍්‍රිකට් සෙල්ලම් කරන කොල්ලෝ අතරින් අන්තිම එකොළොස් දෙනා අතරට ආපු කෝලි, අදටත් ටීම් එකේ ඉන්නේ කොහොමද. ඒ, තාත්තා නිසාවත් ඉස්කෝලේ නිසාවත්, ක්ලබ් එක නිසාවත් නෙවෙයි. කොටින්ම කීවොත් අද මේ මොහොතේ ඉන්දියාවේ හමුදාපතිලා තුන්දෙනාම අයින් කරලා අලූත් තුන්දෙනෙක් දැම්මාත්, මෝඩිව අයින් කරලා වෙන අගමැතිකෙනෙක් දැම්මාත් කෝලිව ටීම් එකෙන් අයින් කරන්න ඉන්දියාවේ ජනාධිපතිටවත් බෑ. කෝලි අද ටිම් එකේ රැු`දිලා ඉන්නේ, කෝලි නිසා.
තමන්ගේ වයසේ අනිත් කොල්ලෝ ? එළිවෙනකල් නයිට් ක්ලබ්වල ආතල් ගන්නකොට, කෝලි දුක් මහන්සියෙන් ප‍්‍රැක්ටිස් කරනවා. කෝලිගේ තරමේ පෝසතුන් ලෝකේ වටේ සවාරි යනකොට කෝලි දුක් මහන්සියෙන් ප‍්‍රැක්ටිස් කරනවා. කෝලිගේ වයසේ අනිත් කොල්ලෝ කෙල්ලෝ හිතේ හැටියට බොනකොට, කැමති කැමති දේවල් කනකොට කෝලි ඒ හැම දේම පාලනය කරගෙන ප‍්‍රැක්ටිස් කරනවා. ? දවල් නොබලා, දුක් මහන්සිය පැත්තකින් තියලා, කැපකිරිම් ගොඩාක් එක්ක කෝලි වැඩ කරනවා. පාරවල්වල, ක‍්‍රීඩාංගනවල, ගෙදර මිදුලේ, ඉස්කෝල පංතියේ පමණක් නෙවෙයි, කාමරේ නෙට් එක එල්ල කොක්කෙත් බෝලයක් එල්ලාගෙන ඔහු ප‍්‍රැක්ටිස් කරපු බව කියනවා. සමහර වෙලාවට ‘ජිම් එකේ අයියාට’, ජිම් එක වහන්න උවමනා වුණාම, කෝලිව එලවාගන්න සිද්ධ වෙලා තියනවා.
ඒ විතරක් නෙවෙයි. කෝලි කියනවා, ‘ක‍්‍රිකට් නිසා, මට මගේ තාත්තාගේ මළගෙදරට එන්නත් පරක්කු වුණා’ කියලා.
කස්ත්‍රෝගේ ලියවිල්ලක තියනවා, ඔබ නියම විප්ලවකරුවෙක් නම් චේ වගේ වෙන්න කියලා. ඒ වගේම, අපේ ජීවිත විප්ලවේට අදාලව වඩාත් සාර්ථකම තෝරා ගැනීම තමයි කෝලි වගේ වෙන එක. (කෝලි කියන්නේ සංඛේතයක්.* ඕවර් තුන්සීයක් ෆීල්ඞ් කළාත්, කෝලි ඉන්නේ ගැම්මෙන්. මැච් එක අතෑරලා දාලා පැත්කට වෙලා නියපොතු කකා, කරගැට කඩකඩා වාත වෙන දර්ශන ඇත්තේම නැති තරම්. තිබුණත් ඉතාම අඩුයි. තමන් විතරක් නෙවෙයි, අනෙක් හැමෝමත් උද්යෝගයෙන් සහ අවදියෙන් තියාගෙන ඉන්න කෝලි දක්ෂයෙක්. සැබෑ නායකයෙක් කියන්නේ, මැච් එක පැරදුණත් මං අච්චරක් ගැහුවා මං මෙච්චරක් ගැහුවා කියලා තමන්ගේ තැන පමණක් කොන්ක‍්‍රීට් කරගන්න මිනිහෙක් නෙවෙයි. තමන් ගහනවා වගේම, කතා කරලා දිරිගන්වලා අනිත් අය ලව්වා ගස්සාගන්නවා. ඔහු මැච් එකක් අතඅරින්නේ, නියත වශයෙන්ම පරාජය වූ බව දැනගත්තාට පස්සේ විතරයි. ඒ වෙලාවට දහඩියට වඩා කදුළු පිට කරනවා. ඒ කදුළු අතරින් එන ලැඡ්ජාව හැමදාම කෝලි පන්නරයක් කරගත්තා. වාර්තා ටික කඩදාසියකට අරගෙන බැලූවත් ඒක ඉතාම සරලව තේරුම් ගන්න පුළුවන්.
සන්ෙඡ් මන්ජරේකාර් කෝලි ගැන කියන්නේ, ‘කෝලි කියන්නේ පරාජයන් තුළ ඇති පන්නරයටත් වෙහෙසවිම්වල ඇති ප‍්‍රතිඵලවලටත් තියන කදිම උදාහරණයක්’ කියලා. මම මේ කතාව කෝලිගෙන්ම අවසන් කරනවා. ‘හැම තරගයකම හැම මොහොතක්ම කියන්නේ පීඩනයක්. ඉතිං මම කැමතියි පීඩනය යටතේ ක‍්‍රීඩා කරන්න. යම් වෙලාවක මට පීඩනයක් දැනෙන්නේ නැත්නම්, ඒ කියන්නේ මම ඒ මොහොතේ ඒ ගේම් එකේ නෑ කියන එක.’ කෝලි වගේ වෙන්න. කවුරුත් දේවල් අපිව හොයාගෙන ළගට ගෙනල්ලා දෙන්නේ නෑ. අපිට කතා කරලා අතට දෙන්නේ නෑ. ජීවිතේ ප්‍රෙෂර් එක ඇගට ගන්න. මහන්සි වෙලා වැඩ කරන්නෝනේ. ඊට පස්සේ ටික ටික සාර්ථකත්වය දක්වා මැනේඡ් කරගන්න පුළුවන්.