Wednesday, January 24, 2018

ජනාධිපති කවුද කියන එක ප‍්‍රශ්නයක්ද


මේ දවස්වල ටීවී එකක් දැම්මාත්, රේඩියෝ එකක් ඇහුවත්, පත්තරයක් බැලූවත් ඒ විතරක් නෙවෙයි ෆෙස්බුක් එකට රිංගුවත් හැම තැනම වැඩියෙන්ම තියන ප‍්‍රශ්නේ තමයි ආණ්ඩු හැදිල්ලේ අඳෝනාවයි, නායකයින්ට අයිතිවාසිකම් කියන අ`ඩවැඩියාවයි, ඊළඟ ජනාධිපති කවුද කියන උත්තරයක් නැති ප‍්‍රශ්නෙට අදාල කයිවාරුයි. ඒ අස්සේ අරක්කු ගැසටි, බැ`දුම්කර කේස් වගේ ඒවා හොල්මන් නොකරනවාම නෙවෙයි. හැබැයි, ඒවාත් ආයේත් ඇවිත් හිරවෙලා නතර වෙන්නේ ඉහතින් කියපු ප‍්‍රධාන බෝතල් කටවල් වලම තමයි.

අපි හැමදාම කළේ එක ඡුන්දයක් ඉවර වුණු ගමන් ඊළඟ ඡුන්දේ ගැන කතා කරන්න පටන් ගන්න එක. කන්න දෙකක් අතර ඡුන්ද තුනක් තියපු කාලේ නම් ඒක ටිකක් හරි සාධාරණයි. ඒත්, ජනාධිපතිවරණයක් පාර්ලිමේන්තු ඡුන්දයක් අහලකවත් නැති කාලේ ඊළඟ ජනාධිපතිලා අගමැතිලා ගැන කතා කිරීම දේශපාලන වේදිකාවේ මොන තරම් නම් නිස්සාර කාරණාවක්ද. ජනාධිපතිවරණෙට ඉල්ලන්න හිතාගෙන ඉන්න කීප දෙනෙකුට සහ තවත් ඊට අදාල හාරපන්දාහකට ඇරුණහම ලක්ෂ දෙසිය විස්සක් විතර වෙන අනෙක් මිනිස්සුන්ට මේ වෙලාවේ ඒක තඹ සතේකට මායිම් වෙන ප‍්‍රශ්නයක් කියලා අපි හිතන්නෑ. එහෙම වුණත්, ඒක කිසිසේත්ම ටීවී වල පත්තර වල වේදිකා වල පෙන්නන තරම් බර මාතෘකාවක් නෙවෙයි. 

වේදිකා වල ගොඩනගන නිස්සාර හීන වෙනුවෙන් අයුක්තිසහගත විදිහට මාධ්‍ය අවකාශයන් කොල්ල කනකොට සිද්ධ වෙන්නේ රටේ තියන ඇත්ත ප‍්‍රශ්න යට යනවා. හම්බන්තොට දැරිවියක් සමූල ¥ෂණයට ලක් වුණා. ගාණක්වත් නෑ. ගොවි ගම්මාන වල මිනිස්සු පොහොර නැව් එනකල් හූල්ලහූල්ලා හිටියා. ගාණක්වත් නෑ. එක වසරට ඉස්කෝලයක් නැතුව ළමයි තැන් තැන්වල අ`ඩඅ`ඩා ඉන්නවා. ගාණක්වත් නෑ. සරසවි උයන ඉස්කෝලේ ළමයින්ට ඉගෙන ගන්න පංති කාමර නැතුව ඉටිකොළ වලින් වට කරලා පංති කාමර හදලා. ගාණක්වත් නෑ. හැබැයි, පොලිටිකල් නකුටත් කීවොත් අපි ඊළඟ ජනාධිපති ඡුන්දේට දානවා අහවලා අහවලා කියලා, අන්න හෙඞ්මික්. පුන්නක්කු සුවඳට දුවන ගවරැුළ වගේ ඒක පස්සේ දුවනවා. 

