Tuesday, December 19, 2017

මලූ වෙනුවට බෑග්ස්; අවසානයේදී, ප‍්‍රශ්න වෙනුවට ක‍්‍රයිසිස්...


ඕනම දෙයක් සම්බන්ධයෙන් ඔබත් මමත් අපි හැමෝම හැමදාම කළේ, අනෙක් අය විසින් කළ යුතුව තිබෙන දේ ගැන නිශ්චය කිරීම. තීන්දු කිරීම. මෙහෙම කළ යුතුයි කියලා අණ කිරීම. ඒ බොහෝ වෙලාවට ඒ ඒ වැඬේට අදාලව මගේ පං`ගුව, අපේ පං`ගුව ගැන අදහසක් අපිට නෑ. එහෙම අදහසක් තිබුණත් මොකක් හරි වංගුවක් දාලා අපේ කොටස නොසලකා හැරලා අනෙකාගේ කොටස ගැන උලූප්පලා පෙන්වන එක. අපි වැඩියෙන් කන්සර්න් වෙන්නේ, අනෙකා ඒ පං`ගුව ඉටු නොකිරිම ගැන.
කොහොම වුණත්, ඕනම දෙයක් සම්බන්ධයෙන් අපි හැමෝටම අඩු වැඩි වශයෙන් සමාජ වගකීමක් තියනවා. සමාජ වටිනාකම් නිර්මාණය වෙන්නේ, ඒ ඒ දේ සම්බන්ධයෙන් එකිනෙකාගේ සමාජ වගකීම්වල ඉටු කිරීමේ ප‍්‍රමාණය සහ ගුණාත්මකභාවයත් එක්ක. පොදු වැසිකිලියකට ගිහිං හරියට වතුර ගහන එකේ ඉඳලා, බත් මුල කාලා ඉවර වුණාම ඉඳුල්, කඩදාසි, පොලිතීන් වෙන් කරලා විසි කරන එක දක්වා ඒක වලංගුයි. ඒ විතරක් නෙවෙයි, එතනින් එහා තියන දරුණු, ප‍්‍රචණ්ඩ, ගැඹුරු ඕනම දෙයක් සම්බන්ධයෙනුත් ඒක එහෙමම තමයි.
දැන් ජනවාරි ඉඳලා සීමිත පොලිතීන් වර්ග කීපයක් තහනම් වෙනවනේ. අපි ලෑස්තිද. මං හිතන්නෑ. මමවත් ඔබවත් ඒකට හරියට ලෑස්තියි කියලා මං හිතන්නෑ. කෑම පෙට්ටියක් අරගෙන ගිහිං කාලා ඉවර වෙලා හෝදාගෙන ආයේ ආපහු අරගෙන එනවාට වඩා ඉතාම පහසු දේ තමයි බත්මුලක් බැඳගෙන ෂොපින් බෑග් එකක දාගෙන ඇවිත් කාලා, ඉතිරීය කොහේට හරි විසි කරලා දාලා අත්දෙක වනවනා ගෙදර යන එක. කත් බැඳගෙන වන්දනාවේ යනකොට විදුරු බොත්ලේක වතුර ටිකක් දාගෙ යනවාට වඩා පහසුම වැඬේ තමයි ප්ලාස්ටික් බෝතලේකට වතුර දාගෙන ගිහිං බීලා ඉවර වුණාම කොහේ හරි ක`දු පල්ලමකට හිස් බෝතලේ විසි කරලා දාලා අත්දෙක වනවනා ගෙදර එන එක. ඒ වගේම තමයි අත්දෙක වනවනා කඬේට පොළට මාර්කට් එකට ගිහිං ෂොපින් බෑග් රොත්තක බඩු ටික පුරවාගෙන ගෙදර ඇවිත්, ගේන බඩු ටික ෆ‍්‍රිජ් එකට රාක්කෙට අඩුක් කරාට පස්සේ ඉතුරුවෙන මලූ ටික විසි කරලා දානවා.
ඒක නෙවෙයි. දන්නවද මේ වෙනකොට ලෝකේ කොච්චර පොලිතීන් නිෂ්පාදනය වෙනවාද කියලා. එක අවුරුද්දකදී ටොන් මිලියන් අසූවක් බර පොලිතීන් නිෂ්පාදනය වෙනවා. ඒ ගාණ හරියට මේ වගේ. සාමාන්‍ය අලියෙක්ගේ බර ටොන් පහක් හයක් විතරනේ. ඒ විදිහට ගත්තාම, වාර්ෂික පොලිතීන් නිෂ්පාදනය හරියටම අලි මිලියන පහළොවක් විතර බර ප‍්‍රමාණයක්. ඒ වගේ බරක් මේ මහපොළවට උහුලාගන්න පුළුවන්ද කියන එක දරුණු උභතෝකෝටිකයක්. ලෝකය පුරා අවුරුද්දකදී නිෂ්පාදනය වෙන ෂොපින් බෑග් ප‍්‍රමාණය, ලෝකය හත් පාරක් රුප් කරන්න පුළුවන් තරම් විශාලයිලූ. එවැනි තත්ත්වයකදී මේ පොලිතීන් කතාන්දරය ඉවර වෙන්නේ පෘථිවි ගෝලයේ භ‍්‍රමණ වේගය පවා වෙනස් කරලා කියන එකයි ඊළ`ගට තියන අවධානම. කිසි නිනව්වක් නැතුව පොලිතීන් බැහැර කිරීමේ අවසාන ප‍්‍රතිඵලය වෙන්නේ ලෝකේ තියන ලොකුම පරිසර ගැටළුවක් වෙච්ච කසල ප‍්‍රශ්නේ, ලොකුම හවුල්කාරයා වන පොලිතීන් වෙනුවෙන් අපි දායකත්වයක් දෙන එක.
මිතොටමුල්ලේ ඉ`දලා සිරීපාදේ දක්වා නායයාම් වලට අවසාන වගඋත්තරකාරයා වුණේ පොලිතීන්. වනසතුන් බොහෝමක් මේ පොලිතීන් ආහාරයට ගැනීම නිසා එක්කෝ මැරීලා ගිය අවස්ථාවන් හෝ මාරාන්තික තත්ත්වයට පත් වුණු අවස්ථාවන් ගැන අපි ඕන තරම් අහලා තියනවා. ඒ අපි අහපුවා. ඒ වගේම අපි නොදන්නා සිද්ධි මිලියන් ගාණක් මේ මහපොළවේ තියනවා. පොළවේ විතරක් නෙවෙයි, තොග ගාණට මුහුදට මුදා හරීන පොලිතීන් හරි මයික්‍රො පොලිතීන් හරි මුහුදු ජීවින් ආහාරයට ගැනීමේ ප‍්‍රතිඵලයක් විදිහට මුළු සාගර සත්ව සංහතියම ඉතා ඉක්මනින් සෙත්තපෝව්චි වෙමින් යන්නේ. අපිට නොපෙණුනාට, නිල් කැටේට පේන්න තියන මහසයුරේ අපිට නොපෙණෙ අභ්‍යන්තර කතාන්තදරය මහා ඛේදවාචකයක්.
අපිට නම්, පොලිතීන් කතාන්දරය ඛේදවාචකයක් වුණේ සාම්ප‍්‍රදායික පැවැත්ම සහ පරිණාම සීඝ‍්‍රතාවය විහින් ඉක්මවා ගිහිං අමුවෙන් පොෂ් වෙන්න යාමේ ප‍්‍රතිඵලයක් හැටියට. එහෙම නැත්නම් කම්මැලි කමේ ප‍්‍රතිඵලයක් හැටියට. අපේ සංස්කෘතියේම, පොලිතීන් කියන්නේ බෑග් එකක්. පන් හෝ රෙදි කියන්නේ මලූ. මල්ලක් වෙනුවට බෑග්ස් යූස් කරන්න ගත්ත අපිට ඒකේ ප‍්‍රතිඵලයක් හැටියට ප‍්‍රශ්න වලට එහා ගිය ක‍්‍රයිසිස් වලට ෆේස් කරන්න සිද්ධ වුණා. ඒත්, දැන් කතාන්දරේ ඇවිත් තියෙන්නේ යම් තීරණාත්මක තැනකට. ආණ්ඩුව තීන්දුවක් අරගෙන තියනවා. වැඬේ ටිකක් අමාරුයි තමයි. ඒත්, කයිවාරුවේදී හරි බුකියේදී හරි යුනිකෝර්ඞ් පරිසර හිතකාමියෙක් වෙමින් ඉන්න ගමන්, ඇත්ත ජීවිතේදී ආණ්ඩුවත් එක්ක එරීයස් කවර් කරගන්න හරි, ලේසියට පහසුවට කම්මැලි කමට හරි පරණ පීල්ලටම පණිනවාට වඩා, වඩාත්ම සුදුසු දේ යුනිකෝඞ් ඇටිටියුඞ්ස් ඇත්ත ජීවිතේටත් ඉම්ප්ලිමන්ට් කරගන්න එක.
එන්න, අපි පිළිවෙතින් පෙළගැසෙමු. මේ මහපොළවට, තවත් එක දවසක් හරි වැඩියෙන් ජීවත් විමට ඇති අයිතිය වෙනුවෙන් අපේ පංගුව ඉටු කරමු.
 භාරත ප‍්‍රභාෂණ තෙන්නකෝන්

No comments: