Wednesday, January 31, 2018

මීඩියා; ෆ‍්‍රීඩම් විතරක් ඇද්ද..



මාධ්‍ය නිදහස. කාලයකට අයිති නැතිව, හැම කාලයකම වගේ අඩු වැඩියෙන් දේශපාලන වේදිකාවෙත් ඉන් පිටතත් සාකච්ඡුාවට භාජනය වුණු කාරණයක්. හාමෝම ඉල්ලූවේ තමන් කැමති දේවල් ලියන්න, තමන් දන්න දේවල් කියන්න, තමන් උවමනා දේවල් බෙදාගන්න අවශ්‍ය ආරක්ෂාව සහිත නිදහස. නමුත්, අපි අමතක කරපු කාරණයක් තමයි නිදහස සහ විනය කියන එක එකම කාසියේ දෙපැත්ත කියන එක. එහෙම වුණත් නිදහස පිළිබඳ කතා කරන උත්වේගකර බව හෝ උච්චස්වරය, විනය හෝ ශික්ෂණය සම්බන්ධයෙන් කතා කරන කිසිම අවස්ථාවක දකින්න ලැබෙන්නේ නෑ. විනය යට ගහලා නිදහස හෙවීම, පළමුව උප්පරවැටිටියක් ද දෙවනුව තක්කඩිකමක් ද අවසනුව ඛේදවාචකයක් ද බවට පත් වෙනවා.
කුමන පරමාර්ථයක් අරඹයා හෝ කුමනාකාරයේ හෝ අල්ලසක් දීම වැරදියි. විශේෂයෙන්ම ඒ දෙන්නේ කෙළින්ම ගණන් කරන සල්ලි වලින් නම් එතන තියනවා සාපේක්ෂ ලොකු වරදකාරීබවක්. ඔබ දැකලා ඇති ඹ්නෑ තරම් මාධ්‍ය ආයතන විසින් තමන්ගේ නාලිකාව බලන නිසා, තමන්ගේ නාලිකාව අහන නිසා ඍජුවම ගණන් කරලා සල්ලි දෙනවා. දාහේ පන්දාහේ කොළ වලින්. නමුත්, ඒ නාලිකාවම ඊට පස්සේ විකාශය කරන ප‍්‍රවෘත්තිය මගින් අල්ලස් දීමක් හෝ අල්ලස් ගැනීමක් ගැන වැඩි බර තියලා ප‍්‍රශ්න කරනවා. එක්කෝ ඒ මාධ්‍ය ආයතනයට තේරෙන්නේ නෑ, තමන්්ගේ සහ ඒ පුද්ගලයාගේ අතර වෙනසක් නැති බව. එහෙම නැත්නම් වංක චේතනාවෙන්ම ඒ තේරුම් ගැනීම මගහරිනවා. ඒ ආකාරයට එක නිදසුනක් හැටියට අල්ලස ගැන කතා කරනවානම්, මාධ්‍ය ආයතනත් දේශපාලනඥයින්ට නොදෙවෙනි වෙන්න සිමෙන්ති, ටකරං, වැලිකිලි පෝච්චි වල ඉඳලා හැම දේම බෙදනවා. ඔහුන්ගේ අපේක්ෂාව රේටින් හදාගන්න ජනතාව පාවිච්චි කරන එක වීම සහ දේශපාලනඥයින්ගේ අපේක්ෂාව එගොඩට පැණ ගන්න අවශ්‍ය ඡුන්ද ටික හදා ගන්න එක වීම පමණයි මේ දෙකේ වෙනස.
ප‍්‍රජාතාන්ත‍්‍රවාදය, නිදහස වගේ මොන හෙඩිමක් ගත්තත් ඒක එහෙමම තමයි. එළියේ ප‍්‍රජාතාන්ත‍්‍රවාදය ගැන කතා කළාට ඇතුළේ ප‍්‍රජාතාන්ත‍්‍රවාදය තියනවාද. කතා කිරීමේ නිදහස ගැන ආණ්ඩුවත් එක්ක හැප්පුණාට අර්ථපතීත්වය සම`ග ඒ වෙනුවෙන් සටන් කරන්න ලෑස්තිද. එහෙම කරලා තවදුරටත් එතන ඉන්න පුළුවන්ද. ශිලාචාර සමාජයක්, සාධාරණත්වය ප‍්‍රජාතාන්ත‍්‍රවාදය උපරිම ජනතා සුභසාධනය වගේ මොන දහමක් වෙනුවෙන් පෙනී ඉන්නවාය කීවත් අවසාන වශනේ තියන ඇත්ත තමයි ඒ සියලූ මාධ්‍ය හැසිරෙන්නේ අර්ථපතීන්ගේ අභිලාෂයන් මුදුන් පමුණුවා ගැනීමේ අරමුණම පමණක් ඉලක්ක කරගෙන බව. කුමන ආකාරයක සළුවකින් වසාගෙන වේදිකාවේ පෙනී සිටින්න උත්සාහ කළත් සළුවෙන් වැසුණු රූකඩ නැටවෙන්නේ අයිතිකාරයාගේ උවමනාව වෙනුවෙන්මයි.
නායකයෙක් හරි පාලකයෙක් හරි මාධ්‍ය පමණක් නෙවෙයි, ඹ්නම දෙයක් සම්බන්ධයෙන් නිදහස තහවුරු කරනවානම් නියත වශයෙන්ම අදාල ක්ෂේත‍්‍රය සම්බන්ධයෙන් විනයක් ඇති කළ යුතුයි. විනයක් නැති නිදහසක් කියන්නේම අවුලක්. මාධ්‍ය සම්බන්ධයෙන් මේ අවුල නිර්මාණය වෙලා තියෙන්නේ ඉහළ සිට පහළට බොහෝ තීරණාත්මක බර උසුළන්නන් මේ ඉසව්වට අත තියන්න තියන භීතිය නිසා කියන එකයි මගේ හැ`ගීම. දේශපාලනඥයින්ට ‘ආචාර ධර්ම පද්ධතියක් ගෙනෙව්’ කිව්වහම අඩුම තරමේ එහෙම එකක් කෙටුම්පත් වෙලා ප‍්‍රසිද්ධ වෙලා දේශපාලනඥයින්ගේ ක්‍‍්‍රියාකාරකම් ඒ ඒ එක එකක් වගන්ති එක්ක සන්සන්දනය කරන්නවත් මිනිස්සු පෙළඹිලා තියනවා. එහෙම නැතත්, මිනිස්සු දේශපාලනඥයින්ව ප‍්‍රශ්න කරනවා. නමුත්, මාධ්‍ය සම්බන්ධයෙන් එහෙම ප‍්‍රසිද්ධ වුණු ආචාර ධර්ම පද්ධතියක් තියනවාද. එහෙම එකක් පිළිගන්න ඒ පීල්ලේ වැඩ කරන්න මීඩියා ලෑස්තිද. එහෙම කෙටුම්පතක අකුරු ඇමිණෙනකොටම මර්ධනය කියලා සද්ධ කරන වෙලාවල් අපි දැක්කා. මෙකී පරමාදර්ශී මාධ්‍යවේදීන්, මාධ්‍ය ප‍්‍රධානීන් සහ අර්ථපතීන් තිරසාර ආචාරශිලී පැවැත්මක් ගැන තබා අවම වශයෙන් ඡුන්දයක් වෙලාවක මැතිවරණ සම්බන්ධයෙන් වන උපමානවත් අවංක උත්සාහයකින් යුතුව ආරක්ෂා කරන බවක් දකින්න තියනවාද කියන එකම ප‍්‍රශ්නයක්.
තොරතුරු හා ප‍්‍රවෘත්ති සම්බන්ධයෙන් මේ මොහොත වෙනකොට ජනතාව අතිශයින්ම ව්‍යාකූල අඩියක ඉන්නේ. එක එක්කෙනා එක එක කතා කියනවා. ඒ ඒ අයගේ වාසි කොටස. ඒ පංගුව සර්ව සත්‍යය ලෙස කියන්න උත්සාහ කරනවා. නව මාධ්‍ය, සාම්ප‍්‍රදායික මාධ්‍ය, විකල්ප මාධ්‍ය වගේ මේ හැම එකකම. ඒ කිසිවක් කිසිම තැනකින් නියාමනය වන්නේවත් අධීක්ෂණය වෙන්නේවත් නැති ගාණයි. එහෙම මැදිහත්වීමක් කරන්න ගියොත්, ඒක මාධ්‍ය නිදහස කප්පාදු කිරීමේ වෑයමක් හැටියට අර්ථගන්වන්න වෙර දරනවා. මාධ්‍ය නිදහස ලබා දීම, සාධකයක් වෙන්නේ ‘මාධ්‍ය ව්‍යාපාරයට’ තම තමන්ට ඹ්න ඹ්න දේවල් විකුණන්න තියන අයිතිය ද එහෙම නැත්නම් ජනතාවගේ තොරතුරු අයිතිය සම්බන්ධයෙන් ද කියන එක ගැන සැලකිලිමත් වීමේ වගකීම තියෙන්නේ පාලකයින්ට. ඒ කලාපයට බයසැක නැතිව අත ගහන්න පුළුවන් වෙන්න ඹ්නේ. ඒක හරියට මිදුලේ තණකොළ නිදහසේ වැවෙන්න හරිනවා වගේම, මිදුලත් ගෙදරත් අවලස්සන නොවෙන විදිහට සීරුවට ඒ තණ පිට්ටනිය කප්පාදු කරලා නඩත්තු කරනවා වගේ වැඩක්. එහෙම නොවුණොත්, සිද්ධ වෙන ඒ හානිය නිදහස නැතිකම නිසා සිද්ධ වෙන හානියට වඩා වැඩියි.

Wednesday, January 24, 2018

ජනාධිපති කවුද කියන එක ප‍්‍රශ්නයක්ද


මේ දවස්වල ටීවී එකක් දැම්මාත්, රේඩියෝ එකක් ඇහුවත්, පත්තරයක් බැලූවත් ඒ විතරක් නෙවෙයි ෆෙස්බුක් එකට රිංගුවත් හැම තැනම වැඩියෙන්ම තියන ප‍්‍රශ්නේ තමයි ආණ්ඩු හැදිල්ලේ අඳෝනාවයි, නායකයින්ට අයිතිවාසිකම් කියන අ`ඩවැඩියාවයි, ඊළඟ ජනාධිපති කවුද කියන උත්තරයක් නැති ප‍්‍රශ්නෙට අදාල කයිවාරුයි. ඒ අස්සේ අරක්කු ගැසටි, බැ`දුම්කර කේස් වගේ ඒවා හොල්මන් නොකරනවාම නෙවෙයි. හැබැයි, ඒවාත් ආයේත් ඇවිත් හිරවෙලා නතර වෙන්නේ ඉහතින් කියපු ප‍්‍රධාන බෝතල් කටවල් වලම තමයි.

අපි හැමදාම කළේ එක ඡුන්දයක් ඉවර වුණු ගමන් ඊළඟ ඡුන්දේ ගැන කතා කරන්න පටන් ගන්න එක. කන්න දෙකක් අතර ඡුන්ද තුනක් තියපු කාලේ නම් ඒක ටිකක් හරි සාධාරණයි. ඒත්, ජනාධිපතිවරණයක් පාර්ලිමේන්තු ඡුන්දයක් අහලකවත් නැති කාලේ ඊළඟ ජනාධිපතිලා අගමැතිලා ගැන කතා කිරීම දේශපාලන වේදිකාවේ මොන තරම් නම් නිස්සාර කාරණාවක්ද. ජනාධිපතිවරණෙට ඉල්ලන්න හිතාගෙන ඉන්න කීප දෙනෙකුට සහ තවත් ඊට අදාල හාරපන්දාහකට ඇරුණහම ලක්ෂ දෙසිය විස්සක් විතර වෙන අනෙක් මිනිස්සුන්ට මේ වෙලාවේ ඒක තඹ සතේකට මායිම් වෙන ප‍්‍රශ්නයක් කියලා අපි හිතන්නෑ. එහෙම වුණත්, ඒක කිසිසේත්ම ටීවී වල පත්තර වල වේදිකා වල පෙන්නන තරම් බර මාතෘකාවක් නෙවෙයි. 

වේදිකා වල ගොඩනගන නිස්සාර හීන වෙනුවෙන් අයුක්තිසහගත විදිහට මාධ්‍ය අවකාශයන් කොල්ල කනකොට සිද්ධ වෙන්නේ රටේ තියන ඇත්ත ප‍්‍රශ්න යට යනවා. හම්බන්තොට දැරිවියක් සමූල ¥ෂණයට ලක් වුණා. ගාණක්වත් නෑ. ගොවි ගම්මාන වල මිනිස්සු පොහොර නැව් එනකල් හූල්ලහූල්ලා හිටියා. ගාණක්වත් නෑ. එක වසරට ඉස්කෝලයක් නැතුව ළමයි තැන් තැන්වල අ`ඩඅ`ඩා ඉන්නවා. ගාණක්වත් නෑ. සරසවි උයන ඉස්කෝලේ ළමයින්ට ඉගෙන ගන්න පංති කාමර නැතුව ඉටිකොළ වලින් වට කරලා පංති කාමර හදලා. ගාණක්වත් නෑ. හැබැයි, පොලිටිකල් නකුටත් කීවොත් අපි ඊළඟ ජනාධිපති ඡුන්දේට දානවා අහවලා අහවලා කියලා, අන්න හෙඞ්මික්. පුන්නක්කු සුවඳට දුවන ගවරැුළ වගේ ඒක පස්සේ දුවනවා. 

අපේ රටේ මීඩියා සහ පොලිටික්ස් කියන කණ්ඩායම් දෙකම ජීවත් වෙන්නේ කොළඹ මූලිකව. ඒ දෙගොල්ලෝම විශ්වාස කරන්නේ කොළඹ කියන්නේ ලංකාවේ නගරයක් නෙවෙයි, ලංකාව තියෙන්නේ කොළඹ ඇතුළේ කියලා. කොළඹ මූලිකව ගැටගැහිලා තියන ප‍්‍රශ්න ටිකක්, සමස්ත ජාතියක ප‍්‍රශ්න හැටියට තේරුම් අරගෙන ඉන්නවා. ඒ වැරදි අවබෝධය ජනාධිපතිවරයාගේ සිට බොහෝ පහළ දක්වාම පොදුයි. නමුත්, බිමට බැස්සහම ඒ කියන කාරණා ගමේ මිනිස්සුන්ට දැවැන්ත පරතරයක් තියන එහෙම පිටින්ම පිටස්තර කාරණා. ඇයි එහෙම වුණේ. සරලම දේ තමයි, ඇත්ත ප‍්‍රශ්න රසවත් නැති නිසා ඒවා කටගැස්ම වගේ ෂොට් එකෙන් ෂොට් එකට හපන්න බැරි නිසා බැරැුක්ක සිය ගණනකින් පෙරෙනවා. ඒවා නිව්ස් එකෙන් නිව්ස් එකට බැක් ටු බැක් කැපෙන වොයිස් කට් ගහන්න පුළුවන් ප‍්‍රබෝධ ජනක පිටපතකට ගේන්න බැරි නිසා ඒවා අත්ඇරලා දානවා. ආයෙත් ඊළඟ ජනාධිපති කවුද කියලා හොයනවා. ඒවා ගොඩක් රහයි.

ජනාධිපතිවරණයට සහ පාර්ලිමේන්තු ඡුන්දේට සෑහෙන්න කල් තියනවා. ඒත් දේශපාලනික මාධ්‍ය භාවිතාව අනුව අපට දැනෙන්නේ සිංහල අවුරුද්දට කළිං මේ ඡුන්ද දෙකම එයි කියලා. පළාත් පාලන ඡුන්දෙට වුණත් ඉල්ලන කීයෙන් කී දෙනාද භූමිය හරි අවබෝධයක් සහිතව මේ සෙල්ලම කරන්නේ. සමහර අයගේ පොරොන්දු දැක්කහම ඉල්ලන්නේ ජනාධිපතිවරණයට බවයි හැගෙන්නේ. සමහරු ඊටත් වඩා ලොකු එකකට වගෙයි. පළාත් පාලන මට්ටමේ තියන ක්ෂුද්‍ර නමුත් වැදගත් කාරණා පිළිබඳ ඔවුන්ව ප‍්‍රශ්න කළාම, ඒ බොහෝ දෙනෙක් නිහ`ඩයි. එක අතකින් මේ වගේ ජනප‍්‍රිය මාතෘකා ගැන කතා කරනවා ඇරෙන්න මහපොළවේ පය නොගහපු මිනිස්සු වෙන මොනවා කියනවාද.

දේශපාලනඥයෝ ඊළඟ ඡුන්දේ ගැණත්, රාජතාන්ත‍්‍රිකයින් ඊළඟ පරම්පරාව ගැනත් හිතනවා කියන සයිමන් සිනොක්, ෆ‍්‍රීමන් ක්ලාක් සහ ලින්ඩා ලින්ග්ල් එක එක තැන කියපු කතා තමන්ගේ එකක් වගේ කියලා, තමන් මාරම රාජතාන්ත‍්‍රිකයි කියලා පෙන්නන්න උත්සාහ කරන පුද්ගලයින් වේදිකාවට නග්ගපුවහම පේනවා රාජතාන්ත‍්‍රික බවේ තරම. රාජතාන්ත‍්‍රිකයෙක් වීම ටිකක් අමාරු ලොකු වැඩක් වුණත් කරුණාකරලා ආයාසයෙන් හරි කමක් නෑ, රාජතාන්ත‍්‍රික හැසිරීම් ටිකක් ප‍්‍රගුණ කරන්න. සමස්ත රටක හීනය කියන්නේ, ඔබේවත් ඔබේ කල්ලියේවත් හීන නොවෙන බව ඔබට එවිට වැටහේවි.

[භාරත ප‍්‍රභාෂණ තෙන්නකෝන්]

Wednesday, January 17, 2018

තුමනි; ට‍්‍රැෆික් නසන පැලැස්තර, කවදා වෙනකල් වලංගුද..

දකුණු ආසියාවේ තියන ලොකුම ට‍්‍රැෆික් වලින් එකක් වෙන ලංකාවේ වෙළඳ අගනුවර සිට පරිපාලන අගනුවර දක්වා මහාමාර්ගයේ රථ වාහන තදබදය කළමණාකරණය කිරීමේ අරමුණින් ඉදිකෙරුණු ගුවන් පාලම මේ සුමානේ විවෘත කෙරුණා. ඔව්. ඒ පාරේ උදේ-හවහා යන කෙනෙක් හැටියට පොඩි සතුටක් තියනවා. ඒත්, මේ ඉදිකිරීම ගැන පිනා ගිය ප‍්‍රීතියක් මටනම් දැනෙන්නේ නෑ. (ඔව්. මේක කියපු ගමන් හිතෙන්න පුළුවන් කුහකකම කියලා. ව්‍යවහාර භාෂාවෙන්ම කියනවානම් අපි හදපු ආණ්ඩුව වැඩ කරනකොට, ආණ්ඩුව එක එක වැඬේ ගොඩ දාගන්නකොට ඔබ වෙනුවෙන් කඬේ ගිය අපිට ගැම්මෙන් පාරේ යන්න පුළුවන් තත්ත්වයක් හැදෙනවා මිසක් ඇයි අපි අමනාප වෙන්නේ වෙන්නේ.) ඒත්, ඒකට හේතුවක් තියනවා. ඒ තමයි, ඔය වැඬේ ප‍්‍රශ්නයට අදාල නියම උත්තරේ නොවෙන නිසා.

අවුරුද්දකට අලූත් වාහන ලක්ෂ දෙකහමාරක් තුනක් එක්ක වැඩිවෙන වාහන පරිභෝජනයත් එක්ක දවසින් දවස මේ පාරවල් වල වාහන වැඩි වෙනවා. ඉ`දලා හිටලා ගමනක් බිමනක් යන්න වාහනේ පාවිච්චි කරපු මිනිස්සු දැන් දැන් නිතර නිතර වාහන පාරට දානවා. වාහනයක් නඩත්තු කරන්න හෝ ඇත්තටම මෙච්චර කාලයක් වාහනේක අවශ්‍යතාවක් නොතිබුණත්, දෛනික ප‍්‍රවාහන අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීම වෙනුවෙන් පුද්ගලික වාහනයකම අවශ්‍යතාව දැනෙන නිසා වාහනයක් මිලදී ගනිමින් ඉන්නවා. ලීසිං එකක් ෆිනෑන්ස් එකක් හරි දාලා කොහොම හරි වාහනයක් ගන්නෝනේ කියන තැනට පෙළඹෙමින් සහ පොළඹවමින් තියනවා. (ඔව්. ඒ සෝෂල් ස්ටේටස් වලටත් එක්ක තමයි. හැබැයි, වාහනයක් කියන එක සෝෂල් ස්ටේටස් වලට අදාල ප‍්‍රමුඛ සාධකයක් වෙන්නේම, ප‍්‍රවාහනය විෂය අවුලක් බවට පත් වීමේ ප‍්‍රතිඵලයක් හැටියට.)

බොහෝ දෙනෙක් පුද්ගලික වාහනේක ගමන්බිමන් යන්නේ වෙන කරන්න දෙයක් නැති නිසා. ඒ කියන්නේ පොදු ප‍්‍රවාහන සේවා වල තියන අවුල නිසා. වෙලාවට නොඑන බස් එක, ඇගිල්ලක්වත් ගහගන්න ඉඩක් නැති කෝච්චි, යටත් වුණු ජාතියක වහල්ලූන්ට වගේ සලකන කාර්ය මණ්ඩල, සමූහ අඩත්තේට්ටමට ලක්වෙන දෙපැත්තේ පෝළිම් දෙක මැද්දේ ගහන පෝළිම්, ඉතුරු ඉල්ලූවාම කාසි වෙනුවට සැර උත්තර හම්බෙන ගනුදෙනු සේවා ආදී කප්පරක් ගැටළු මේවාට බලපානවා. පිළිවලකට ඇඳලා පැළ`දලා බස් එකකට නැ`ගලා ඒ පිළිවෙලටම බස් එකෙන් බහින්න පුළුවන් නම්, ඒ දවසේ වාසනාවන්තයෙක්ට පමණයි. පැයේ ගමනට පැය දෙකක් දෙක හමාරක් ගතවෙන කොටකොට යන අය වගේම, අනෙක් අතට යුධ පෙරමුණක ඉදිරි ආරක්ෂක වළල්ලේ මුරට ඉන්න සෙබළෙකුටවත් නැති අවධානමක් අරගෙන බස් එකේ ඉ`දගෙන යන්න සිද්ධ වෙනවා. පොදු ප‍්‍රවාහන සේවා ආශ‍්‍රිත බොහෝ රිය අනතුරු හදුන්වන්න වෙන්නේ හදිසි අනතුරු කියනවාට වඩා සමූහ ඝාතන හැටියටයි. එවැනි තත්ත්වයක් තුළ තමන්ට තියා ඥාතියෙක්වත් බස් එකක යවන්න හිත හදාගන්නේ අමාරුවෙන්.

ඒ විතරක් නෙවෙයි, වැහි හිරිකඬේකටවත් නොතෙමෙන්න ඔළුව ඔබාගන්න පුළුවන් බස් නැවතුම්පොළවල් ගණන ඉතාම සීමිතයි. කොළඹ කොටුවේ ඉ`දලා රට වටේට විහිදුණු දුම්රිය සේවාව පරිහරණය කරන කෙනෙකුට හිරිකියක් නැතුව තමන්ගේ ශරීර කෘත්‍ය කරගන්න පුළුවන් වැසිකිලි ප‍්‍රමාණය සහ ස්ථාන ගැන නම්-තැන් හැටියට කියන්න පුළුවන් තරමට සීමිතයි. ඒ කියන්නේම අනෙක් තැන්වල තත්ත්වය අතිශයින්ම අප‍්‍රසන්නයි. බස් නැවතුම් සහ බස් ගමන් සම්බන්ධයෙන් තත්ත්වය මීටත් වඩා දුක්ඛිතයි. පිට නොකළොත් පුපුරා මිය යා හැකි නිසා පමණක්, බොහෝ දෙනෙක් මේ ප‍්‍රවාහන පද්ධතියට අදාල සනීපාරක්ෂණ සේවා භුක්ති විදනවා. ප‍්‍රවාහන පද්ධතියට අදාල බහුතරයක් වැසිකිලි කැසිකිලි බූරු පොළවල්, ජාවාරම් මධ්‍යස්ථාන, තිත්පොළවල් බවට පත්වෙලා. ලංකාවේ ඔබ කැමති ඕනම පොදු ප‍්‍රවාහන පාරිභෝගික වැසිකිලියකට ගියොත් ඔබට මේ අත්දැකීම භුක්ති වි`දින්න පුළුවන් වෙයි. නුවර ගිය වෙලාවක ගුඞ් ෂෙඞ් එක බලලා එන්න අමතක කරන්න එපා. එහෙම නැත්නම්, ඔබේ රථ පෙළ ‘බස් කඬේක’ නතර කරලා තේ එකක් බොන්න. ඒ හැම එකක්ම බෙර ගහලා විවෘත කරනකොට කිටිි කිටියේ දිළිසුණු බව සැබෑව. ඒත් පහු පහු වෙනකොට කොහු කොහු වෙලා. නඩත්තුවක් කළමණාකරණයක් නෑ. එකක් විනාශ වුණාම අලූත් එකක් හදනවා. එතකල් මිනිස්සු අතරමං.

මේ ටිකක් විතරයි. තව බොහෝ දේවල්. ඒ නිසායි, බොහෝ අය අකමැත්තෙන් වුණත් පොදු ප‍්‍රවාහනයෙන් ඈත් වෙලා වෙන විකල්පයක් විදිහටයි පුද්ගලික වාහන පරිභෝජනයට යන්නේ. එවැනි පසුබිමක් තුළ ඔබේ එළඹෙන ධුර කාලයේදී භූගෝලීව හෝ අත්‍යාවශ්‍ය තත්ත්වයන් හැරුණුවිට වාහන තදබදය වැලැක්වීම වෙනුවෙන් තාවකාලික උත්තර හැටියට තවත් ගුවන් පාලම් කීයක් ඉදිකරන්න වෙයිද. ඒ වගේම, දෙපැත්තේ ගෙවල් කඩකඩ පාරවල් පළල් කරන එකවත්, බිම ඉඩ මදිවෙනකොට උඩින් හරි යටින් හරි අලූත් පාරවල් හදන එකවත් මේකට තවදුරටත් උත්තරයක් වෙයිද.

අවධානම දැක දැක පැලැස්තර දමමින් ඉන්නතාක්කල් මුල් ගල් තැබීමේ සහ විවෘත කිරිමේ ප‍්‍රීතියට වඩා දෙයක් ඉතිරි වෙන්නේ නැති වෙයි. ඔය හැම රථවාහන තදබදයකදීම පිච්චෙන හැම පෙට‍්‍රල් ඞීසල් බිංදුවක්ම, එක්කෝ අපේ අම්මලා, දුවලා මැදපෙරදිග ගිහිං කඹුරලා හම්බ කරන සල්ලි. එක්කෝ වතුකරේ අම්මලා දුවලා නොමැරි මැරි මැරී හම්බ කරන සල්ලි. එහෙම නැත්නම්, ගාර්මන්ට් ගාණේ අත්කකුල් වල නහර ඉලිප්පෙනකල් මැෂින් කරකවලා හම්බ කරන සල්ලි. අපි ඒ ගැනත් පොඞ්ඩක් හරි කල්පනා කරන්න ඕනේ.

මේ ගැන කතා කරන වෙලාවට ලයිට් ටේ‍්‍රන්, පොදු රථගාල්, ෂට්ල් සේවා, බේරේ වැවේ බෝට්ටු වගේ ඒවා ගැන අ`ග කිළිපොල යන විග‍්‍රහයන් ඉදිරිපත් වෙනවා. ඒ රූප හරි හැඩයි. ඒ හීන වර්ණවත්. ඒ වචන ආකර්ශනීයයි. නමුත්, අවාසනාවට කරුණ කියන්නේ කඩදාසි වල, ප්‍රොජෙක්ටර්වල තියන ඒ හීන මහපොළවේ නිර්මාණය වීම අතිශයින්ම මන්ධගාමීයි.
මේ ප‍්‍රශ්නෙට තිරසාර උත්තරයක් හොයන්න දැනටමත් අපි ප‍්‍රමාදයි. නමුත්, දැන් වුණත් පරක්කු නෑ. නමුත්, ගුවන්පාලම්, බිංගෙවල් වගේ සාම්ප‍්‍රදායික සීමා ඇතුළේ හිර නොවී, අපිට සිද්ධ වෙනවා ඊට වඩා වෙනස් එකක් හොයාගන්න.

 Bharatha Prabhashana Thennakoon

(resa newspaper 17-01-2018)