අපේ රටේ මීඩියා සහ පොලිටික්ස් කියන කණ්ඩායම් දෙකම ජීවත් වෙන්නේ කොළඹ මූලිකව. ඒ දෙගොල්ලෝම විශ්වාස කරන්නේ කොළඹ කියන්නේ ලංකාවේ නගරයක් නෙවෙයි, ලංකාව තියෙන්නේ කොළඹ ඇතුළේ කියලා. කොළඹ මූලිකව ගැටගැහිලා තියන ප‍්‍රශ්න ටිකක්, සමස්ත ජාතියක ප‍්‍රශ්න හැටියට තේරුම් අරගෙන ඉන්නවා. ඒ වැරදි අවබෝධය ජනාධිපතිවරයාගේ සිට බොහෝ පහළ දක්වාම පොදුයි. නමුත්, බිමට බැස්සහම ඒ කියන කාරණා ගමේ මිනිස්සුන්ට දැවැන්ත පරතරයක් තියන එහෙම පිටින්ම පිටස්තර කාරණා. ඇයි එහෙම වුණේ. සරලම දේ තමයි, ඇත්ත ප‍්‍රශ්න රසවත් නැති නිසා ඒවා කටගැස්ම වගේ ෂොට් එකෙන් ෂොට් එකට හපන්න බැරි නිසා බැරැුක්ක සිය ගණනකින් පෙරෙනවා. ඒවා නිව්ස් එකෙන් නිව්ස් එකට බැක් ටු බැක් කැපෙන වොයිස් කට් ගහන්න පුළුවන් ප‍්‍රබෝධ ජනක පිටපතකට ගේන්න බැරි නිසා ඒවා අත්ඇරලා දානවා. ආයෙත් ඊළඟ ජනාධිපති කවුද කියලා හොයනවා. ඒවා ගොඩක් රහයි.

ජනාධිපතිවරණයට සහ පාර්ලිමේන්තු ඡුන්දේට සෑහෙන්න කල් තියනවා. ඒත් දේශපාලනික මාධ්‍ය භාවිතාව අනුව අපට දැනෙන්නේ සිංහල අවුරුද්දට කළිං මේ ඡුන්ද දෙකම එයි කියලා. පළාත් පාලන ඡුන්දෙට වුණත් ඉල්ලන කීයෙන් කී දෙනාද භූමිය හරි අවබෝධයක් සහිතව මේ සෙල්ලම කරන්නේ. සමහර අයගේ පොරොන්දු දැක්කහම ඉල්ලන්නේ ජනාධිපතිවරණයට බවයි හැගෙන්නේ. සමහරු ඊටත් වඩා ලොකු එකකට වගෙයි. පළාත් පාලන මට්ටමේ තියන ක්ෂුද්‍ර නමුත් වැදගත් කාරණා පිළිබඳ ඔවුන්ව ප‍්‍රශ්න කළාම, ඒ බොහෝ දෙනෙක් නිහ`ඩයි. එක අතකින් මේ වගේ ජනප‍්‍රිය මාතෘකා ගැන කතා කරනවා ඇරෙන්න මහපොළවේ පය නොගහපු මිනිස්සු වෙන මොනවා කියනවාද.

දේශපාලනඥයෝ ඊළඟ ඡුන්දේ ගැණත්, රාජතාන්ත‍්‍රිකයින් ඊළඟ පරම්පරාව ගැනත් හිතනවා කියන සයිමන් සිනොක්, ෆ‍්‍රීමන් ක්ලාක් සහ ලින්ඩා ලින්ග්ල් එක එක තැන කියපු කතා තමන්ගේ එකක් වගේ කියලා, තමන් මාරම රාජතාන්ත‍්‍රිකයි කියලා පෙන්නන්න උත්සාහ කරන පුද්ගලයින් වේදිකාවට නග්ගපුවහම පේනවා රාජතාන්ත‍්‍රික බවේ තරම. රාජතාන්ත‍්‍රිකයෙක් වීම ටිකක් අමාරු ලොකු වැඩක් වුණත් කරුණාකරලා ආයාසයෙන් හරි කමක් නෑ, රාජතාන්ත‍්‍රික හැසිරීම් ටිකක් ප‍්‍රගුණ කරන්න. සමස්ත රටක හීනය කියන්නේ, ඔබේවත් ඔබේ කල්ලියේවත් හීන නොවෙන බව ඔබට එවිට වැටහේවි.

[භාරත ප‍්‍රභාෂණ තෙන්නකෝන්]

No comments: