Monday, August 27, 2018

මහින්දගේ තුන, මෛත්‍රීගේ දෙක සහ අපේ එක..

දේශපාලනික අපේකෂාවන් අතින් ගත් කළ, ජාතියක් ලෙස අන් කවරෙකුටත් වඩා අප සිටින්නේ ඉතා හොඳ තැනක ය. ලෝක ගෝලයේ ජීවත් වන සෙස්සන්ට ඇති ප්රශ්නය, පාලකයන්ගේ ආර්ථික, සංස්කෘතික, සමාජයීය හා අනෙක් අංශයන්ගේ ප්රතිපත්ති මෙහෙයවීම් පිළිබඳ ගුණ අගුණ ය. පාලකයන් රට දක්කාගෙන යන දිශානතිය පිළිබඳ විවේචන විචාරයන් ය. නමුත්, අපට ඇත්තේ මේ ලෝක ගෝලයේ වාසය කරන සෙස්සන්ට ඇති ප්රශ්න නොවේ. අපහමුවේ සෑම විටම තිබෙන්නේ ඊළග ඡන්දයයි. අපේ මිනිහා දිනවා ගැනීමේ අරගලයයි. අපිට උවමනා වැඩ උවමනා උවමනා ආකාරයට කර ගැනීමට මිනිහෙක්ය. එහෙයින්, සෑම කාලයකම පාහේ රටෙන් භාගයක් පමණ, ඉන්න පාලකයෝ රැක ගැනීමටත් ඉතිරි භාගය ඉන්න පාලකයා පන්නා දමා තමන්ගේ මිනිහා සිංහාසනාරූඪ කිරීමටත් නොනිමි දේශපාලන සෙල්ලමක නියැලෙමින් තිබේ.

මහින්දගේ තුන කරළියට එන්නේ මේ අස්සේය. ඒ වන විටත් මෛත්රීගේ දෙවැනි වාරය පිළිබඳ කසුකුසුව මහපොළවේ පැළ වී හමාරය. එවැනි පසුබිමක, මහින්දගේ තුන හා මෛත්රීගේ දෙක ගැන අපේ එක ලියා තැබීම හා ලිහා ගැනීම වටින්නේ යැයි කල්පනා කරමි. හිටපු ජනාධිපතිවරයාට සිව්වෙනි වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙමින් තුන්වෙනි වරටත් ජනාධිපති වීමේ හැකියාවක් ඇති බවත්, ආණ්ඩුක්රම ව්යවස්ථාවේ ව්යවස්ථා වගන්ති මගින් ඊට ඉඩ අහුරන්නේ නැති බවත් ඇතැම් ගැලරි කථිකයින් පමණක් නොව, අපේ ජීවිත කාලය මෙන් දෙගුණයක් විතර කාලයක් කලුකබා දමාගෙන උසාවි වලම ජීවිතය ගෙවුණු ඇතැමුන්ද කියනු අසන්නට ලැබිණි. ගැලරි කථිකයන්ගේ කතා සලකා බැලීමට හෝ දෙයක් නැත. නමුත්, අනෙක් අයගේ කතාවේ අබ ඇටයක් තරම්වත් හරයක් ඇතිදැයි විමසා බැලීම යුතුය.

ජනාධිපති රාජපක්ෂයේ පාලන සමයේ 18 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය ගෙන ආ අතර එමගින් මව් ආණ්ඩුක්රම ව්යවස්ථාවේ තිබූ 31 (2) අනුව්යවස්ථාව උදුරා දැම්මේය. එහි ප්රතිඵලය වූයේ යමෙකුට එකසිය අට වාරයක් ජනාධිපතිධුරයට පත්විය හැකි නම් කිසි බාධාවකින් තොරව, ඒ එකසිය අට වාරයේ ම ජනාධිපතිධුරයට පත් වීමට හැකි පරිදි ගේට්ටු විවෘත කර ගැනීමය. ඉනික්බිති, 19 වැනි සංශෝධනය මගින් 31 (1) අනුව්යවස්ථාවට පසුව නැවතත් පෙර කී මව් ව්යවස්ථාවේ තිබූ වාක්යයම ඇතුළත් කරමින් එක් පුද්ගලයකුට කවරාකාරයෙන් හෝ ජනාධිපතිධුරයට පත්විය හැකි වාර ගණන දෙකකට සීමා කළේය. දැන් සටන ඇත්තේ මෙතැනය. රාජපක්ෂ කදවුරට අනුව, දැන් ව්යවස්ථාවේ ඇති 31 (2) ව්යවස්ථාව කාට අදාළ වුවත් මහින්ද රාජපක්ෂට අදාල නොවේ. ඊට හේතුව ලෙස දක්වන්නේ, ඔහු ජනාධිපතිධුරයට පත්වන විට ඔය කියන 31 (2) ව්යවස්ථාවේ නොවූ නිසාය. නමුත්, ඔවුන් අමතක කරන කරුණ නම්, ඒ වන විට තිබූ 31 (2) හා දැන් ඇති 31 (2) සර්ව සම බවයි. ඔවුන්ගේ තර්කය එක් නිමේශයකට හෝ සත්යයක් යැයි කල්පනා කරන්නේ නම්, 2005 හෝ 2010 දී ජනාධිපතිධුරයට පත් වන විට නොතිබූ නිදහසක් භාවිත කරමින් 2015 දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඡන්දය ඉල්ලා සිටීමට ද ජනාධිපති රජපක්ෂට හැකියාවක් නොතිබුණා විය යුතුය. එහෙයින්, ඔවුන් විසින්ම මේ මතු කරන අතීතයට බලපාන්නේ නැතැයි කියන අපභ්රන්ස මුලාව 2019 දී වලංගු වන්නටත් 2015 දී වලංගු නොවන්නටත් බලපෑ නීති තත්ත්වය කුමක්දැයි දැන ගැනීමට අප සියල්ලෝ කැමතිය. ඔවුන්ගේ කතාව අප පිළිගන්නේ නම් මහින්ද රාජපක්ෂට අදාල විය යුත්තේ 2005 තිබූ නීතිය වන අතර චන්ද්රිකා කුමාරතුංගට අදාළ වන්නේ 1994 තිබූ නීතියයි. එය හුදෙක් නීති විහි`ථවක්ම පමණක්ම වනු ඇත.

ඔවුන්ගේ සුරංගනා කතාවෙන් මිදී මහපොළවේ පය ගැසූ විට මේ ගැන කියන්නට තවත් පදනමක් ඇති කතා කීපයක් ඇත. ආණ්ඩුක්රම ව්යවස්ථාව ම කියන අතීතයට බලපාන නීති කතාව මෙසේය. පුද්ගලයෙක් යමක් කරන විට නොතිබූ නීතියක්, පසුව පනවනු ලදුව ඒ නීතිය මත පිහිටා පෙර කරන ලද හෝ නොකර හැරීමක් ගැන දඩුවම් දීමට හෝ වෙනත් ක්රියාමාර්ගයක් ගැනීම නොකළ යුතුය යන්නයි. මෙසේ සිදු වූවා නම්, ඒ කතාව මේ කතාව හා ගැලපෙන්නට ඉඩ තිබිණි. එනම්, යමෙක් තුන්වෙනි වරටත් ජනාධිපති වී මාස කීපයක් ගෙවී ගොස් ඇතැයි සිතමු. එවැනි පසුබිමක දෙවාරේ සීමාව සම්මත කොට ඒ මත පිහිටා ධුරය දරන ජනාධිපති පළවා හැරීම සිදු කර නොහැකිය. එසේම, ඒ ජනාධිපතිවරයාට වුවත්, දැන් නීතිය කුමක් වුවත් මම ජනාධිපති වුණේ සීමා රහිත වරමක් හිමිව තිබූ කාලයේ නිසා සිව්වෙනි වරටත් ජනාධිපති විය හැකි යැයි කියා සිටීමට ද හැකියාවක් නැත. (නමුත්, ඒ ගැන ද අන්තර්කාලීන විධිවිධානයක් ඇත්නම් ඒ අනුව කටයුතු කළ යුතුය. මෙතැන එවැන්නක් ද නැත.)

තවද, කවරාකාරයකින් හෝ මේ ප්රශ්නය ශේෂ්ඨාධිකරණය ඉදිරියේ විෂයයක් වුවහොත්, උපරිමාධිකරණය මෙම කරුණ අර්ථ නිරූපණය කරන්නේ පරමාර්ථ රීතිය මුල් කරගෙනයැයි පෙරයීම් කළ හැකිය. එහෙයින්, 19 වැනි සංශෝධනය සම්මත කිරීමේ දී ව්යවස්ථාදායකයේ පරමාර්ථය වූයේ කුමක්දැයි යන්න පැහැදිළි කර ගැනීමට ඔවුන්ට සිදු වනු ඇත. එය පැහැදිලි කර ගැනීමට අමුතුවෙන් මහන්සි විය යුතු නොවේ. හැන්සාර්ඞ් වාර්තාව කියවන කල්හි එය අහුලාගත හැකි වේ. ඔවුන්ගේ මුඛ්ය පරමාර්ථය වූයේ 18 අහෝසි කිරීම හා තවත් සුබවාදී ප්රතිපත්ති කීමයක් මූලික නීතියේ සෙවණ යටට ගෙන ඒමය. ඉන් ද, හීන දකින කවරෙකුට වුව ද තෙවරක් ජනාධිපති වීමේ වරමක් නොමැති බැව් ප්රත්යක්ෂ වේ. මේ කතාවේ මේ තරම් පටලවා ගන්නටවත් දෙයක් නැත. සරල කතාව මෙපමණයි. මින් පෙර දෙවරක් ජනාධිපති වී සිටි කෙනෙකු ජනාධිපති කරගැනීමට 2015 මැයි 15 වැනිදායින් පසු ශ්රී ලංකා ජනරජයට හැකියාවක් නැත. ඒ අනුව, චන්ද්රිකා කුමාරතුංගට හෝ මහින්ද රාජපක්ෂට ජනාධිපතිවරණයක් වෙනුවෙන් ඉදිරිපත් විය නොහැකිය. 2015 ජනපති ඡන්දයට වුවමනා නම් චන්ද්රිකා කුමාරතුංගට ද ඉදිරිපත් වීමට හැකියාව තිබිණි. නමුත්, දැන් තත්ත්වය අනුව එම ධුරය හෙබවූ හෝ හොබවන අය අතරින් එවැන්නක් කළ හැක්කේ වත්මන් ජනාධිපතිවරයාට පමණි.

මහින්දගේ තුන ගැන කතාව එසේය. ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා තමන් දෙවැනි වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවාද යන්න තවමත් ඇත්තේ ප්රශ්නාර්ථයක් මුල් කරගෙනය. කවුරුත් එවැන්නක් අපේක්ෂා කළ ද, ඒ ගැන හරියටම ජනාධිපතිවරයාගේ පුද්ගලික මතය දැන ගන්නට ලැබෙන්නේ ලබන වසරේ ජනවාරි 8 වැනිදායින් පසුවය. නියතවම, එය ලබන අවුරුද්දේ ඔක්තෝබර් මැද හරියේ දැන ගන්නට හැකියාව ලැබෙනු ඇත. ඔහුට එය කීමට සිද්ධ වේ. ඒ දෙක ගැන මෛත්රීගේ අභිලාෂය ගැන කතාවයි.

ඉතින්, දැන් අප කුමක් කළ යුතුද. දැන්වත්, එළුවා පස්සේ දුවන හිවළා වාගේ දේශපාලනික නොලැබීමක් පසුපස දිවීමේ නිශ්ඵල වෑයම අත්හැර දැමිය යුතුය. මහින්ද මහත්තයා ජනාධිපති කිරීම, මහින්ද මහත්තයා අගමැති කිරීම, මහින්ද මහත්තයාගේ මිනිස්සු සභාවට දැක්කීම සහ ඉනික්බිත ආයේ කරළියට පැමිණි මහින්ද මහත්තයා 2020 ජනාධිපති කිරීම ආදී ආහාර දාමය මෙන් නොනවතින මේ මිරිගු පස්සේ දිවීම අපටවත් රටටවත් ඵලක් නැති බැව් අප වටහා ගත යුතුය. රටක ජනතාවගෙන් සැලකිය යුතු පංගුවක් පිස්සුවෙන් මෙන් ඒ මේ අත දුවද්දී, එහි ප්රතිඵලයක් ලෙස ආණ්ඩු කරන්නේ දිවීම නතර කිරීමය. මොකද, ආණ්ඩු වල දිවීම් නැවතීම් ගැන ජනතාවට නිච්චියක් නැති නිසා කම්මැලිකමේ පැත්තකට වී සිටීම ආණ්ඩුවේ ඇගට හොඳය. ආණ්ඩු ඊට කැමතිය. මිනිස්සු කාලයක් තිස්සේ මහත්තයෙක් පස්සේ දුවා අවසන නැවතී ආපසු හැරී බලන විට මහත්තුරු එහි නැති වනු ඇත. එපමණක් නොව, ජනතාව තමන් සමග නැති කමේ වෛරය පිරිමැසීම නිසා ආණ්ඩු විසින් වැඩ නොකර හැරීම නිසා රටට ද වෙච්ච දෙයක් නැති වීමේ අවධානමක් ඇත. ජනතාවගේ ඉලක්කය ඵලරහිත බව ආණ්ඩු දැනගන්නට දැනගන්නට මේ තත්ත්වය ඉහළ යයි.

ජනතාව පාලකයින් හා නායකයින් සෙවීම ඡන්ද කාලයට පමණක් සීමා කළ යුතුය යන්න අපේ හැගීමයි. එතෙක් ඉන්නා පාලකයින් හා නායකයින් සමග වැඩ කරමින්, ආණ්ඩුවලින් හා පාලකයින්ගෙන් තමන් වෙත ලැබෙන ප්‍රතිලාභ ලබා ගැනීමට දක්ෂ විය යුතුය. ජනතාව ආණ්ඩු සමග කෘතඥ හා සහයෝගී සබඳතාවක් පවත්වාගෙන යා යුතුය. ආණ්ඩු ලවා ජනතාවට වැඩක් කරගත හැක්කේ එවිටය. ජනතාව ලෙස අපේ ප්‍රමුඛ අරමුණ හෙවත් අරමුණු අතර එක ට තිබිය යුත්තේ එයයි.

🖋 Bharatha Prabhashana Thennakoon
📰 Resa Newspaper - රැස පුවත්පත

Sunday, August 19, 2018

වයඹ ගොවි පවස නිවන්නට මහවැලි වතුර..

වයඹ ඇළ ඉදිකිරීම හා වැව් 2,400ක් පරතිසංස්කරණය කිරීමේ වැඩසටහන මේ මස අග දී ජනාධිපති මෛතරීපාල සිරිසේන මහතා අතින් ආරම්භ වීමට නියමිතය. වයඹ ඇළ සංවර්ධනය කරමින් කුරුණෑගල දිස්තරික්කයේ ජනතාව වෙත ජලය ලබා දීමට පියවර ගන්නේ යැයි ඇසුණු විගසම වයඹ වැසියන් වූ අප සිත් තුළ ඇති වූ පරීතිමත් හැඟීම වචනයෙන් විස්තර කරනු නොහැක. 

කාලයෙන් කාලයට ආ ජාතික හා පරත්යන්ත පාලකයින්ගේ පොරොන්දු ලයිස්තුවේ මුලක මැදක හෝ අගක තිබූ වයඹ ඇළ ගැන පොරොන්දුව, යථාර්ථයක් වනු දැකිමට තරුණයින් ලෙස ඒවායෙන් උපරිම පරතිලාභ ලබා ගත හැකි වැඩකරන වයසේ සිටියදී අපේ කිරිඅත්තලා ද අපේ අප්පච්චිලා ද අසමත් වූහ. මේ අපේ කාලයයි. මහපොළව සමග පොරබදින අපේ පරම්පරාවට ද වයඹට මහවැලි වතුර යන්න හීනයක් පමණක්ම වී අපේ දරුවන්ගේ පරම්පරාවට උරුම වෙතැයි අප සිතා සිටියෙමු. නමුත්, තවදුරටත් වයඹට මහවැලි වතුර යන්න හීනයක් නම් වඩාත්ම සුවදායක වන්නේ නම් තවත් පරම්පරාවකට වතුර ගැන කඩවුණු බලාපොරොත්තු ඉතිරි කරනවා වෙනුවට ගොවිතැන්බත් පසෙකළා වෙන යමක් ගැන බලා ගැනීමට ඊළග පරම්පරාවේ හිත හදාගත යුතුව ඇත. එසේ නමුත්, මේ ඇසෙන පුවත් එසේ නොවන්නේ යැයි අප සිත් තුළ විශ්වාසයක් ගොඩනගන්නට සමත්ව තිබේ.

යටකී සිහිනය සැබෑ වන්නේ නම් ඒ සැබෑ වන්නේ, ”මහා වැස්සෙන් වැටෙන ජලය සුරක්ෂිත කර ගැනීමට ද දේශගුණික විපර්යාසයට මුහුණ දීමට ද උපකාරී වන පරිදි ඇහිරී ඇති වාරි පද්ධති යළි පරතිසංස්කරණය කිරීම හා ගොඩ වී ඇති වැව් වල රොන් මඩ ඉවත් කිරීමට අවශ්ය කටයුතු ආරම්භ කරන්නෙමි”යි 2015 ජනාධිපතිවරණයට අදාලව ඉදිරිපත් කෙරුණු මෛතරී පාලනයක් ස්ථාවර රටක් පරතිපත්ති පරකාශයේ සඳහන් වූ පොරොන්දුවයි.

කළුගග මොරගහකන්ද ව්යාපෘති යටතේ තවත් උපපරධාන ව්යාපෘති කිහිපයක් ඵල දැරීමට නියමිත අතර මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන ඔස්සේ ඉදිවෙන උතුරට ජලය ගෙන යන උතුරු (මහ* ඇළ සංවර්ධන ව්යාපෘතිය ඉන් පරධානය. එසේම, දිවයිනේ පරධානතම කෘෂිකාර්මික දිස්තරික්කයක් මෙන්ම ජලය පරමාණවත් තරමින් නොමැතිකම හේතුවෙන් පානීය හා වගා යන දෙකාර්යය සඳහාම ජලය හිග පළාතක් වන වයඹ පළාතේ කුරුණෑගල දිස්තරික්කයට ජලය ගෙන යන වයඹ ඇළ ව්යාපෘතිය ඒ අතර තවත් කැපී පෙණෙන ව්යාපෘතියකි. තවද, මිණිපේ ඇළ ව්යාපෘතියට ද හිමි වන්නේ සුවිශේෂී වටිනාකමකි.

වයඹ පළාතේ ගොවි ජනතාවගේ ජල ප‍්‍රශ්නය පිළිබඳ මූලිකව නමුත් පුළුල්ව කතා කෙරෙන්නේ එක්දහස් නවසිය හැටේ දශකය තරම් දුරාතීතයේ සිටයි. ගොවි ¥ පුතුන්ගේ ශක්තිය ද වුවමනාව ද කැප වී වැඩ කිරීමට ඇති හැකියාව ද තිබුණත්, මහපොළව අස්සැද්දීමට අවැසි මූලිකම අවශ්‍යතාව වන ජලය නොලැබීම හේතුවෙන් ඒ සියලූ‍ සාධනීය අංගයන් යටපත් කරගෙන පුරන් බව නැගී සිටියේය. අහස් දිය ගැන විශ්වාසය තැබීම ඔවුන් හමුවේ වූ එකම පිළිතුරයි. අහසින් වැටෙන දිය බිදු වැව් අමුණු වල ඒකරාශී කරගන්නා ඔවුහු ඒ දිය සිෙ`දන තෙක් ගොවිතැන්බත් කරති.

වැහි වළාකුළු වලට වඩා ඝන කාශ්ඨකය හුරු වයඹ අහස, ඇදහැළෙන මහවැසි වලින් රොක් කරගන්නා හැම ජල බිදුවක්ම වාගේ වාෂ්ප කරගන්නේ නොසිතනා වේගයෙනි. එවැනි පසුබිමක කුරුණෑගල මුල් කර ගත් වයඹ වැසියන්ට වගා බිම් වලට පමණක් නොව, බීමට පවා ජලය නොලැබෙන කාල වකවානු යනු අමුතු අත්දැකීමක් නොවන්නේය. විශේෂයෙන්ම කුරුණැගල දිස්ත‍්‍රික්කයේ උතුරු කොටසට අයත් ප‍්‍රදේශවල ජනතාව මේ වේදනාව සිය ජීවිතයේ කොටසක් කරගෙන සිටියි. ගම්මාන මැදින් මංතීරු දෙකේ-හතරේ මංමාවත් ඉදිවුවත්, එකඑක නම් වලින් ගොඩනැගිලි මාලිගා ආදිය ඉදිවූවත් ගම්මුන්ගේ ආර්ථිකයේත් දිවි පැවැත්මේත් මූලික අවශ්‍යතාවක් වන ජලය ලබා දීම කෙරෙහි යොමු වූයේ අඩු අවදානයකි. ඒ නිසාම දිස්ත‍්‍රික්කයේ එහා මෙහා හීසර වේගයෙන් පියඹා යන විට මිනිසුන් රංචු පිටින් කළගෙඩි, හට්ටි, මුට්ටි, බෝතල්, ගැලූ‍ම් අතින් කටින් එල්ලාගෙන දිය පොදක් සොයා මයිල හතර පහ හැනිහැම්මේ පයින් යනු අප දැක ඇත්තෙමු. ඒවා ඒ මිනිසුන්ට අලූ‍ත් අත්දැකීම් නොවේ. ඒවා ඒ කලාපයේ ඉතා සුලභ දසුන්ය.

නව ව්‍යාපෘතිය ඔස්සේ ජලය ඝන මීටර් දශ ලක්ෂ 130 ක් වයඹට ගෙන ඒමට අපේක්ෂා කෙරෙන අතර ඉන් සියයට 10 ක් පමණ පිරිසිදු පානීය ජලයයි. මූලය හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගී තත්ත්වයේ බිල්ලක් බවට පත්ව ඇති වයඹ පළාතේ උතුරු කොටසේ ජනතාවට පිරිසිදු පානීය ජලය ලැබීම, පිපාසාව සංසිදුවීමට පමණක් නොව ජීවිතය පිළිබඳ නව බලාපොරොත්තුවක් ජනිත කරන කටයුත්තකි. කුරුණෑගල දිස්ත‍්‍රික්කය මේ වන විටත් වකුගඩු රෝගී අවධානම ඇති දිස්ත‍්‍රික්කයක් ලෙස ප‍්‍රකාශයට පත් කර ඇති අතර, ඉන් වැඩිම අවධානමක් ඇති කලාපය වන්නේ දිස්ත‍්‍රික්කයේ උතුරු කොටසයි. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් 2015 වසරේ නිකුත් කළ වාර්තාවන්ට අනුව කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ මෙතෙක් හදුනාගත් මූලය හදුනානොගත් වකුගඩු රෝගීන් ප‍්‍රමාණය එක්දහස් පන්සියයකට අධිකය. ඉන් වැඩි පිරිසක් ජීවත් වන්නේ යෝජිත වයඹ ඇළ යටතේ පානීය ජලය සැපයිය යුතුයැයි හදුනාගෙන ඇති කලාපයම වීම ද විශේෂත්වයකි.

ජනතාව වැඩිම ජල අර්බුදයකට ලක් වූයේ පානීය ජලය සපයා ගැනීමේදීටත් වඩා සිය ගොවිතැන් කටයුතු සිදු කිරීමේ දී ය. ගොවිබිම් සඳහා අවශ්‍ය ජලය සපයා ගැනීම එකිනෙකා අතර තිබූ සාමූහිකත්වය, සාමකාමීභාවය හා ඥාති හිතමිත‍්‍රකම් ද නැති වී යන කරුණක් බවට පත්ව තිබේ. මහපොළවේ ඇත්තේ වක්කඩක් ඇරීම වැහීම වෙනුවෙන් මිනී මරගන්නා තත්ත්වයකි. එසේම, නිසි පරිදි සිය ගොවි බිම් වෙනුවෙන් අවශ්‍ය ජලය නොලැබීම නිසා වගා බිම් පාළු වීමේ දුක දරා ගැනීමට නොහැකිව සිය දිවි නසාගත් පිරිස ද අපමණය. වතුර පිළිබඳ ප‍්‍රශ්නය, ගොවියන් සදාතනිකවම පීඩාකාරී මානසික තත්ත්වයට හා පිළිතුරක් නැති ප‍්‍රශ්නයකට පැටළවීමේ තත්ත්වයකට පත් කරයි. එපමණක් නොව, ඇතැම් ගොවියන්ගේ අදහස වන්නේ සමහර කාල වලදී ගොවිතැන් කිරීම යුද්ධ කිරීමටත් වඩා අපහසු හා වේදනාකාරී කටයුත්තක් බවයි. වයඹ ඇළ ඔස්සේ සිදු කෙරෙන්නේ එහෙව් දුක් විදින ජනතාවක් වෙනුවෙන් දිය බිඳක් දන් දීමේ මෙහෙයුමයි. එක් පැත්තකින් එය මහාර්ඝ පින්කමකි. අනෙක් අතට එය ජාතියක පණ ගැහෙන මිනිසුන් වෙනුවෙන් දිය හැකි හොඳම දායාදයකි.

කිලෝ මීටර් 92ක දිගින් යුතුව ඉදි කෙරෙන මෙම වයඹ ඇළ මගින් වයඹ හා මධ්‍යම දෙපළාතේ කුඩා වැව් 350 ක් හා ප‍්‍රධාන වැව් අටක් පෝෂණය වීමට නියමිතය. කුරුණැගල දිස්ත‍්‍රික්කයේ නිකවැරටිය, ගල්ගමුව හා හිරියාල මැතිවරණ කොට්ඨාශ වලට අයත් වැව් හතක් සහ මාතලේ දේවහූව වැව ඊට අයත්ය. එලෙස ප‍්‍රතිසංස්කරණය වන වැව් 350 ප‍්‍රාදේශීය ලේකම් බලප‍්‍රදේශ පහකට අයත් වේ. ඉන් 109ක්ම පොල්පිතිගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වන අතර තවත් වැව් 104ක් අයත් වන්නේ මහව ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශයටයි. මේ යටතේ ඇහැටුවැව, ගලේවෙල ප‍්‍රාදේශීය ලේකම් බලප‍්‍රදේශ වල පිළිවෙලින් වැව් 90ක් හා 11ක් ද දඹුල්ලේ එක් වැවක් ද ප‍්‍රතිසංස්කරණය කෙරේ. එසේම, මේ හරහා පෝෂණය වන වැව් ගණන 2,400ක් පමණය.

තවද, මී ඔය, හක්වටුනාඔය හා කලාඔය දෙ‍්‍රා්ණිවල ඇති එල්ලංගා පද්ධති ගණනාවක් යළි පණ ගසා ගොවි බිම් සාරවත් කිරීම වෙනුවෙන් සිය දායකත්වය ලබා දීමට නියමිතය. ඒ අනුව, මානිග්ගමුව, හෑලඹගහමුල, ගල්ලිද, ඇහැටුවැව උල්පත වැව, පහළකැලේ අමුණපොල්පිතිගම, කාතරගම වැනි එල්ලංගා පද්ධති එසේ සංවර්ධනය වනු ඇත. මීට අමතරව මේ යටතේ වෑමැඩිල්ල නව සොරොව්ව, මහකිතුල ජලාශය, මහකිරුල ජලාශය, දඹේ ජලාශය වැනි විශාල ප‍්‍රමාණයේ වාරි පද්ධතීන් නිර්මාණය වන අතර රන්වැඩියා, නිලගම හා මහකිතුල ප‍්‍රදේශ වල දී මීටර් 500 ඉක්මවූ නව උමං තුනක්ද ඉදි වීමට නියමිතය.
මෙම ව්‍යාපෘතිය සිදු කිරීමේ දී මූලිකව මුහුණ පාන ගැටළුවක් වන්නේ සමාජ ආරක්ෂණ වැඩපිළිවල සහ පරිසර හා වනජීවී සංරක්ෂණ වැඩපිළිවෙලයි. මේ වන විටත් ඊට අවශ්‍ය කටයුතු සකසා අවසන් වී තිබේ. මෙවැනි ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමේ දී නිරන්තරයෙන් දකින්නට ලැබෙන සතා සිව්පාවා ගහකොළ ඇළ දොළ නොසලකා හැරීමේ ඛේදවාචකය, මෙම ව්‍යාපෘතියේ දී කිසි ලෙසකින්වත් සිදු නොවන්නටත් සිදුවන හානි අවම කිරීමටත් විද්වතුන් හා විශේෂඥයින් බොහෝ සේ කැපවී වැඩ කරයි. සියලූ‍ කටයතු ආසියානු සංවර්ධන බැංකුවේ 2009 සමාජ ආරක්ෂක ප‍්‍රතිපත්තීන්ට අනුව සිදු කරනු ලැබීම, එම කටයුතු සිදුවන්නේ හිතුවක්කාර ක‍්‍රමවේදයකට නොව ලෝක සම්මත පිරිවිතරයන්ට අනුකූලව බැව් සනාථ කරන්නකි.

මේ අතර, ව්‍යාපෘති බල ප‍්‍රදේශය තුළ ඇති පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණ කටයුතු වෙනුවෙන් පුරාවිද්‍යා බලපෑම් තක්සේරු වාර්තාවක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ඉදිරිපත් කර ඇත. එමගින් ව්‍යාපෘති බල ප‍්‍රදේශයේ පුරාවිද්‍යාත්මක ස්ථානවලට ව්‍යාපෘතිය මගින් සිදුවන බලපෑම අවම කිරීමට යෝජනා කර තිබේ. එනම්, මෙම ව්‍යාපෘතිය ඉතිහාසයක් යට කරමින් ඉතිහාසය දියේ ගිල්වමින් ජලය රැුගෙන යන ව්‍යාපෘතියක් නොවන බවත් මෙම ජලය රැුගෙන යන්නේ ප‍්‍රදේශයේ වටිනාකම්, උරුමයන් හා සංස්කෘතික අනන්‍යතාවන් ආරක්ෂා කර ගනිමින් බැව් අප සිහියේ තබා ගත යුතුය.
සංශිප්තව පවසන්නේ නම්, වයඹ ඇළ ව්‍යාපෘතිය අවසන් වීමෙන් පසු කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ උතුරු කොටස වෙත ලැබෙන ජලය ප‍්‍රමාණය ගණන් බලා ඇත්තේ වාර්ෂිකව අක්කර අඩි 105,000ක් බවයි. වයඹ ඇළ ව්‍යාපෘතිය සඳහා ගණන් බලා ඇති මුළු වියදම රුපියල් කෝටි 3,000ක් වන අතර 2024 වසර වන එහි වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් වීමට නියමිතය. ඍජුවම පවුල් 13,000ක් පමණ මෙමගින් ප‍්‍රතිලාභ ලැබීමට නියමිත අතර මෙම ජල කෙ`දන් පෝෂණය වීමට නියමිත මුළු වගා බිම් ප‍්‍රමාණය හෙක්ටයාර් 12,500කි. එසේම, මෙමගින් වක‍්‍ර ප‍්‍රතිලාභ ලබන පවුල් ප‍්‍රමාණය 40,000ක් පමණ වේ.

කිරිඅත්තලාට ද අප්පච්චිලාටද සිහිනයක් පමණක් වූ, වයඹ කුඹුරු මතින් උචාරුවට දුවන මහවැලි වතුර වල පහස අත්විදීමට අපටත් අපේ දරුවන්ටත් හැකි වෙන දිනය වැඩි ඈතක නොවේ. ඒ හැම දිය බි`දකින්ම නිවෙන්නේ අපේ පිපාසාවයි. අස්වැද්දෙන්නේ අපේ ගොවිබිම්ය. ගොවිකම සිගමන් යැදීමක් වාගේ යැයි වැව් ගම්මාන වල මිනිසුන්ගේ සිත් තුළ වූ අ`දුරු අදහස දුරලා ගොවිකම් කිරීම රජකම් කිරීම තරමටම ආඩම්බර හා විරාජමාන කටයුත්තක් යැයි හඩගා කීමට අපේ ගම්මාන වල මිනිසුන්ට හැකිවනු ඇත. වයඹ ඇළ දිගේ පැමිණෙන ජලකෙ`දන් දියදෝතක් ගෙන, පිරිත් කරන්නට අපි බලා සිටින්නෙමු. ඒ පිරිත් පැන් මුළු වයඹටම ආසිරි ගෙනෙනු ඇත.

🖋 Bharatha Prabhashana Thennakoon
📰 Sunday Lakbima (19.08.2018)
📜 page 24

Thursday, August 16, 2018

Long Walk to Water Autonomy



[by : Bharatha Prabhashana Thennakoon & Chinthana Nanayakkara]

Wanni! The moment you mention the word it immediately brings to your mind an endless stretch of parched and scorched earth. It immediately brings to your mind an endless stretch of hot midsummer sky devoid of the faintest hint of rain. Even the wind is coarse and dry. Trees and leaves have shrivelled and wizened. Gaunt and skeletal, cattle graze on dead grass that is more like sand. People make their living by chena cultivation against all odds. Paddy cultivation they have given up - not because they detest it, but because of the nagging doubt about timely rain.

However, amidst all daunting challenges people in Wanni haven’t abandoned their constant battle with earth as yet, toiling in defiance to make their chena cultivation and its improbable harvest a reality. From the time of our ancestors, we have seen Wanni in this plight. Does that mean our future generations too should experience Wanni the same way?

Construction of Wayamba Canal along with the ‘resurrection of 2,400 tanks’ programme is due to be commenced this month under the patronage of President Maithripala Sirisena. As the people in Wayamba, we could not describe our happiness when we first heard the news that all necessary steps have been taken to provide water to the dwellers in the Kurunegala district.

In their youth, our ancestors, unfortunately, failed to witness the promise of Wayamba Canal being fulfilled. A promise which was mentioned casually somewhere in the to-do list of national or regional political leaders who came to power from time to time. Our ancestors are no more with us. It is now our turn.

Yes, we were under the impression that ‘Mahaweli Water to Wayamba’ is just an illusion intended for our current generation also - who are engaged in an eternal struggle with soil - and remain so for our future generations as well, but the recent news tells us otherwise - creating strong trust in our minds about the Wayamba Canal initiative.

Wayamba Canal project

Wayamba Canal project takes place in compliance with his 2015 ‘Maithree Governance – A Stable Country’ election mandate in which President Maithripala Sirisena pledged his people that he ‘will take measures to repair clogged irrigation systems and remove silt-formed tank beds so as to preserve abundant rainwater and face climatic changes’.

First, high-level talks dealing the issue in detail regarding the scarcity of water for the people in Wayamba dates back to 1960s. But it remained unresolved, despite the eagerly anticipated solutions proffered by the Mahaweli Project or the various water management programmes based on Deduru Oya, which meandered across the Wanni region itself. Ever since then, people in Wanni were unwilling to place much faith on political discussions that concerned supplying water for their agricultural requirements.

Cultivators and farmers in Wayamba had much zeal and zest to exert themselves dedicatedly to the task of tillage. But the shortage of water brought their large-scale agribusiness to an inevitable halt. The only answer left to them was to depend on rainwater.

So when rainwater pools into tanks - which are actually man-made excavations engineered during the reign of the Sinhalese Kings - people in Wanni utilize it to the last drop. They have to. Because of the searing heat, evaporation occurs swiftly. There were times when the tanks in Wanni contained ample water. But today they are not much different from abandoned playgrounds. Few tanks still stubbornly hold on, looking – pitifully - not more than mere ponds.

In this context, it is not much of a new experience for people in Wanni to endure lengthy periods of drought when it becomes extremely problematic and difficult for them to obtain water to drink let alone farm their lands. Especially for the people living in the northern sector of Kurunegala district, this tragic situation is a part of their everyday life. True, roads had been built and buildings erected, but the necessity of providing a sufficient water supply to the region always received poor attention and went unnoticed. The ultimate result was; groups of villagers walking miles on foot - with buckets, pots, bottles and cans in hand - to fetch water from faraway wells. Yeah, it might sound unbelievable to you. But the scene is commonplace.

Through this proposed new project, it is expected to channel 130 million cubic metres of water to Wayamba. Ten percent of that amount is clean, distilled water suitable for drinking. This may also help alleviate the infamous, hereditary kidney ailment the people in Wayamba have been mysteriously suffering from generation to generation.

Already, the Kurunegala district has been identified as ‘risky’ in relation to this Chronic Kidney Disease of unknown aetiology (CKDu), the origins of which are still at the debate. It has been identified that the northern zone of Kurunegala district has the highest risk exposure to CKDu. According to statistics published in 2015 by the Ministry of Health, the number of patients having CKDu has surpassed – staggering and shocking - one thousand five hundred. It should be specially noted here that a majority of these patients live in the region which will be provided with drinkable distilled water under the Wayamba Canal project.

Water for paddy cultivation

The next gravest worry that stems from the water crisis in Wanni is obtaining adequate water for paddy cultivation. In desperate times, things easily escalate and the cooperation, harmony and togetherness that prevailed among farmers since bygone times have started to gradually fade away. Even the opening or closing of the smallest water conduit has driven people to the point of ending the lives of one another. Unable to bear the loss of harvest many have committed suicide.

The water crisis has worn out the farmers. For them, it is a question without an answer. Some say, going to farm is more painful than going to war. The construction of Wayamba Canal is in some sense a humanitarian operation of its kind that hopes to sooth the sorrows of such people in distress, bestowing them with the invaluable gift of much-needed water. In one hand, it is an alms giving at a supreme level. On the other hand, it is an excellent endowment that can be conferred on a distraught community of our nation to end their long-lasting grievances.

With a breathtaking expanse of 92 kilometres, Wayamba Canal is expected to steadily flow into eight main lakes and 350 other smaller tanks that span the breadth of Wayamba and Central provinces. Consequently, 2,400 additional tanks connected to the ancient Tank Cascading System (TCS) that is unique to our country, will be water fed by the excess release of the leading tanks.

The eight main lakes belong to Nikaweratiya, Galgamuwa and Hiriyala electorates in the Kurunegala district. One of the lakes, Devahoowa comes under Matale district.

The 350 smaller tanks belong to five divisional secretariats. They are Polpithigama Divisional Secretariat (109 tanks), Maho Divisional Secretariat (104 tanks), Ehetuwewa Divisional Secretariat (90 tanks), Galewela Divisional Secretariat (11 tanks) and Dambulla Divisional Secretariat (1 tank).

Further, a myriad of ‘lake clusters’ - each consisting of a parent lake and several infant lakes dependent on it – that are nestled in the Basins of Mee Oya, Hakwatuna Oya and Kalaa Oya, will come to life with the rejuvenating new water flow.

Most significant lake clusters are Maniggamuwa, Helembagahamula, Gallinda, Ehetuwewa, Ulpatha Wewa, Pahalakele Amuna, Polpithigama and Kataragama.

In addition to this, large-scale irrigation projects are scheduled to be started at the wake of Wayamba Canal. Some of them are Mahakithuala reservoir, Mahakiruala reservoir, Dambe reservoir and Wemedilla new sluice. And yes - three underground tunnels more than 500 metres in length will be built focusing the areas of Ranwediya, Nilagama and Mahakithula.

One of the key issues in this project is to be compliant with the Social Security Programme and Forestry Preservation Programme. Already, arrangements have been made to face the required standards.

National heritage

When implementing projects of this kind, a frequently observed shortcoming is that the vital components of Mother Nature tend to be ignored. But this time it is going to be different. Scientists and scholars are dedicated to the task of mitigating the impact on nature at all costs. All functions of the project are carried out according to the 2009 Social Security policies endorsed by the Asian Development Bank. This guarantees that the Wayamba Canal project will be closely monitored by ADB and will not proceed according to anyone’s whims or fancies.

Meanwhile, the Department of Archaeology has submitted a report on how this project will affect the archaeological sites in the project area and how to preserve them. The report has proposed to minimize the harm that the Wayamba Canal could bring on our national heritage. We should keep it in our mind that the Wayamba Canal is not a project that drowns our glorious history. It should carry water to the needy whilst protecting our regional values and cultural inheritance.

In brief, at the culmination of this project in 2024, the northern parts of the Kurunegala district will be provided with an annual water supply up to the capacity of the 105,000-acre foot. The total cost of the project is calculated at Rs. 30 billion. 13,000 families will directly (40, 000 families indirectly) benefit from this new water resource and 12,500 hectares of cultivable land will be well nourished with water.

The day we and our kids will watch and feel the seeping waters of Mahaweli across the paddy fields of Wayamba, which had been only a dream for the past generations, is not far. Each drop of that water will quench our thirst. Each drop of that water will enrich our lands. At last, our farmers will be able to stand up proudly as farmers. They will be beggars no more. As in the ancient times, they will again come to be treated as kings. Farming will no more be an ordeal.

We are waiting for that historical moment to scoop up a handful of crystal clear water that will soon reach us through the Wayamba Canal. Blessed with pirith chanting, the waters will no doubt bring prosperous times to the entire Wanni region.

Daily News 16.08.2018
(Page 11) Lake House - ANCL

Tuesday, August 14, 2018

වයඹට වතුර..



වයඹ ඇළ ඉදිකිරීම හා වැව් දෙදහස් හාරසියයක් ප‍්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන මේ මස අග දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතින් ආරම්භ වීමට නියමිතය. වයඹ ඇළ සංවර්ධනය කරමින් කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ජනතාව වෙත ජලය ලබා දීමට පියවර ගන්නේ යැයි ඇසුණු විගසම වයඹ වැසියන් වූ අප සිත් තුළ ඇති වූ ප‍්‍රීතිමත් හැඟීම වචනයෙන් විස්තර කරනු නොහැක. 

කාලයෙන් කාලයට ආ ජාතික හා ප‍්‍රත්‍යන්ත පාලකයින්ගේ පොරොන්දු ලයිස්තුවේ මුලක මැදක හෝ අගක තිබූ වයඹ ඇළ ගැන පොරොන්දුව, යථාර්ථයක් වනු දැකිමට තරුණයින් ලෙස ඒවායෙන් උපරිම ප‍්‍රතිලාභ ලබා ගත හැකි වැඩකරන වයසේ සිටියදී අපේ කිරිඅත්තලා ද අපේ අප්පච්චිලා ද අසමත් වූහ. මේ අපේ කාලයයි. මහපොළව සමග පොරබදින අපේ පරම්පරාවට ද වයඹට මහවැලි වතුර යන්න හීනයක් පමණක්ම වී අපේ දරුවන්ගේ පරම්පරාවට උරුම වෙතැයි අප සිතා සිටියෙමු. නමුත්, තවදුරටත් වයඹට මහවැලි වතුර යන්න හීනයක් නම් වඩාත්ම සුවදායක වන්නේ තවත් පරම්පරාවකට වතුර ගැන කඩවුණු බලාපොරොත්තු ඉතිරි කරනවා වෙනුවට ගොවිතැන්බත් පසෙකළා වෙන යමක් ගැන බලා ගැනීමට ඊළග පරම්පරාවේ හිත හදාගත යුතුව ඇත. එසේ නමුත්, මේ ඇසෙන පුවත් එසේ එසේ නොවන්නේ යැයි අප සිත් තුළ විශ්වාසයක් ගොඩනගන්නට සමත්ව තිබේ.
යටකී සිහිනය සැබෑ වන්නේ නම් ඒ සැබෑ වන්නේ, ”මහා වැස්සෙන් වැටෙන ජලය සුරක්ෂිත කර ගැනීමට ද දේශගුණික විපර්යාසයට මුහුණ දීමට ද උපකාරී වන පරිදි ඇහිරී ඇති වාරි පද්ධති යළි ප‍්‍රතිසංස්කරණය කිරීම හා ගොඩ වී ඇති වැව් වල රොන් මඩ ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු ආරම්භ කරන්නෙමි”යි 2015 ජනාධිපතිවරණයට අදාලව ඉදිරිපත් කෙරුණු මෛත‍්‍රී පාලනයක් ස්ථාවර රටක් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ මෙසේ සඳහන් වූ පොරොන්දුවයි.

කළුගග මොරගහකන්ද ව්‍යාපෘති යටතේ තවත් උපප‍්‍රධාන ව්‍යාපෘති කිහිපයක් ඵල දැරීමට නියමිත අතර මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන ඔස්සේ ඉදිවෙන උතුරට ජලය ගෙන යන උතුරු (මහ* ඇළ සංවර්ධන ව්‍යාපෘතිය ඉන් ප‍්‍රධානය. එසේම, දිවයිනේ ප‍්‍රධානතම කෘෂිකාර්මික දිස්ත‍්‍රික්කයක් මෙන්ම ජලය ප‍්‍රමාණවත් තරමින් නොමැතිකම හේතුවෙන් පානීය හා වගා යන දෙකාර්යය සඳහාම ජලය හිග පළාතක් වන වයඹ පළාතේ කුරුණෑගල දිස්ත‍්‍රික්කයට ජලය ගෙන යන වයඹ ඇළ ව්‍යාපෘතිය ඒ අතර තවත් කැපී පෙණෙන ව්‍යාපෘතියකි. තවද, මිණිපේ ඇළ ව්‍යාපෘතියට ද හිමි වන්නේ සුවිශේෂී වටිනාකමකි.
වයඹ පළාතේ ගොවි ජනතාවගේ ජල ප‍්‍රශ්නය පිළිබඳ මූලිකව නමුත් පුළුල්ව කතා කෙරෙන්නේ එක්දහස් නවසිය හැටේ දශකය තරම් දුරාතීතයේ සිටයි. ගොවි ¥ පුතුන්ගේ ශක්තිය ද වුවමනාව ද කැප වී වැඩ කිරීමට ඇති හැකියාව ද තිබුණත්, මහපොළව අස්සැද්දීමට අවැසි මූලිකම අවශ්‍යතාව වන ජලය නොලැබීම හේතුවෙන් ඒ සියලූ සාධනීය අංගයන් යටපත් කරගෙන පුරන් බව නැගී සිටියේය. අහස් දිය ගැන විශ්වාසය තැබීම ඔවුන් හමුවේ වූ එකම පිළිතුරයි. අහසින් වැටෙන දිය බිදු වැව් අමුණු වල ඒකරාශී කරගන්නා ඔවුහු ඒ දිය සිෙක්‍ෂන තෙක් ගොවිතැන්බත් කරති.

වැහි වළාකුළු වලට වඩා ඝන කාශ්ඨකය හුරු වයඹ අහස, ඇදහැළෙන මහවැසි වලින් රොක් කරගන්නා හැම ජල බිදුවක්ම වාගේ වාෂ්ප කරන්නේ නොසිතනා වේගයෙනි. එවැනි පසුබිමක කුරුණෑගල මුල් කර ගත් වයඹ වැසියන්ට වගා බිම් වලට පමණක් නොව, බීමට පවා ජලය නොලැබෙන කාල වකවානු යනු අමුතු අත්දැකීමක් නොවන්නේය. විශේෂයෙන්ම කුරුණැගල දිස්ත‍්‍රික්කයේ උතුරු කොටසට අයත් ප‍්‍රදේශවල ජනතාව මේ වේදනාව සිය ජීවිතයේ කොටසක් කරගෙන සිටියි. ගම්මාන මැදින් මංතීරු දෙකේ-හතරේ මංමාවත් ඉදිවුවත්, එකඑක නම් වලින් ගොඩනැගිලි මාලිගා ආදිය ඉදිවූවත් ගම්මුන්ගේ ආර්ථිකයේත් දිවි පැවැත්මේත් මූලික අවශ්‍යතාවක් වන ජලය ලබා දීම කෙරෙහි යොමු වූයේ අඩු අවදානයකි. ඒ නිසාම දිස්ත‍්‍රික්කයේ එහා මෙහා හීසර වේගයෙන් පියඹා යන විට මිනිසුන් රංචු පිටින් කළගෙඩි, හට්ටි, මුට්ටි, බෝතල්, ගැලූම් අතින් කටින් එල්ලාගෙන දිය පොදක් සොයා මයිල හතර පහ හැනිහැම්මේ පයින් යනු අප දැක ඇත්තෙමු. ඒවා ඒ මිනිසුන්ට අලූත් අත්දැකීම් නොවේ. ඒවා ඒ කලාපයේ ඉතා සුලභ දසුන්ය.

නව ව්‍යාපෘතිය ඔස්සේ ජලය ඝන මීටර් දශ ලක්ෂ 130 ක් වයඹට ගෙන ඒමට අපේක්ෂා කෙරෙන අතර ඉන් සියයට 10 ක් පමණ පිරිසිදු පානීය ජලයයි. මූලය හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගී තත්ත්වයේ බිල්ලක් බවට පත්ව ඇති වයඹ පළාතේ උතුරු කොටසේ ජනතාවට පිරිසිදු පානීය ජලය ලැබීම, පිපාසාව සංසිදුවීමට පමණක් නොව ජීවිතය පිළිබඳ නව බලාපොරොත්තුවක් ජනිත කරන කටයුත්තකි. කුරුණෑගල දිස්ත‍්‍රික්කය මේ වන විටත් වකුගඩු රෝගී අවධානම ඇති දිස්ත‍්‍රික්කයක් ලෙස ප‍්‍රකාශයට පත් කර ඇති අතර, ඉන් වැඩිම අවධානමක් ඇති කලාපය වන්නේ දිස්ත‍්‍රික්කයේ උතුරු කොටසයි. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් 2015 වසරේ නිකුත් කළ වාර්තාවන්ට අනුව කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ මෙතෙක් හදුනාගත් මූලය හදුනානොගත් වකුගඩු රෝගීන් ප‍්‍රමාණය එක්දහස් පන්සියයකට අධිකය. ඉන් වැඩි පිරිසක් ජීවත් වන්නේ යෝජිත වයඹ ඇළ යටතේ පානීය ජලය සැපයිය යුතුයැයි හදුනාගෙන ඇති කලාපයම වීම ද විශේෂත්වයකි.

ජනතාව වැඩිම ජල අර්බුදයකට ලක් වූයේ පානීය ජලය සපයා ගැනීමේදීටත් වඩා සිය ගොවිතැන් කටයුතු සිදු කිරීමේ දී ය. ගොවිබිම් සඳහා අවශ්‍ය ජලය සපයා ගැනීම එකිනෙකා අතර තිබූ සාමූහිකත්වය, සාමකාමීභාවය හා ඥාති හිතමිත‍්‍රකම් ද නැති වී යන කරුණක් බවට පත්ව තිබේ. මහපොළවේ ඇත්තේ වක්කඩක් ඇරීම වැහීම වෙනුවෙන් මිනී මරගන්නා තත්ත්වයකි. එසේම, නිසි පරිදි සිය ගොවි බිම් වෙනුවෙන් අවශ්‍ය ජලය නොලැබීම නිසා වගා බිම් පාළු වීමේ දුක දරා ගැනීමට නොහැකිව සිය දිවි නසාගත් පිරිස ද අපමණය. වතුර පිළිබඳ ප‍්‍රශ්නය, ගොවියන් සදාතනිකවම පීඩාකාරී මානසික තත්ත්වයට හා පිළිතුරක් නැති ප‍්‍රශ්නයකට පැටළවීමේ තත්ත්වයකට පත් කරයි. එපමණක් නොව, ඇතැම් ගොවියන්ගේ අදහස වන්නේ සමහර කාල වලදී ගොවිතැන් කිරීම යුද්ධ කිරීමටත් වඩා අපහසු හා වේදනාකාරී කටයුත්තක් බවයි. වයඹ ඇළ ඔස්සේ සිදු කෙරෙන්නේ එහෙව් දුක් විදින ජනතාවක් වෙනුවෙන් දිය බිඳක් දන් දීමේ මෙහෙයුමයි. එක් පැත්තකින් එය මහාර්ඝ පින්කමකි. අනෙක් අතට එය ජාතියක පණ ගැහෙන මිනිසුන් වෙනුවෙන් දිය හැකි හොඳම දායාදයකි.

කිලෝ මීටර් 92ක දිගින් යුතුව ඉදි කෙරෙන මෙම වයඹ ඇළ ගින් වයඹ හා මධ්‍යම දෙපළාතේ කුඩා වැව් 350 ක් හා ප‍්‍රධාන වැව් අටක් පෝෂණය වීමට නියමිතය. කුරුණැගල දිස්ත‍්‍රික්කයේ නිකවැරටිය, ගල්ගමුව හා හිරියාව මැතිවරණ කොට්ඨාශ වලට අයත් වැව් හතක් සහ මාතලේ දේවහූව වැව ඊට අයත්ය. එලෙස ප‍්‍රතිසංස්කරණය වන වැව් 350 ප‍්‍රාදේශීය ලේකම් බලප‍්‍රදේශ පහකට අයත් වේ. ඉන් 109ක්ම පොල්පිතිගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වන අතර තවත් වැව් 104ක් අයත් වන්නේ මහව ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශයටයි. මේ යටතේ ඇහැටුවැව, ගලේවෙල ප‍්‍රාදේශීය ලේකම් බලප‍්‍රදේශ වල පිළිවෙලින් වැව් 90ක් හා 11ක් ද දඹුල්ලේ එක් වැවක් ද ප‍්‍රතිසංස්කරණය කෙරේ. එසේම, මේ හරහා පෝෂණය වන වැව් ගණන 2,400ක් පමණය.

තවද, මී ඔය, හක්වටුනාඔය හා කලාඔය දෙ‍්‍රා්ණිවල ඇති එල්ලංගා පද්ධති ගණනාවක් යළි පණ ගසා ගොවි බිම් සාරවත් කිරීම වෙනුවෙන් සිය දායකත්වය ලබා දීමට නියමිතය. ඒ අනුව, මානිග්ගමුව, හෑලඹගහමුල, ගල්ලිද, ඇහැටුවැව උල්පත වැව, පහළකැලේ අමුණපොල්පිතිගම, කාතරගම වැනි එල්ලංගා පද්ධති එසේ සංවර්ධනය වනු ඇත. මීට අමතරව මේ යටතේ වෑමැඩිල්ල නව සොරොව්ව, මහකිතුල ජලාශය, මහකිරුල ජලාශය, දඹේ ජලාශය වැනි විශාල ප‍්‍රමාණයේ වාරි පද්ධතීන් නිර්මාණය වන අතර රන්වැඩියා, නිලගම හා මහකිතුල ප‍්‍රදේශ වල දී මීටර් 500 ඉක්මවූ නව උමං තුනක්ද ඉදි වීමට
මෙම ව්‍යාපෘතිය සිදු කිරීමේ දී මූලිකව මුහුණ පාන ගැටළුවක් වන්නේ සමාජ ආරක්ෂණ වැඩපිළිවල සහ පරිසර හා වනජීවී සංරක්ෂණ වැඩපිළිවෙලයි. මේ වන විටත් ඊට අවශ්‍ය කටයුතු සකසා අවසන් වී තිබේ. මෙවැනි ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමේ දී නිරන්තරයෙන් දකින්නට ලැබෙන සතා සිව්පාවා ගහකොළ ඇළ දොළ නොසලකා හැරීමේ ඛේදවාචකය, මෙම ව්‍යාපෘතියේ දී කිසි ලෙසකින්වත් සිදු නොවන්නටත් සිදුවන හානි අවම කිරීමටත් විද්වතුන් හා විශේෂඥයින් බොහෝ සේ කැපවී වැඩ කරයි. සියලූ කටයතු ආසියානු සංවර්ධන බැංකුවේ 2009 සමාජ ආරක්ෂක ප‍්‍රතිපත්තීන්ට අනුව සිදු කරනු ලැබීම, එම කටයුතු සිදුවන්නේ හිතුවක්කාර ක‍්‍රමවේදයකට නොව ලෝක සම්මතය පිරිවිතරයන්ට අනුකූලව බැව් සනාථ කරන්නකි.

මේ අතර, ව්‍යාපෘති බල ප‍්‍රදේශය තුළ ඇති පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණ කටයුතු වෙනුවෙන් පුරාවිද්‍යා බලපෑම් තක්සේරු වාර්තාවක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ඉදිරිපත් කර ඇත. එමගින් ව්‍යාපෘති බල ප‍්‍රදේශයේ පුරාවිද්‍යාත්මක ස්ථානවලට ව්‍යාපෘතිය මගින් සිදුවන බලපෑම අවම කිරීමට යෝජනා කර තිබේ. එනම්, මෙම ව්‍යාපෘතිය ඉතිහාසයක් යට කරමින් ඉතිහාසය දියේ ගිල්වමින් ජලය රැුගෙන යන ව්‍යාපෘතියක් නොවන බවත් මෙම ජලය රැුගෙන යන්නේ ප‍්‍රදේශයේ වටිනාකම්, උරුමයන් හා සංස්කෘතික අනන්‍යතාවන් ආරක්ෂා කර ගනිමින් බැව් අප සිහියේ තබා ගත යුතුය.
සංශිප්තව පවසන්නේ නම්, වයඹ ඇළ ව්‍යාපෘතිය අවසන් වීමෙන් පසු කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ උතුරු කොටස වෙත ලැබෙන ජලය ප‍්‍රමාණය ගණන් බලා ඇත්තේ වාර්ෂිකව අක්කර අඩි 105,000ක් බවයි. වයඹ ඇළ ව්‍යාපෘතිය සඳහා ගණන් බලා ඇති මුළු වියදම රුපියල් කෝටි 3,000ක් වන අතර 2024 වසර වන එහි වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් වීමට නියමිතය. ඍජුවම පවුල් 13,000ක් පමණ මෙමගින් ප‍්‍රතිලාභ ලැබීමට නියමිත අතර මෙම ජල කෙක්‍ෂන් පෝෂණය වීමට නියමිත මුළු වගා බිම් ප‍්‍රමාණය හෙක්ටයාර් 12,500කි. එසේම, මෙමගින් වක‍්‍ර ප‍්‍රතිලාභ ලබන පවුල් ප‍්‍රමාණය 40,000ක් පමණ වේ.

කිරිඅත්තලාට ද අප්පච්චිලාටද සිහිනයක් පමණක් වූ, වයඹ කුඹුරු මතින් උචාරුවට දුවන මහවැලි වතුර වල පහස අත්විදීමට අපටත් අපේ දරුවන්ටත් හැකි වෙන දිනය වැඩි ඈතක නොවේ. ඒ හැම දිය බිදකින්ම නිවෙන්නේ අපේ පිපාසාවයි. අස්වැද්දෙන්නේ අපේ ගොවිබිම්ය. ගොවිකම සිගමන් යැදීමක් වාගේ යැයි වැව් ගම්මාන වල මිනිසුන්ගේ සිත් තුළ වූ අදුරු අදහස දුරලා ගොවිකම් කිරීම රජකම් කිරීම තරමටම ආඩම්බර හා විරාජමාන කටයුත්තක් යැයි හඩගා කීමට අපේ ගම්මාන වල මිනිසුන්ට හැකිවනු ඇත. වයඹ ඇළ දිගේ පැමිණෙන ජලකෙක්‍ෂන් දියදෝතක් ගෙන, පිරිත් කරන්නට අපි බලා සිටින්නෙමු. ඒ පිරිත් පැන් මුළු වයඹටම ආසිරි ගෙනෙනු ඇත.

Bharatha Prabhashana Thennakoon
අද දිණමිණ

Monday, August 13, 2018

තෙවසරකට පසු; ආණ්ඩුවේ ප්‍රගති වාර්තාව..


රාජ්‍ය පාලනය සදහා කළින් කළට ආණ්ඩු පත් වෙති. ඒවා සමහරකට උප්පත්තියෙන්ම නම් ඇත. තවත් සමහරකට ආණ්ඩුව කරගෙන යද්දී මිනිසුන් විසින් නම් දෙති. ඒ අනුව, දැන් රට කරන්නේ යහපාලන ආණ්ඩුවයි. එක් පැත්තකින් යහපාලන ආණ්ඩුව යනු මේ ආණ්ඩුවේ නමය. තවත් පැත්තකින් ම් ආණ්ඩුව යහපාලන මූලධර්මයන් හා ප්‍රමිතීන් රට තුළ පැළ කිරීමට යම් සාධනීය උත්සාහයක් දැරූ ආණ්ඩුවක් ලෙස සැලකේ. ආණ්ඩුවේ රාජ්‍ය පාලනය ගැන ගුණ වගේම අගුණත් ජනතාවගේ පැත්තෙන් තිබේ. එසේම, පක්ෂ පාට ජාති ආගම් බේදයකින් තොරව මධ්‍යස්ථය බලන කෙනෙකුට ද ආණ්ඩුව ගැන කියන්නට හොද වගේම නරකත් ඇත.

2015 අගෝස්තු 17 වැනිදා පැවති ඡන්දයෙන් අලුත් ආණ්ඩුවක් පත් වන්නේ අලුත් ජනාධිපතිවරයකු පත් වී අට මාසයකට පසුවය. ජනවාරි මාසයේ තිබූ දේශපාලන රැල්ල ඒ වන විටත් වෙනස් වී තිබිණි. ජනවාරි මාසය වන විට එකම දිශාවකට හමා යමින් තිබූ සුළං ප්‍රවාහය විවිධ පැති වලට හැරවීම ඒ වන විටත් ආරම්භ වී තිබිණි. ජනාධිපතිවරණයේ දී එක් පුද්ගලයෙක් හා වැඩපිළිවෙලක් කෙරෙහි තිබූ විශ්වාසය හා ඒ වැඩ පිළිවෙල පිළිගැනීමේ තත්ත්වය, අගෝස්තු වන විට තිබුණේ දියාරු වූ තත්ත්වයකය. එහෙයින්, ඉන් වසර තුනක් ගෙවී ගොස් ඇති මේ මොහොතේ එකම වේගයෙන් එකම දිශාවකට සුළං හමන්නා වාගේ ජනතා කැමැත්තක් ආණ්ඩුව කෙරෙහි පවතී යැයි විශ්වාස කිරීම නොකළ යුතුය. එසේම, ස්වභාවයෙන්ම ආණ්ඩුවක කාලය දවසින් දවස ගෙවෙද්දී ආණ්ඩු කෙරෙහි වූ ජනතා උනන්දුව ටිකෙන් ටික දියාරු වී යාම, අර්බුදයක් නොව සාමාන්‍ය තත්ත්වයකි. කෙසේ නමුත්, සිය නිල කාලයෙන් හරි අඩටත් වඩා වැඩි කාලයක් ගෙවා අවසන් කර පරණ වෙමින් තිබෙන අලුත් ආණ්ඩුවේ ප්‍රගති වාර්තාව ගැන උඩින් පල්ලෙන් හෝ කියවීමට මෙය අවස්ථාවක් කර ගත යුතුය.

අලුත් ආණ්ඩුවේ ප්‍රගතිශීලීම තීන්දුවක් ලෙස සැලකිය හැක්කේ තොරතුරු දැන ගැනීමේ පනත හා විගණන පනත සම්මත කිරීමයි. පොදු ජනතාවගේ මිල මුදල් ගැන, රටේ ජනතාවට ඉටු විය යුතු සේවාවන් ගැන, ජනතා අභිලාෂයන් අරමුණු සහ අපෙක්ෂාවන් දිනා ගැනීම ගැන, ආණ්ඩුවේ විනිවිදභාවය හා අවංකකම ගැන ජනතාවට දැන ගැනීමට හැකි ප්‍රධාන ප්‍රවේශ දොරටු දෙකක් ලෙස මෙම පනත් දෙක සැලකිය හැකිය. මෙහි විශේෂත්වයක් වන්නේ, මෙම පනත් දෙකටම කාලයක සිට කේන්දර හදා තිබුණත් වින්නඹුකම කිරීමට කිසිවෙක් එඩිතර නොවීමයි. පාර්ලිමේන්තුව සූදානම් වූ විට ජනාධිපති හරස් කැපුවේය. ජනාධිපතිවරයා සූදානම් වූ විට පාර්ලිමේන්තුව හරස් කැපුවේය. නමුත්, ජනාධිපතිවරයාගේ පැත්තෙන් ආ සහායේ ප්‍රබලතාවත්, ජනතාවගෙන් හා බලපෑමේ ප්‍රබලතාවත් සැලකූ විට අලුත් ආණ්ඩුව යටතේ එය නොකර සිටීමට බැරි තත්ත්වයක් උදා විය. යහපාලන ආණ්ඩුව වචනාර්ථයෙන්ම යහපාලනය වෙනුවෙන් වෙහෙසවෙන බවට තහවුරු කිරීමට මේ පනත් දෙකම සෑහෙන තරම් නිදර්ශනයකි.

ඊට අමතරව අලුත් අධිකරණ පිහිටුවීම මෙන්ම මුල්‍ය අපරාධ හා දූෂණ පිළිබද විමර්ශනයට අදාලව අලුත් ආයතන බලගැන්වීම ආදිය ගැන ජනතාව තුළ තිබුණේ ඉතා ඉහළ විශ්වාසයකි. සියලු සොරුන් එක් රාත්‍රියකින් ගිලටීනයට දක්කාගෙන යන තෙක් ජනතාව බලා සිටියහ. ජනතාව ආණ්ඩුවට බලය දුන්නේ ඒ වෙනුවෙනි. අන්තිමට වූයේ, මේ සියලු ආයතන වල දොරකඩයන් වෙයිස්කට් වේදිකා බලට පත් වීමය. මහදවල් මහ සොරකම් කළ කම්භ හොරුන් පැය හත අට ඒ ගැන සාක්ෂි දී එළියට පැමිණ හිරි ඇරගන්නටත් එක්කම ආණ්ඩුවට දොඹෙන් නෙළීමට ඒ කැදවීම් අවස්ථාවක් කර ගත්තෝය. හොරු අල්ලන්නට ගිය ආණ්ඩුවට සිදු වූයේ, සැකකාර හොරුන්ගේ වෙයිස්කට් කවුන්ටර් කරන්නට තැන තැන මාධ්‍ය සාකච්ඡා පවත්වමින් හැල්මේ දුවන්නටය.

යහපාලන ආණ්ඩුවක් හෝ වේවා, ලිච්ඡවී සම්ප්‍රදායක් හෝ වේවා ආණ්ඩුවේ සාමූහිකත්වය හෝ වේවා, ආණ්ඩුව හා ජනතාව අතර තිබිය යුත්තේ එක් පාළමකි. සිටිය යුත්තේ එක ලොක්කෙකි. තිබිය යුත්තේ එක් තීන්දුවකි. ගෙවුණු තුන් වසර තුළ මේ ගැන නම් කතා කර ඵලක් නැති තරමේ සිද්ධීන් ගණනාවක්ම දකින්නට ලැබුණේය. සමහර ඒවා ප්‍රහසන වූ අතර තවත් සමහර ඒවා ඛේදවාචකයන්ය. ආණ්ඩුව හෝ වේවා රජය හෝ වේවා තීන්දු ගත යුත්තේ නායකයාගේ අවසානුමැතියෙනි. නමුත්, මේ ආණ්ඩුව යටතේ රාජ්‍ය නායකයා හෝ ආණ්ඩුවේ නායකයා මෛත්‍රීපාල සිරිසේන නොව තමන් යැයි සිතා වැඩ කළ ඇමතිවරුන් හා එවැනි අවස්ථාවන් කිහිපයක් නිසා ආණ්ඩුව අන්තයටම බාල්දු වූ අවස්ථාවන් තිබේ. පොදු මේසයේ දී එක්කෝ කටපියාගන සිට හෝ එක්කෝ පොදු අදහසට එකග වී එළියට ගොස් තම තමන්ගේ අභිමතනයන් ක්‍රියාත්මක කළ නිසා ජනාධිපතිවරයාට එවැනි තීන්දු යහපාලනයේ නාමයෙන්ම ජනතාවගේ නාමයෙන්ද ආපසු හැරවීමට සිදු විය.

මෙලෙස, ආණ්ඩුවේ ඒකමිතියක් නොමැති කම නිසා අත් වූ අවාසි හා ලැජ්ජාවන් ආණ්ඩුවේ ගාම්භීරත්වයට හා අභිමානයට එක් කළ කළු පැල්ලම් මකා දැමිය නොහැකි තරම්ය. මේ ව්‍යාකූල තත්ත්වයෙන් වාසියක් අත් වූයේ ජනාධිපතිවරයාටවත් අහවල් අහවල් පක්ෂවලටවත් නොවේ. අවුරුදු තුනකට පෙර ජනතාව විසින් අතුගා දැමූ දේශපාලන කදවුර මෙහි උපරිම වාසිය ගත්තේය. පොදු එකගතාවයෙන් මිදී වෙනම යන්නට වෙර දැරූ හිතුවක්කාර ඇමතීන්ගේ හා නිලධාරීන්ගේ මෙවැනි තීරණ, ආණ්ඩුවේ පොදු සතුරා ශක්තිමත් කළේය.

යහපාලනය හෝ වේවා නීතියේ ආධිපත්‍යය හෝ වේවා අපේ රටේ ජනතාවගේ පොත පතට අලුත් විෂයන් නොවූවත් මහපොළවේ යථාර්ථ ලෝකයට ඒවා සම්පූර්ණයෙන්ම අලුත් අත්දැකීමකි. සියලු දෙනාගේ අදහස් විමසා, අවසානයේ දී තමන්ට වුවමනා දේ කිරීම ප්‍රජාතාන්ත්‍රවාදය යැයි සිතා සිටි රටක ජනතාව හමුවේ හරයාත්මක ප්‍රජාතාන්ත්‍රවාදය රෝපණය කිරීම සහරා කතරේ වී වැපිරීමට වඩා වෙහෙසකරය. ආණ්ඩු හෝ නායකයෝ සංවාද කළ පසුබිමක් මෑත ඉතිහාසයේම දක්නට නොලැබිණී. ආණ්ඩු හෝ පාලකයෝ කළේ නියෝග දීම හා ආඥා නිකුත් කිරීමය. ඒවාට එකග වූවෝ දිගින් දිගටම වා තලයට හුස්ම පිටකළ අතර ඒවාට එකග නොවූවෝ වාත තලයට අවසන් හුස්ම පිට කළෝය. එවැනි පසුබිමක, මාධ්‍ය නිදහස ලැබීම, කතා කිරීමේ නිදහස ලැබීම, ප්‍රකාශනයේ නිදහස ලැබීම ජනතාවට පමණක් නොව ඒ ඒ ක්ෂේත්‍රයන්ගේ අයවළුන්ටද දරා ගත නොහැකි විය. එකළ ජනාධිපතිවරයාගේ නම කියන තැන් වල බීප් බීප් ශබ්දය යොදා ඒවා වසන් කළ මාධ්‍ය, දැන් ජනාධිපතිගේ හත්මුතු පරම්පරාවටම බණින කුණුබැණුම් ප්‍රචාරය කරන්නේ ඒ නිසාය. එක පැත්තකින් මෙය යහපාලනය ඉක්මවා ගිය ආණ්ඩුවේ නෝන්ජල්කමක් ලෙස ඔවුහු සිතා සිටිනවා විය හැක. බස්කාරයාගේ සිට දොස්තර දක්වා හැම කෙනෙක්ම ආණ්ඩුව කොලොප්පමට ගන්නා වාගේ හිතූ හිතූ ආකාරයෙන් වර්ජන උද්ඝෝෂණ කරන්නේ රටටවත් ජනතාවටවත් ඇති ආදරයකට නොවන බැව් අප වටහා ගත යුතුය.

අපි දන්නා ඉතිහාසයේ ආණ්ඩුපාලනය යනු, ඇමතිකෙනෙක් කොළඹ සිට නුවරට යන විට හැම හන්දියක් ගාණේම පොලීසියෙන් සීරුවෙන් සිටිය යුතු අමුතු එකකි. මේ ආණ්ඩුවේ ආණ්ඩු පාලනය යනු වෙන එකකි. දියුණු හා සිංසිදුණු මනසින් කියවද්දී එය ඉතා අනර්ඝ එකක් වුව ද මේ කොදෙව්වට සාපේක්ෂව එක කිසිසේත්ම නොගැලපෙන එකකි.

සරම පැත්තකින් උස්සා පරම්පරානුස්සතිය වැඩ වූ පාලනයක් නිමා කරමින් එක් රාත්‍රියකින් පසු උදා වූ මේ ශිලාචාර රාජ්‍ය පාලනය, ජනතාවට ද නිලධාරීන්ට ද පොලීසිය ඇතුළු පාලනයේ ඍජු පාර්ශවකරුවන්ටද දරා ගැනීමට නොහැකි වී ඇත. දැන් මේ අය වැඩ කිරීමට වඩා වැඩ නොකර සිටීමට පළිහක් ලෙස යහපාලනය පාවිච්චි කරන බවක් ග්‍රාමසේවකගේ සිට ඉහළට යන හැම ස්ථරයකම දැක්ක හැකිය. තමන්ගේ කම්මැලිකම හෝ තක්කඩිකම, අපෝ අපිට බෑ එෆ්සීඅයිඩී යන්න, මේවා කරලා අපිටනං බෑ හිරේ යන්න ආදී වශයෙන් කියමින් වසා ගන්නට ඔවුහු කටයුතු කරති. එහෙයින්, තුන් අවුරුද්දකට පසුව උගත් පාඩම් වලින් එකක් පමණක් කියමි. ආණ්ඩුවේ හා ජනාධිපතිවරයාගේ පමණ ඉක්මවූ ශිලාචාරකම හා යහපාලනය ජනතාවට අත්කර දුන්නේ වාසි වලට වඩා අවාසියකි. එය ආණ්ඩුවට හා ජනතාවට ද අවාසිය. රිද්මය මෙසේ නම්, එය ඊළග ඡන්ද වලදී ජනතාව විසින් ම පෙන්වනු ඇත.

එහෙයින්, ඉදිරි වසර කිහිපය පුරා සිදුවන සෙමින් නමුත් තිරසාර යහපාලන රාජ්‍යයක් ගොඩනැගීමේ යාන්ත්‍රණය සාර්ථක කර ගැනීමේ අවශ්‍යතාව වෙනුවෙන් ඉදිරි වසර දෙක තුළ ආණ්ඩු කිරීමේ ශෛලියේ වෙනසක් සිදුවිය යුතු යැයි පුරවැසියෙක් ලෙස අකමැත්තෙන් වුවත් යෝජනා කිරීමට සිදුව තිබේ. නොඑසේනම්, ආණ්ඩුව පමණක් නොව රට හා රටේ ජනතාව ද අවසන් විභාගයේ දී අසමත් වීම වලක්වනු නොහැකි වනු ඇත.

Bharatha Prabhashana Thennakoon
Resa Newspaper - රැස පුවත්පත

Saturday, August 11, 2018

මහවැලිය හැරවෙනවා වයඹට කිරි ඉතිරෙනවා..

වන්නිය. වන්නිය කියූ පමණින්ම හැෙ`ගන්නේ වියළී ගිය මහපොළවකි. වැහි වළාකුළක් පෙණෙන තෙක් මානයේවත් නැති අහසකි. සුළ`ග පවා වියළිය. ගහකොළ කේඩෑරී වී ගිය වටපිටාවකි. සතා සිව්පාවා වැහැරී ගොසිණි. බාගවිට, තණකොළ හෝ කුසට අහරක් යැයි සිතා උන් බුදින්නේ දුඹුරු පැහැ ¥විල්ලෙන් වැසී ගිය මියැදී ගිය තැනින් තැන වූ වැලි නොවනමුත් වැල්ලම වාගේ වන තණකොළයි. ඒ පළාතේ මිනිසුන් බොහෝ දෙනා හේන් ගොවිතැනෙන් ජීවත් වෙති. ඔවුහු කුඹුරු නොකොටන්නේ කුඹුරු ගැන ඇති වෛරයක් නිසා නොවේ. හාන කාලයට වතුර ඇතිමුත් පූදින කාලයට වතුර පොදක් අහසින් වැටෙයිදැයි ඇති සැකය නිසාය. කොයිහැටි වෙතත්, මේ අභියෝග මැද වුව ද මහපොළව සම`ග ඔට්ටුවෙන වන්නිකරේ මිනිසුන් කොහොමෙන් කොහොමහරි වගාවක් අස්වද්දාගන්නා අභියෝගය ජයගන්නට වෙර දරති. මතකයෙන් ඔබ්බට ඈත අතීතයේ සිටම අපේ මුත්තලා ද අත්තලා ද අප්පච්චිලා ද අපි ද වන්නිය දැක්කේ මෙසේය. එහෙයින්ම, අපේ දරුවන් ද වන්නිය එසේම දැක්ක යුතුද.
වයඹ ඇළ ඉදිකිරීම හා වැව් දහසක් පරතිසංස්කරණය කිරීමේ වැඩසටහන මේ මස අග දී ජනාධිපති මෛතරීපාල සිරිසේන මහතා අතින් ආරම්භ වීමට නියමිතය. වයඹ ඇළ සංවර්ධනය කරමින් කුරුණෑගල දිස්තරික්කයේ ජනතාව වෙත ජලය ලබා දීමට පියවර ගන්නේ යැයි ඇසුණු විගසම වයඹ වැසියන් වූ අප සිත් තුළ ඇති වූ පරීතිමත් හැඟීම වචනයෙන් විස්තර කරනු නොහැක.

කාලයෙන් කාලයට ආ ජාතික හා පරත්යන්ත පාලකයින්ගේ පොරොන්දු ලයිස්තුවේ මුලක මැදක හෝ අගක තිබූ වයඹ ඇළ ගැන පොරොන්දුව, යථාර්ථයක් වනු දැකිමට තරුණයින් ලෙස අපේ කිරිඅත්තලා ද අපේ අප්පච්චිලා ද අසමත් වූහ. මේ අපේ කාලයයි. මහපොළව සමග පොරබදින අපේ පරම්පරාවට ද වයඹට මහවැලි වතුර යන්න හීනයක් පමණක්ම වී අපේ දරුවන්ගේ පරම්පරාවට උරුම වෙතැයි අප සිතා සිටියෙමු. නමුත්, තවදුරටත් වයඹට මහවැලි වතුර යන්න හීනයක් නම් වඩාත්ම සුවදායක වන්නේ නම් තවත් පරම්පරාවකට වතුර ගැන කඩවුණු බලාපොරොත්තු ඉතිරි කරනවා වෙනුවට ගොවිතැන්බත් පසෙකළා වෙන යමක් ගැන බලා ගැනීමට ඊළග පරම්පරාවේ හිත හදාගත යුතුව ඇත. එසේ නමුත්, මේ ඇසෙන පුවත් එසේ නොවන්නේ යැයි අප සිත් තුළ විශ්වාසයක් ගොඩනගන්නට සමත්ව තිබේ.

යටකී සිහිනය සැබෑ වන්නේ නම් ඒ සැබෑ වන්නේ, ”මහා වැස්සෙන් වැටෙන ජලය සුරක්ෂිත කර ගැනීමට ද දේශගුණික විපර්යාසයට මුහුණ දීමට ද උපකාරී වන පරිදි ඇහිරී ඇති වාරි පද්ධති යළි පරතිසංස්කරණය කිරීම හා ගොඩ වී ඇති වැව් වල රොන් මඩ ඉවත් කිරීමට අවශ්ය කටයුතු ආරම්භ කරන්නෙමි”යි 2015 ජනාධිපතිවරණයට අදාලව ඉදිරිපත් කෙරුණු මෛතරී පාලනයක් ස්ථාවර රටක් පරතිපත්ති පරකාශයේ සඳහන් වූ පොරොන්දුවයි.

වයඹ පළාතේ ගොවි ජනතාවගේ ජල පරශ්නය පිළිබඳ මූලිකව නමුත් පුළුල්ව කතා කෙරෙන්නේ එක්දහස් නවසිය හැටේ හැත්තෑවේ දශක තරම් දුරාතීතයේ සිටයි. නමුත්, අපේක්ෂිත හෝ පොරොන්දු වූ ආකාරයෙන් මහවැලි ව්යාපාරයෙන් පමණක් නොව, වන්නිය මැදින් ගලා බසින දැදුරු ඔය ජල කළමණාකරණ වැඩසටහන් හරහා ද වන්නියේ ජනතාව අපේක්ෂා කළ ජල ප‍‍රශ්නය නොවිසදුණු තත්ත්වයක් උඩ, වයඹ වන්නියට ජලය ලැබීම ගැන වැඩි විශ්වාසයක් තැබීමට ජනතාව අකමැති වූහ. ගොවි ¥ පුතුන්ගේ ශක්තිය ද වුවමනාව ද කැප වී වැඩ කිරීමට ඇති හැකියාව ද තිබුණත්, මහපොළව අස්සැද්දීමට අවැසි මූලිකම අවශ්යතාව වන ජලය නොලැබීම හේතුවෙන් ඒ සියලූ සාධනීය අංගයන් යටපත් කරගෙන පුරන් බව නැගී සිටියේය. අහස් දිය ගැන විශ්වාසය තැබීම ඔවුන් හමුවේ වූ එකම පිළිතුරයි.

නමුත්, අහසින් වැටෙන දිය බිදු වැව් අමුණු වල ඒකරාශී කරගන්නා ඔවුහු ඒ දිය සිෙ`දන තෙක් ගොවිතැන්බත් කරති. වැහි වළාකුළු වලට වඩා ඝන කාශ්ඨකය හුරු වයඹ-වන්නි අහස, ඇදහැළෙන මහවැසි වලින් රොක් කරගන්නා හැම ජල බිදුවක්ම වාගේ වාෂ්ප කරගන්නේ නොසිතනා වේගයෙනි. මින් දශක කිහිපයකට පෙර, වන්නිකරේ වැව් වල තරමක් සරුවට ජලය පිරී තිබුණත් දැන් දැන් වැව් හා ක්‍‍රීඩා පිට්ටනි අතර ඇත්තේ තේරුම් ගත නොහැකි වෙනසකි. අපි කුඩා කාලයේ දී දියෙන් පිරී නේකවිධ මලින් කොළින් පිරී තිබූ කුඩා වැව් බොහෝමයකම පාහේ, දැන් දැක්ක හැකි වන්නේ බැබ්මට කිට්ටුව පිරුණු පොකුණක තරම් වතුර සංචිතයකි. ඒවාද මේ තිබී මේ නැති වී යන තරම් කුඩා එකතුවකි. එවැනි පසුබිමක කුරුණෑගල මුල් කර ගත් වයඹ වැසියන්ට වගා බිම් වලට පමණක් නොව, බීමට පවා ජලය නොලැබෙන කාල වකවානු යනු අමුතු අත්දැකීමක් නොවන්නේය. විශේෂයෙන්ම කුරුණැගල දිස්තරික්කයේ උතුරු කොටසට අයත් පරදේශවල ජනතාව මේ වේදනාව සිය ජීවිතයේ කොටසක් කරගෙන සිටියි. ගම්මාන මැදින් මංතීරු දෙකේ-හතරේ මංමාවත් ඉදිවුවත්, එකඑක නම් වලින් ගොඩනැගිලි මාලිගා ආදිය ඉදිවූවත් ගම්මුන්ගේ ආර්ථිකයේත් දිවි පැවැත්මේත් මූලික අවශ්යතාවක් වන ජලය ලබා දීම කෙරෙහි යොමු වූයේ අඩු අවදානයකි. ඒ නිසාම දිස්තරික්කයේ එහා මෙහා හීසර වේගයෙන් පියඹා යන විට මිනිසුන් රංචු පිටින් කළගෙඩි, හට්ටි, මුට්ටි, බෝතල්, ගැලූම් අතින් කටින් එල්ලාගෙන දිය පොදක් සොයා මයිල හතර පහ හැනිහැම්මේ පයින් යනු අප දැක ඇත්තෙමු. ඒවා ඒ මිනිසුන්ට අලූත් අත්දැකීම් නොවේ. ඒවා ඒ කලාපයේ ඉතා සුලභ දසුන්ය.
යෝජන කර ඇති නව ව්යාපෘතිය ඔස්සේ ජලය ඝන මීටර් දශ ලක්ෂ 130 ක් වයඹට ගෙන ඒමට අපේක්ෂා කෙරෙන අතර ඉන් සියයට 10 ක් පමණ පිරිසිදු පානීය ජලයයි. මූලය හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගී තත්ත්වයේ බිල්ලක් බවට පත්ව ඇති වයඹ පළාතේ උතුරු කොටසේ ජනතාවට පිරිසිදු පානීය ජලය ලැබීම, පිපාසාව සංසිදුවීමට පමණක් නොව ජීවිතය පිළිබඳ නව බලාපොරොත්තුවක් ජනිත කරන කටයුත්තකි. කුරුණෑගල දිස්ත්‍රික්කය මේ වන විටත් වකුගඩු රෝගී අවධානම ඇති දිස්ත‍්‍රික්කයක් ලෙස ප‍්‍රකාශයට පත් කර ඇති අතර, ඉන් වැඩිම අවධානමක් ඇති කලාපය වන්නේ දිස්ත‍්‍රික්කයේ උතුරු කොටසයි. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් 2015 වසරේ නිකුත් කළ වාර්තාවන්ට අනුව කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ මෙතෙක් හදුනාගත් මූලය හදුනානොගත් වකුගඩු රෝගීන් ප‍්‍රමාණය එක්දහස් පන්සියයකට අධිකය. ඉන් වැඩි පිරිසක් ජීවත් වන්නේ යෝජිත වයඹ ඇළ යටතේ පානීය ජලය සැපයිය යුතුයැයි හදුනාගෙන ඇති කලාපයම වීම ද විශේෂත්වයකි.

ජනතාව වැඩිම ජල අර්බුදයකට ලක් වූයේ පානීය ජලය සපයා ගැනීමේදීටත් වඩා සිය ගොවිතැන් කටයුතු සිදු කිරීමේ දී ය. ගොවිබිම් සඳහා අවශ්‍ය ජලය සපයා ගැනීම එකිනෙකා අතර තිබූ සාමූහිකත්වය, සාමකාමීභාවය හා ඥාති හිතමිත‍්‍රකම් ද නැති වී යන කරුණක් බවට පත්ව තිබේ. මහපොළවේ ඇත්තේ වක්කඩක් ඇරීම වැහීම වෙනුවෙන් මිනී මරගන්නා තත්ත්වයකි. එසේම, නිසි පරිදි සිය ගොවි බිම් වෙනුවෙන් අවශ්‍ය ජලය නොලැබීම නිසා වගා බිම් පාළු වීමේ දුක දරා ගැනීමට නොහැකිව සිය දිවි නසාගත් පිරිස ද අපමණය. වතුර පිළිබඳ ප‍්‍රශ්නය, ගොවියන් සදාතනිකවම පීඩාකාරී මානසික තත්ත්වයට හා පිළිතුරක් නැති ප‍්‍රශ්නයකට පැටළවීමේ තත්ත්වයකට පත් කරයි. එපමණක් නොව, ඇතැම් ගොවියන්ගේ අදහස වන්නේ සමහර කාල වලදී ගොවිතැන් කිරීම යුද්ධ කිරීමටත් වඩා අපහසු හා වේදනාකාරී කටයුත්තක් බවයි. වයඹ ඇළ ඔස්සේ සිදු කෙරෙන්නේ එහෙව් දුක් විදින ජනතාවක් වෙනුවෙන් දිය බිඳක් දන් දීමේ මෙහෙයුමයි. එක් පැත්තකින් එය මහාර්ඝ පින්කමකි. අනෙක් අතට එය ජාතියක පණ ගැහෙන මිනිසුන් වෙනුවෙන් දිය හැකි හොඳම දායාදයකි.

කිලෝ මීටර් 92ක දිගින් යුතුව ඉදි කෙරෙන මෙම වයඹ ඇළ මගින් වයඹ හා මධ්‍යම දෙපළාතේ කුඩා වැව් 350 ක් හා ප‍්‍රධාන වැව් අටක් පෝෂණය වීමට නියමිතය. කුරුණැගල දිස්ත‍්‍රික්කයේ නිකවැරටිය, ගල්ගමුව හා හිරියාල මැතිවරණ කොට්ඨාශ වලට අයත් වැව් හතක් සහ මාතලේ දේවහූව වැව ඊට අයත්ය. එලෙස ප‍්‍රතිසංස්කරණය වන වැව් 350 ප‍්‍රාදේශීය ලේකම් බලප‍්‍රදේශ පහකට අයත් වේ. ඉන් 109ක්ම පොල්පිතිගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වන අතර තවත් වැව් 104ක් අයත් වන්නේ මහව ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශයටයි. මේ යටතේ ඇහැටුවැව, ගලේවෙල ප‍්‍රාදේශීය ලේකම් බලප‍්‍රදේශ වල පිළිවෙලින් වැව් 90ක් හා 11ක් ද දඹුල්ලේ එක් වැවක් ද ප‍්‍රතිසංස්කරණය කෙරේ. එසේම, මේ හරහා පෝෂණය වන වැව් ගණන 2,400ක් පමණය.

තවද, මී ඔය, හක්වටුනාඔය හා කලාඔය දෙ‍්‍රා්ණිවල ඇති එල්ලංගා පද්ධති ගණනාවක් යළි පණ ගසා ගොවි බිම් සාරවත් කිරීම වෙනුවෙන් සිය දායකත්වය ලබා දීමට නියමිතය. ඒ අනුව, මානිග්ගමුව, හෑලඹගහමුල, ගල්ලිද, ඇහැටුවැව උල්පත වැව, පහළකැලේ අමුණපොල්පිතිගම, කාතරගම වැනි එල්ලංගා පද්ධති එසේ සංවර්ධනය වනු ඇත. මීට අමතරව මේ යටතේ වෑමැඩිල්ල නව සොරොව්ව, මහකිතුල ජලාශය, මහකිරුල ජලාශය, දඹේ ජලාශය වැනි විශාල ප‍්‍රමාණයේ වාරි පද්ධතීන් නිර්මාණය වන අතර රන්වැඩියා, නිලගම හා මහකිතුල ප‍්‍රදේශ වල දී මීටර් 500 ඉක්මවූ නව උමං තුනක්ද ඉදි වීමට නියමිතය.
මෙම ව්‍යාපෘතිය සිදු කිරීමේ දී මූලිකව මුහුණ පාන ගැටළුවක් වන්නේ සමාජ ආරක්ෂණ වැඩපිළිවල සහ පරිසර හා වනජීවී සංරක්ෂණ වැඩපිළිවෙලයි. මේ වන විටත් ඊට අවශ්‍ය කටයුතු සකසා අවසන් වී තිබේ. මෙවැනි ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමේ දී නිරන්තරයෙන් දකින්නට ලැබෙන සතා සිව්පාවා ගහකොළ ඇළ දොළ නොසලකා හැරීමේ ඛේදවාචකය, මෙම ව්‍යාපෘතියේ දී කිසි ලෙසකින්වත් සිදු නොවන්නටත් සිදුවන හානි අවම කිරීමටත් විද්වතුන් හා විශේෂඥයින් බොහෝ සේ කැපවී වැඩ කරයි. සියලූ‍ කටයතු ආසියානු සංවර්ධන බැංකුවේ 2009 සමාජ ආරක්ෂක ප‍්‍රතිපත්තීන්ට අනුව සිදු කරනු ලැබීම, එම කටයුතු සිදුවන්නේ හිතුවක්කාර ක‍්‍රමවේදයකට නොව ලෝක සම්මත පිරිවිතරයන්ට අනුකූලව බැව් සනාථ කරන්නකි.

මේ අතර, ව්‍යාපෘති බල ප‍්‍රදේශය තුළ ඇති පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණ කටයුතු වෙනුවෙන් පුරාවිද්‍යා බලපෑම් තක්සේරු වාර්තාවක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ඉදිරිපත් කර ඇත. එමගින් ව්‍යාපෘති බල ප‍්‍රදේශයේ පුරාවිද්‍යාත්මක ස්ථානවලට ව්‍යාපෘතිය මගින් සිදුවන බලපෑම අවම කිරීමට යෝජනා කර තිබේ. එනම්, මෙම ව්‍යාපෘතිය ඉතිහාසයක් යට කරමින් ඉතිහාසය දියේ ගිල්වමින් ජලය රැුගෙන යන ව්‍යාපෘතියක් නොවන බවත් මෙම ජලය රැුගෙන යන්නේ ප‍්‍රදේශයේ වටිනාකම්, උරුමයන් හා සංස්කෘතික අනන්‍යතාවන් ආරක්ෂා කර ගනිමින් බැව් අප සිහියේ තබා ගත යුතුය.
සංශිප්තව පවසන්නේ නම්, වයඹ ඇළ ව්‍යාපෘතිය අවසන් වීමෙන් පසු කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ උතුරු කොටස වෙත ලැබෙන ජලය ප‍්‍රමාණය ගණන් බලා ඇත්තේ වාර්ෂිකව අක්කර අඩි 105,000ක් බවයි. වයඹ ඇළ ව්‍යාපෘතිය සඳහා ගණන් බලා ඇති මුළු වියදම රුපියල් කෝටි 3,000ක් වන අතර 2024 වසර වන එහි වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් වීමට නියමිතය. ඍජුවම පවුල් 13,000ක් පමණ මෙමගින් ප‍්‍රතිලාභ ලැබීමට නියමිත අතර මෙම ජල කෙ`දන් පෝෂණය වීමට නියමිත මුළු වගා බිම් ප‍්‍රමාණය හෙක්ටයාර් 12,500කි. එසේම, මෙමගින් වක‍්‍ර ප‍්‍රතිලාභ ලබන පවුල් ප‍්‍රමාණය 40,000ක් පමණ වේ.

පරපුරු ගණනකට සිහිනයක් පමණක් වූ, වයඹ කුඹුරු මතින් උචාරුවට දුවන මහවැලි වතුර වල පහස අත්විදීමට අපටත් අපේ දරුවන්ටත් හැකි වෙන දිනය වැඩි ඈතක නොවේ. ඒ හැම දිය බි`දකින්ම නිවෙන්නේ අපේ පිපාසාවයි. අස්වැද්දෙන්නේ අපේ ගොවිබිම්ය. ගොවිකම සිගමන් යැදීමක් වාගේ යැයි වැව් ගම්මාන වල මිනිසුන්ගේ සිත් තුළ වූ අ`දුරු අදහස දුරලා ගොවිකම් කිරීම රජකම් කිරීම තරමටම ආඩම්බර හා විරාජමාන කටයුත්තක් යැයි හඩගා කීමට අපේ ගම්මාන වල මිනිසුන්ට හැකිවනු ඇත. වයඹ ඇළ දිගේ පැමිණෙන ජලකෙ`දන් දියදෝතක් ගෙන, පිරිත් කරන්නට අපි බලා සිටින්නෙමු. ඒ පිරිත් පැන් මුළු වයඹටම ආසිරි ගෙනෙනු ඇත.

🖋 Bharatha Prabhashana Thennakoon
📰 දැන් - Dan

Wednesday, August 8, 2018

ජනපතිගේ වකුගඩු සටන..




මූලය හඳුනානොගත් නිදන්ගත වකුගඩු රෝග නිවාරණය සම්බන්ධයෙන් මෛත්රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමු වූ බව පෙණෙන්නට තිබුණේ දැන් දැනක නොවේ. ඔහු සෞඛ්ය අමාත්යවරයා වීම නිසා ද ගොවිගම්මාන මූලික දිස්ත්රික්කයක් නියෝජනය කළ නිසා ද ජනාධිපතිකමක් ගැන කිසි සලකුණක් හෝ නැති කාලයේ දී පවා ඔහු ඒ ගැන කතා කළේය. ඒ වෙනුවෙන් වැඩ කළේය. ජනාධිපතිවරණ සමයේ දී ප්රචාරණ වියදම් අවම කොට ඒවා ජාතික වකුගඩු අරමුදලක් වෙත යොමු කරන බවට වන යෝජනාවක් හරහා වකුගඩු රෝග නිවාරණය හා මෛත්රී අතර වූ සබැදියාව ජාතික මාතෘකාවක්ව කරළියට පැමිණියේය.
විටින් විට ඒ සම්බන්ධයෙන් විවිධ දේ තැන් තැන්වල සිදු වූ බව පෙණෙන්නට තිබුණාත්, අද වන විට එහි සැබෑ තත්ත්වය කුමක්ද, අප කල්පනා කළ යුතුය. එය හුදු කතාබහකින් පමණක් නැවතී ඇතිද. නැතිනම්, දැන් ඒ ගැන හාන්කවිසියක් නැද්ද. ඉතිහාසය පුරාම අප දුටුවේ ඔපීනියන් දීමට කප්පරක් මහ සෙනඟ සිටියත් වැඩ කරන්නට එකෙක් නැති බවයි. ජනයාත් ආණ්ඩුවත් බොහෝ දේ ගැන කෙරෙන්නට වුවමනා දේ කීවද කරන්නට යුහුසුළු වූ බව නොපෙණනි.

ජනාධිපතිතුමන්ගේ වකුගඩු සටනටත් අද අත්ව ඇත්තේ එවන් ඉරණමක්ද.
වකුගඩු රෝග නිවාරණය වෙනුවෙන් ජනාධිපතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ ජාතික වැඩසටහනක් හා ආයතන ව්යූහයක් ස්ථාපිත වන්නේ ඔහු ධුරයට පත්ව කෙටි කාලයකිනි. එසේම, ඒ වෙනුවෙන් විශේෂිත අරමුදලක් පිහිටුවා ඊට කුදු මහත් ව්යාපාරිකයින්ගේ, ධානපතීන්ගේ හා ත්යාගශීලීන්ගේ සහාය ලබා දෙන ද හෙතෙම ආරාධනා කළේය. ආරාධනය පිළිගත් බොහෝ දෙනෙක් මේ වෙනුවෙන් සිය මුල්ය, ශ්රම හා නේකවිධ දායකත්වය ලබා දුන්නේය. ඔවුනොවුන්ගේ දායකත්වය කොතෙක්දැයි හරියටම කියන්නේ නම්, ආණ්ඩුවෙන් ලැබෙන මුල්ය ප්රතිපාදන වෙන් කිරීම් ගැන වද නොවී වකුගඩු රෝග නිවාරණ වැඩසටහනේ දේවල් ඉටු කරන්නට තරම් ශක්තියක් දැන් දැන් එම අරමුදලට ලැබෙමින් තිබෙන බව දැනගන්නට තිබේ.

මුදල් තිබූ පමණින් ප්රශ්න විසඳිය නොහැක. ඊට නිශ්චිත වැඩපිළිවෙලක් තිබිය යුතුය. වකුගඩු රෝග නිවාරණයට නම් මේ මොහොතේ කළ යුතු හොඳම දේ යැයි ලෝක සෞඛ්ය සංවිධානයේ පවා නිර්දේශය වූයේ පිරිසිදු පානීය ජලය ලබා දීමයි. ඒ අනුව, මෙකී රෝගය හේතුවෙන් පීඩාවට පත් දිස්ත්රික්ක එකොළහක ජනතාව වෙනුවෙන් අවස්ථානෝචිතව වෙන් වෙන් වූ තාක්ෂණයන් උපයෝගී කර ගනිමින් පිරිසිදු පානීය ජලය ලබා දීමේ වැඩසටහන් රැසක් ක්රියාත්මක වේ.

ජනතාව වෙත ප්රතිලාභ සාමූහිකව භුක්ති විඳිය හැකි පිරිසිදු පානීය ජලය ලබා දීමේ සුදුසුම මාර්ගය නළ ජල සැපයුමයි. නමුත්, සෑම පුද්ගලයකුටම නළ ජලය ලබා දීම ප්රායෝගික නොවේ. එසේම, ඒ වෙනුවෙන් වැය කළ යුතු මුදල හා වැය වන කාලය ඉතා ඉහළය. එවැනි පසුබිමක මේ වෙනුවෙන් ලෝකය පුරා භාවිත කෙරෙන විකල්ප විසඳුම් කෙරෙහි අවධානය යොමු කරන්නට ජාතික වකුගඩු රෝග නිවාරණ වැඩසටහනට ද සිදු විය.

ප්රති ආශ්රැතිකරණ ජල පද්ධති (ආර්.ඕ. ප්ලාන්ට්ස්) කෙරෙහි අවධානය යොමු වන්නේ එහි ප්රතිඵලයක් ලෙසයි. සාමාන්යයෙන් මෙම ප්රති ආශ්රැතිකරණ ජල පද්ධතියක් ඉදිකිරීමට විශාල මුදලක් වැය වුව ද ශ්රී ලංකා නාවික හමුදාවේ ශ්රම හා තාක්ෂණික දායකත්වය ඇතිව රුපියල් ලක්ෂ පහළොවක පමණ වියදමින් එම පද්ධතියක් සාදා නිම කිරීමේ හැකියාව උදාවී තිබේ. ඒ අනුව එවැනි එක් ඒකකයකින් පුද්ගලයින් 3,000කට පමණ පිරිසිදු පානීය ජලය ලබා ගත හැක. මෙතෙක් මෙලෙස ස්ථාපිත කර ඇති ප්රති ආශ්රැතිකරණ ජල පද්ධති ප්රමාණය හාරසිය පණහකට ආසන්නය. එමගින් ලක්ෂ එකොළහක පමණ ජනතාවක් ඍජු ප්රතිලාභ භුක්ති විඳියි. මේ වෙනුවෙන් මෙතෙක් දරා ඇති වියදම රුපියල් මිලියන හත්සියයකට ආසන්නය.

අභියෝගයට මුහුණ පා සිටින කලාපයන් සැලකීමේ දී දක්නට ඇති පොදු ලක්ෂණයක් නම්, ඒවායේ නිවාස ඒකක අතර දුර ග්රාමීය සාමූහිකත්වයක් වෙනුවෙන් වැඩි වෙහෙසක් දැරීමට සිදුවන තරමේ දුරක් බවයි. එවැනි තත්ත්වයක් හේතුවෙන් ප්රති ආශ්රැතිකරණ ජල පද්ධති වැනි සාමූහික යාන්ත්රණයකින් ප්රතිලාභ ලැබීම අපහසු වන අවස්ථාවක දී භාවිතයට ගැනීමට වකුගඩු රෝගී පවුල් සඳහා වැසි ජල ටැංකි ලබා දීම ද මේ වන විට ක්රියාත්මකය. වර්ෂාවෙන් රැස් කර ගන්නා ජලය පිරිසිදු කර භාවිත කරමින් පානීය ජල අවශ්යතාව සපුරා ගන්නා ප්රතිලාභීන් ප්‍රමාණය දහසකට අධිකය.
ගෘහස්ථ ජල පෙරණ ලබා දීමේ වැඩසටහන වකුගඩු රෝගයෙන් ජනතාව මුදා ගැනීමේ අරමුණින් හා දැනටමත් රෝගයට මුහුණ පා සිටින ජනතාව වෙත පිරිසිදු පානීය ජලය ලබා දීමේ අරමුණෙන් ක්‍රියාත්මක තවත් ව්‍යාපෘතියකි. ප්‍රති ආශ්‍රැතිකරණ ජල පද්ධති සඳහා ප්‍රවේශ වීමේ හැකියාව අඩු පුද්ගලයින් වෙනුවෙන් පහසුව සැලසීම මෙහි අරමුණයි. කාර්මික තාක්ෂණ ආයතනය මගින් නිර්මාණය කෙරෙන මෙම ජල පෙරණයක වෙළඳපොළ වටිනාකම රුපියල් 4,700කි.

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි වකුගඩු රෝගීන්ගේ පහසුව හා ආර්ථික තත්ත්වය සලකා ඒ සඳහා වැයවන මුදල සම්පූර්ණයෙන්ම වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය විසින් දරනු ලබයි. ඒ අනුව මෙතෙක් ප්‍රදානය කර ඇති එවැනි ඒකක ප්‍රමාණය පන්දහසක් පමණ වේ. මෙමගින් ප්‍රතිලාභ ලබන පුද්ගලයින් ප්‍රමාණය විසි දහසකට අධික වන අතර මෙවැනි පද්ධතියක් පවුලේ පානීය ජල අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා දක්වන දායකත්වය ඉතා විශාලය.
එසේම මේ වන විටත් වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩසටහන වෙත යොමු වී ඇති මෙවැනි ඉල්ලීම් වෙනුවෙන් කඩිනම් ප්‍රතිචාර දක්වමින් සිටියි.

වකුගඩු රෝග නිවාරණය වෙනුවෙන් ජනාධිපතිවරයාගේ සටන පිරිසිදු ජලය ලබා දීම, රෝගය වැලැක්වීම හා ප්‍රතිකාර සිදු කිරීම පමණක් නොව එවැනි පවුල් වල ආර්ථික, සමාජ, සංස්කෘතික තත්ත්වයන් නගා සිටුවීම වෙනුවෙන් ද විහිදී ඇත. මේ වන විටත් ඒ සඳහා වැඩසටහන් ගණනාවක්ම ක්‍රියාත්මක වේ.
වකුගඩු රෝගී පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් උසස්පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත දරුවන් වෙනුවෙන් විශේෂිත ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩසටහනක් ද ක්‍රියාත්මක කෙරේ. පවුලේ ඇති අගහිගකම් හා පවුලේ ප්‍රධාන ආර්ථික සාධකය වන මව හෝ පියා හෝ දෙදෙනාම වකුගඩු රෝගයට ලක්වීම හේතුවෙන් නිවසේ ඇති වන ආර්ථික අපහසුතා හේතුවෙන් උසස් අධ්‍යාපනයට සුදුසුකම් ලැබූ හා උනන්දුවක් ඇති දරුවන් පවා පාසල් හැර යාමේ තත්ත්වයක් ඇති වීම වලක්වා ගැනීම සඳහා එක් සිසුවෙකු වෙනුවෙන් මෙලෙස මාසිකව ලබා දෙන ශිෂ්‍යත්වයක වටිනාකම රුපියල් 3,000කි. මේ දක්වා එලෙස ප්‍රදානය කර ඇති ශිෂයත්ව වල වටිනාකම රුපියල් මිලියන පහ ඉක්මවයි.
එසේම, අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් තවත් අමාත්‍යාංශය කිහිපයක් සමග එක්ව මාසිකව රුපියල් 5,000ක ජීවනාධාර දීමනාවක් ලබා දීම ද මේ වන විට සිදු කෙරේ. මින් පෙර රුපියල් 3,000ක්ව පැවති එම අගය ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි පන්දහස දක්වා ඉහළ නැංවීය. වකුගඩු රෝගී පවුල් වෙනුවෙන් නව නිවාස ඉදිකිරීමට හා නිවාස අලුත්වැඩියාව වෙනුවෙන් නිවාස ආධාර වැඩසටහනක් ද ක්‍රියාත්මක කර තිබේ. ඒ යටතේ 2017 වසරේ දී ප්‍රතිලාභීන් 1,757 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 406 ක් පිරිනැමූ අතර 2018 වසර සඳහා ද රුපියල් මිලියන 400ක් වෙන් කර තිබේ. දිස්ත්‍රික්ක ගණනාවක පැතිර යමින් තිබෙන මූලය හඳුනා නොගත් මෙම වකුගඩු රෝගය නිවාරණය කිරීම ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක මහාපරිමාණ ජාතික මට්ටමේ ව්‍යාපෘතිද ගණනාවකි.

මිනිසෙකුගේ ජීවිතය පිළිබඳ අපේක්ෂාව හා සෞඛ්‍ය සම්පන්න දිවිපෙවෙත පිළිබඳ බලාපොරොත්තුව එක් නිමේශයකින් හෝ දීර්ඝ කිරීමට සමත් වන්නේ නම් එය කවරෙකුට හෝ කළ හැකි මහඟු පින්කමකි. රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයා සිය පුද්ගලික අවධානයම ඒ වෙනුවෙන් යොමු කරමින් මෙලෙස මැදිහත්වීම දේශපාලනික භේදයකින් තොරව අප සියලු දෙනාගේ ප්‍රශංසාවට භාජනය විය යුතුය.

📰 අාරෝග්‍යා සඟරාව 2018.08.08
📔 http://archives.dinamina.lk/arogya/?id=06&tday=2018%2F08%2F08

Tuesday, August 7, 2018

වයඹ පොළවත් තෙත් කෙරෙන මෛත්‍රීගේ ‘වතුර’ සංග්‍රාමය..

මින් දශක කිහිපයකට පෙර මහවැලි ව්‍යාපාරය පිළිබඳ අදහස ඉදිරිපත් වන්නේම මූලික පරමාර්ථ කිහිපයක් මුල් කරගෙනය. ඉන් පළමුවැන්න වූයේ වියළි බිම් තෙත් කරමින් සරුසාර ගොවිබ්ම් බවට පත් කිරීමේ අරමුණයි. ඒ හා සමානම වටිනාකමක් හිමි වූයේ රටේ විශාල ජනතාවක් මුහුණු දී තිබූ උග්‍ර අර්බුදයක් වූ පානීය ජලය පිළිබඳ අර්බුදය විසඳීමයි. එසේම, ඒ වන විට ඉතාම අඩු ප්‍රතිශතයක් වූ විදුලි පාරිභෝගිකයින් ගණන සියයට සියය දක්වා ඉහළ නැංවීමේ දී මහවැලි ව්‍යාපාරයට දැක්විය හැකියැයි විශ්වාස කළ දායකත්වය ඉතා ඉහළය. තවත් පසෙකින් මහවැලිය නමැති වතුර ව්‍යාපෘතිය හරහා ජලය නොවන තවත් අතිරේක වාසි ගණනාවක් රටට දායාද කිරීම ද අපේක්ෂාවක් විය. අඩු ආදායම් ලාභීන්ගේ ආර්ථික තත්ත්වය නගා සිටුවීමේ වැඩසටහන්, මහවැලි ව්‍යාපෘතිය හා සබැඳි සංස්කෘතියක් ගොඩනැංවීම, මහවැලිය හා සමගාමීව මහවැලි කලාපවල දරුවන්ගේ අධ්‍යාපන හා රැකියා අවස්ථාවන් පුළුල් කිරීම ආදිය ඉන් සමහරකි.

කෙසේ නමුත්, අමාත්‍ය සී.පී. ද සිල්වාගෙන් පටන්ගෙන දශක ගණනක් තිස්සේ විටෙක ප්‍රස්ථාරයේ සීඝ්‍ර ඉහළ යාමක් ලෙස ද තවත් විටෙක පෙණෙන නොපෙණෙන නැග්මක් ලෙස ද ඉදිවුණු මහවැලි සංවර්ධන වැඩසටහන, විෂය භාර අමාත්‍යවරයා හා ජනාධිපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සර්ව සම්පූර්ණ කොට තවදුරටත් සිහිනයක් පමණක්ම නොවන යථාර්තයක් බවට පත් කරමින් ජනතාව වෙත දායාද කරනු ලැබීය. ඒ මොරගහකන්ද කළුගග නිවුන් ව්‍යාපෘති දෙක අහවර කිරීමත් සමගයි.

කළුගග මොරගහකන්ද ව්‍යාපෘති යටතේ තවත් උපප්‍රධාන ව්‍යාපෘති කිහිපයක් ඵල දැරීමට නියමිතය. මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන ඔස්සේ ඉදිවෙන උතුරට ජලය ගෙන යන උතුරු (මහ) ඇළ සංවර්ධන ව්‍යාපෘතිය, වයඹට ජලය ගෙන යන වයඹ ඇළ ව්‍යාපෘතිය හා මිණිපේ ඇළ ව්‍යාපෘතිය ඉන් ප්‍රධානය.

වයඹ පළාතේ ගොවි ජනතාවගේ ජල ප්‍රශ්නය පිළිබඳ කතා කෙරෙන්නේ එක්දහස් නවසිය හැටේ දශකයේ සිටයි. ඒ අනුව, වයඹ ඇළ ඔස්සේ සිදු කෙරෙන්නේ මහවැලි ජලය වයඹට ගෙන යාමේ මෙහෙයුමයි. වයඹ ඇළ ව්‍යාපෘතිය අවසන් වීමෙන් පසු කුරුණෑගල දිස්ත්‍රික්කයේ උතුරු කොටස වෙත ලැබෙන ජලය ප්‍රමාණය ගණන් බලා ඇත්තේ වාර්ෂිකව අක්කර අඩි 105,000ක් බවයි. වයඹ ඇළ ව්‍යාපෘතිය සඳහා ගණන් බලා ඇති මුළු වියදම රුපියල් කෝටි 3,000ක් වන අතර 2024 වසර වන එහි වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් වීමට නියමිතය. ඍජුවම පවුල් 13,000ක් පමණ මෙමගින් ප්‍රතිලාභ ලැබීමට නියමිත අතර මෙම ජල කක්ෂෙන් පෝෂණය වීමට නියමිත මුළු වගා බිම් ප්‍රමාණය හෙක්ටයාර් 12,500කි. එසේම, මෙමගින් වක්‍ර ප්‍රතිලාභ ලබන පවුල් ප්‍රමාණය 40,000ක් පමණ වේ.

ජනතාව වැඩිම ජල අර්බුදයකට ලක් වූයේ පානීය ජලය සපයා ගැනීමේදීටත් වඩා සිය ගොවිතැන් කටයුතු සිදු කිරීමේ දී ය. ගොවිබිම් සඳහා අවශ්‍ය ජලය සපයා ගැනීම එකිනෙකා අතර තිබූ සාමූහිකත්වය, සාමකාමීභාවය හා ඥාති හිතමිත්‍රකම් ද නැති වී යන කරුණක් බවට පත්ව තිබේ. මහපොළවේ ඇත්තේ වක්කඩක් ඇරීම වැහීම වෙනුවෙන් මිනී මරගන්නා තත්ත්වයකි. එසේම, නිසි පරිදි සිය ගොවි බිම් වෙනුවෙන් අවශ්‍ය ජලය නොලැබීම නිසා වගා බිම් පාළු වීමේ දුක දරා ගැනීමට නොහැකිව සිය දිවි නසාගත් පිරිස ද අපමණය. වතුර පිළිබඳ ප්‍රශ්නය, ගොවියන් සදාතනිකවම පීඩාකාරී මානසික තත්ත්වයට හා පිළිතුරක් නැති ප්‍රශ්නයකට පැටළවීමේ තත්ත්වයකට පත් කරයි. එපමණක් නොව, ඇතැම් ගොවියන්ගේ අදහස වන්නේ සමහර කාල වලදී ගොවිතැන් කිරීම යුද්ධ කිරීමටත් වඩා අපහසු හා වේදනාකාරී කටයුත්තක් බවයි.

නව ව්‍යාපෘතිය ඔස්සේ වයඹට සැපයෙන ජලය ඝන මීටර් දශ ලක්ෂ 130 න් සියයට 10 ක් පමණ පිරිසිදු පානීය ජලයයි. මූලය හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගී තත්ත්වයේ බිල්ලක් බවට පත්ව ඇති වයඹ පළාතේ උතුරු කොටසේ ජනතාවට පිරිසිදු පානීය ජලය ලැබීම, පිපාසාව සංසිදුවීමට පමණක් නොව ජීවිතය පිළිබඳ නව බලාපොරොත්තුවක් ජනිත කරන කටයුත්තකි. වයඹට රැගෙන එන මෙම ජලය මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල, වෑමැඩිල්ල හා දේවහූව වැනි ප්‍රදේශවල පානීය ජල අවශ්‍යතාව වෙනුවෙන් අවශ්‍ය පහසුකම් ද සපයා දෙයි.

කිලෝ මීටර් 92ක දිගින් යුතුව ඉදි කෙරෙන මෙම වයඹ ඇළ ගින් වයඹ හා මධ්‍යම දෙපළාතේ කුඩා වැව් 315 ක් හා ප්‍රධාන වැව් අටක් පෝෂණය වීමට නියමිතය. කුරුණැගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය, ගල්ගමුව හා හිරියාව මැතිවරණ කොට්ඨාශ වලට අයත් වැව් හතක් සහ මාතලේ දේවහූව වැව ඊට අයත්ය. එලෙස ප්‍රතිසංස්කරණය වන වැව් 315 ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශ පහකට අයත් වේ. ඉන් 109ක්ම පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වන අතර තවත් වැව් 104ක් අයත් වන්නේ මහව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයටයි. මේ යටතේ ඇහැටුවැව, ගලේවෙල ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශ වල පිළිවෙලින් වැව් 90ක් හා 11ක් ද දඹුල්ලේ එක් වැවක් ද ප්‍රතිසංස්කරණය කෙරේ.

තවද, මී ඔය, හක්වටුනාඔය හා කලාඔය ද්‍රෝණිවල ඇති එල්ලංගා පද්ධති ගණනාවක් යළි පණ ගසා ගොවි බිම් සාරවත් කිරීම වෙනුවෙන් සිය දායකත්වය ලබා දීමට නියමිතය. ඒ අනුව, මානිග්ගමුව, හෑලඹගහමුල, ගල්ලිද, ඇහැටුවැව උල්පත වැව, පහළකැලේ අමුණපොල්පිතිගම, කාතරගම වැනි එල්ලංගා පද්ධති එසේ සංවර්ධනය වනු ඇත. මීට අමතරව මේ යටතේ වෑමැඩිල්ල නව සොරොව්ව, මහකිතුල ජලාශය, මහකිරුල ජලාශය, දඹේ ජලාශය වැනි විශාල ප්‍රමාණයේ වාරි පද්ධතීන් නිර්මාණය වන අතර රන්වැඩියා, නිලගම හා මහකිතුල ප්‍රදේශ වල දී මීටර් 500 ඉක්මවූ නව උමං තුනක්ද ඉදි වීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය සිදු කිරීමේ දී මූලිකව මුහුණ පාන ගැටළුවක් වන්නේ සමාජ ආරක්ෂණ වැඩපිළිවල සහ පරිසර හා වනජීවී සංරක්ෂණ වැඩපිළිවෙලයි. මේ වන විටත් ඊට අවශ්‍ය කටයුතු සකසා අවසන් වී තිබේ. මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී නිරන්තරයෙන් දකින්නට ලැබෙන සතා සිව්පාවා ගහකොළ ඇළ දොළ නොසලකා හැරීමේ ඛේදවාචකය, මෙම ව්‍යාපෘතියේ දී කිසි ලෙසකින්වත් සිදු නොවන්නටත් සිදුවන හානි අවම කිරීමටත් විද්වතුන් හා විශේෂඥයින් බොහෝ සේ කැපවී වැඩ කරයි.

වයඹ වැසියන් වූ අප දීර්ඝ කාලයක් තිස්සේ අවශ්‍යතාවට සරිලන ජලය නොලැබීමේ අර්බුදයට මුහුණ පා සිටියෙමු. විශේෂයෙන්ම කුරුණැගල දිස්ත්‍රික්කයේ උතුරු කොටසට අයත් ප්‍රදේශවල ජනතාව මේ වේදනාව සිය ජීවිතයේ කොටසක් කරගෙන සිටියි. පානීය, වගා ආදී දෛනික මිනිස් අවශ්‍යතා වෙනුවෙන් හිමි ජලයේ හිගතාව වයඹ වැසියන් හමුවේ ඇති සැලකිය යුතු ප්‍රශ්නයකි. ගම්මාන මැදින් මංතීරු දෙකේ හතරේ මංමාවත් ඉදිවුවත්, එකඑක නම් වලින් ගොඩනැගිලි මාලිගා ආදිය ඉදිවූවත් ගම්මුන්ගේ ආර්ථිකයේත් දිවි පැවැත්මේත් මූලික අවශ්‍යතාවක් වන ජලය ලබා දීම කෙරෙහි යොමු වූයේ අඩු අවදානයකි. ඒ නිසාම දිස්ත්‍රික්කයේ එහා මෙහා හීසර වේගයෙන් පියඹා යන විට කළගෙඩි, බාල්දි, බේසම් අතින් කටින් එල්ලාගත් මිනිස්සු බීමට දිය පොදක් සොයා මයිල හතර පහ හැනිහැම්මේ පයින් යනු අප දැක ඇත්තෙමු. වයඹ වැසියන් ලෙස අප ඒවා අත්දැක ඇත.

නමුත්, සමහර පාලකයින්, ඇතැම් විදේශයන්ගේ පානීය ජල අවශ්‍යතා සපුරා ගැනීමේ ව්‍යාපෘති වෙනුවෙන් මෙරට මුදල් ප්‍රදානයන් ලෙස ලබා දෙද්දී වයඹ පමණක් නොව මුළු මහත් රටේම පානීය ජල අවශ්‍යතාව නොසැපිරුණු මිනිස්සු ඒ දෙස බලා හීල්ලූ බව අපට මතකය. එවැනි පසුබිමක, මහවැලි ජලයේ පහස වයඹ වාසීන් වූ අපටත් ලැබීම අමන්දානන්දයට හා ප්‍රබෝධයට කරුණක් වනවා සේම ඒ ගැන ජනාධිපතිවරයාට කෘතඥ විය යුතුය. දෙකන්නයේම සරු අස්වනු නෙළන සරුසාර මහපොළවක් දැකීම වයඹ වැසියන් වූ අපගේ සිත්තුළ කාලයක් තිස්සේ තිබුණු ඒකායන පැතුමයි


- Bharatha Thennakoon