Tuesday, December 12, 2017

ගේම නම් ගේම..


ඕනම තරගයක ප‍්‍රශස්තභාවය තීන්දු වෙන්නේ අදාල තරගය වෘත්තීය මට්ටමින් පැවැත්වීම සහ ඒ සඳහා වෘත්තීය මට්ටමින් සහභාගී වීම තුළින්. එක්කෙනෙක් පාඩම් කරලා ලියනකොට තව කෙනෙක් කොපි කරලා විභාග ලියන එක වෘත්තීයභාවයෙන් තොරයි. ඒ වගේම යුක්තිසහගත නෑ. මැරතන් එකකදී, එක්කනෙක් දුවන්නත් අනෙක් කෙනා ත‍්‍රීවීල් එකක එල්ලිලා ගිහිං දිනුම් කණුව පෙනි පෙනී බැහැලා දුවන්නත් ඔට්ටු නෑ. එමෙහම නැත්තං ෂෝර්ට්කට් වලින් දාලා වංගු කෙළින් කරන්න ඔට්ටු නෑ. මේ කතාව දාන් ලෑල්ලේ ඉඳලා දේශපාලනේ හරහා ඕනම දෙයක් දක්වාම ඔට්ටුයි. යුද්ධෙකදී වුණත් ඩිසිප්ලීන් එකක් තියෙන්න ඕනේ. ඒ හැම දේකම මිනිමම් සහ මැක්සිමම් ලිමිට්ස් තියනවා. ඒ විනය හැඩගැහිලා තියෙන්නේම ගේම් එක, ගේම් එකක් හැටියට ප්ලේ වෙන්න අවස්ථාව දෙන්න. ඒ කියන්නේ වෘත්තීයභාවය ආරක්ෂා කරන්න.
හැබැයි, කවුරු කොහොම කීවත් හැම ගේම් එකකම ඉන්නවා මේ ඩිසිප්ලීන් එක කඩන තක්කඩි. ඒ තක්කඩිකම් සිද්ධ වෙන්නේ බැලූ බැල්මටම පවා අයුක්තිසහගත බවක් පෙන්නම් කරන විදිහට පමණක් නෙවෙයි. තක්කඩිකම් වලටත් තියනවා විවිධ මුහුණුවර. දාන් ලෑල්ලේ ඉත්තෝ හොරාට එළියට පන්නන එකේ ඉඳලා ගීත ගායනා කරන රියලිටි වැඩසටහන් ආදිය හරහා ලෝක සංග‍්‍රාම දක්වාම මේ තක්කඩිකම් සිද්ධ වෙමින් තියනවා. ඒ කියන්නේ ගේම් එක ප්‍රොෆෙෂනල් සීමාවන්ගෙන් එළියට පන්නනවා.
සිම්පති වෝට්. මොකක් හරි දුක්ජනක සිද්ධියක් ප‍්‍රවර්ධනය කරලා ඒ හරහා දැවැන්ත අනුකම්පාවක් දිනාගෙන, කුසලතාව, හැකියාව හෝ දක්ෂතාව ඇගයීම වෙනුවට, ‘අනේ පව්’ කියන තැනට ජනමනස හදලා උපයාගන්නා මනාපයන් තුළින් තරග ජයගන්නා අය. මේ සිම්පති මාර්කටින් එක ගැහැණු පිරිමි භේදයක් නැතුව කඬේ පොළේ වෙලේ ඉඳලා හැම තැනම වෙමින් තියනවා. දැන් ගන්නකෝ දේශපාලනේ. අම්මාගේ තාත්තගේ ස්වාමියාගේ බිරිඳගේ මරණ ප‍්‍රවර්ධනය කරගෙන, ඒ නිසාම රාජතාන්ත‍්‍රිකයෝ, දක්ෂයෝ පරාජය කරගෙන ඉහළට ඇවිත් තානාන්තර දිනාගත්ත දේශපාලනඥයෝ නම් කීයක් ඉන්නවාද. මිනිස්සු ඒ කියන්නේ අපි, එයාලට ඡුන්දේ දීලා තියෙන්නේ දුක තුනී කරගන්න කªළු පිහගන්න තමන්ගේ ලේන්සුව දෙනවා කියන හැ`ගීමෙන් මිසක්., රටක් ජාතියක් අනාගතයක් වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් මිනිහෙක් වෙනුවෙන් කතිරයක් ගහනවා කියන හැ`ගීමේ ඉඳලා නෙවෙයි. ඉතිං ඒ දුක තුනී වෙලා ගිහාම ඒ අය නෝමලයිස් වෙනවා. ඒ බහුතරයක් පරණ විදිහටම වැඩ. කªළු වලින් වැහිලා තිබුණු යථාර්ථය සහ පෙරපුරු¥ මතුවෙන්න ගන්නවා. පුතාලා පාරවල් වල මිනීමරාගන්නවා, දියණිවරුත් එහෙමයි. බිරින්ඳෑවරුත්. ඉතිං. අපිට මොකද්ද වෙන්නේ. ‘තාත්තාගේ මිනිය විකුණලා ඡුන්දේ අරං දැන් නටනවා’ කියලා බණිනවා. ‘මිනිහාගේ මරණේ විකුණලා දිනාගත්තා. දැන් වෙන මිනිස්සු එක්ක නටනවා’ කියලා බණිනවා. ඇත්ත කතාව ඒක නෙවෙයිනේ. දුකට පත්වුණු කෙනාට දුක තුනී වෙනකල් අ`ඩන්න ඉඩ දෙනවා වෙනුවට දුක තුනී කරන්න හිතාගෙන නම් ලයිස්තු වලට දාලා තොග ගාණට කතිර ගැහුවේ කවුද. අපිම නොවේද. (දැන් ඉතිං නාමලේඛනය තම තම නැණ පමණ පුරවාගන්න.)
ඒක පැත්තකින් තියන්නකෝ. පරක්කුවෙලා ඔෆිස් එකට ගිහිං බැණුමෙන් බේරෙන්න ඇක්සිඩන්ට් එකක් වුණා කියනවා වගේ, එක දවසක් ඉස්කෝලේ නොගිහිං ආච්චි මැරුණා කියනවා වගේම හැම තැනකටම මේ අනුකම්පාවෙන් ජයගැනීම ස්ප්‍රෙඞ් වෙලා. ඊයේ පෙරේදා තිබුණු රියලිටි ෂෝ එකකදී කාන්තාවක් වේදිකාවේ අ`ඩනවා මං බලාගෙන. එයාට එයාගේ මියගිය නංගි මතක් වුණාද මොකද්ද කියලා. සහමුලින්ම තක්කඩිකමක්. ඒ ඇයි. ඈ වුණත් ඒ තක්කඩි ක‍්‍රියාවට පෙළඹෙන්නේ, මහපොළවේ ජනමනස හොඳින්ම හ`දුනන නිසා. සිංදුව අවුට් සිං කළාත්, වචන වැරුද්දුවත්, නිර්මාණාත්මක නොවුණත් ඓතිහාසික සාක්ෂි අනුවම ඈ වුණත් දැනගෙන හිටියා ඒ සියලූ දෝෂ කªළු බිංදු කීපයකින් මකලා දාන්න පුළුවන් කියලා. ඈ පමණක් නෙවෙයි. සමරවිට ඒ නාලිකා පවා දන්නවා සූසූ ගාලා එස්එම්එස් ගන්නවානම් ක‍්‍රමය ඒක තමයි කියලා. ඒ නිසායි ඒ වගේ දේවල් වලට හැම වෙලාවෙම ඉහළ ප‍්‍රසිද්ධියක් දෙන්නේ. නමුත්, ඒ වැඬේ තක්කඩි වෙන්නේ, ගේම් එක ෆෙයා ප්ලෙයින් වලින් මුදවාගෙන වෙන පැත්තකට හරවලා ඒකේ වාසිය ගන්න උත්සාහ කිරිම නිසා. ඉතිහාසය පුරාම ඒ උපක‍්‍රමික භාවිතයේ සාර්ථකත්වය හැම ක්ෂේත‍්‍රයකදීම වගේ අත්දැකපු පසුබිමක එහෙම දේකට පෙළඹෙන එකේ වරදක් නෑ.
නමුත් අනෙක් පැත්තත් මෙහෙමයි., කවුරුහරි කෙනෙක් තක්කඩිකම් වලින් මිදිලා ෆෙයා ප්ලේ වලින් ගේම් එකක් දිනන්න හිතනවානම් මුලින්ම කරන්න ඕන දේ තමයි ඕනම වෙලාවක අසාධාරණ නමුත් පරාජයක් භාරගන්න සූදානම් වෙන එක. ඒ රිස්ක් එක ගන්නෝනේ. ආසීන් වෙන්ගර් කියනවා, ‘ෆෙයා ප්ලේ කියන්නේ ඉංග‍්‍රීසියෙන් පටන් අරගෙන ප‍්‍රංශභාෂාවේ සිට පෙරදිගටත් අපරදිගටත් විසිරුණු වචනයක් පමණක් මිසක්, ඒ අර්ථය ගෙන දෙන ක‍්‍රියාවලියක් ලෝකයේ කොහේවත් නැහැ’ කියලා. ඡුන්දෙකදී ටකරං, පුටු මේස එක්සයිස් පොත් සිල් රෙදි බෙදිල්ලේ ඉඳලා මැච් එක දිනන්න බැරි වෙනකොට පිට්ටනියට බෝතල් ගහන එක දක්වා මේක වලංගු වෙලා තියෙන්නේ මේ නිසාමයි.
දැන් ඉස්සරහට ඡුන්දයක් එහෙමත් එනවනේ. ඒ කියන්නේ ඔය ජාතියේ අපේක්ෂකයෝ තොග ගාණට අපේ ඉස්සරහට එන කාලේ. ඒ නිසාම හො`දට මතකතියාගන්න. අ`ඩන කෙනෙක් නළවන්න. ඒ ප‍්‍රමාණවත්. හො`ද මනුස්සයෙක්ව අගය කරන්න. ඒ ප‍්‍රමාණවත්. ත්‍යාගශීලී කෙනෙකුට ස්තූතිවන්ත වෙන්න. ඒ ප‍්‍රමාණවත්. නමුත්, ඔබේ ඡුන්දය දිය යුත්තේ ඔබවත් මාවත් පාලනය කරන්න ගැලපෙන, ඊට ප‍්‍රමාණවත් හැකියාවක් කුසලතාවක් තියන මනුස්සයෙකුට.
 භාරත ප‍්‍රභාෂණ තෙන්නකෝන්

No comments: