Saturday, August 11, 2018

මහවැලිය හැරවෙනවා වයඹට කිරි ඉතිරෙනවා..

වන්නිය. වන්නිය කියූ පමණින්ම හැෙ`ගන්නේ වියළී ගිය මහපොළවකි. වැහි වළාකුළක් පෙණෙන තෙක් මානයේවත් නැති අහසකි. සුළ`ග පවා වියළිය. ගහකොළ කේඩෑරී වී ගිය වටපිටාවකි. සතා සිව්පාවා වැහැරී ගොසිණි. බාගවිට, තණකොළ හෝ කුසට අහරක් යැයි සිතා උන් බුදින්නේ දුඹුරු පැහැ ¥විල්ලෙන් වැසී ගිය මියැදී ගිය තැනින් තැන වූ වැලි නොවනමුත් වැල්ලම වාගේ වන තණකොළයි. ඒ පළාතේ මිනිසුන් බොහෝ දෙනා හේන් ගොවිතැනෙන් ජීවත් වෙති. ඔවුහු කුඹුරු නොකොටන්නේ කුඹුරු ගැන ඇති වෛරයක් නිසා නොවේ. හාන කාලයට වතුර ඇතිමුත් පූදින කාලයට වතුර පොදක් අහසින් වැටෙයිදැයි ඇති සැකය නිසාය. කොයිහැටි වෙතත්, මේ අභියෝග මැද වුව ද මහපොළව සම`ග ඔට්ටුවෙන වන්නිකරේ මිනිසුන් කොහොමෙන් කොහොමහරි වගාවක් අස්වද්දාගන්නා අභියෝගය ජයගන්නට වෙර දරති. මතකයෙන් ඔබ්බට ඈත අතීතයේ සිටම අපේ මුත්තලා ද අත්තලා ද අප්පච්චිලා ද අපි ද වන්නිය දැක්කේ මෙසේය. එහෙයින්ම, අපේ දරුවන් ද වන්නිය එසේම දැක්ක යුතුද.
වයඹ ඇළ ඉදිකිරීම හා වැව් දහසක් පරතිසංස්කරණය කිරීමේ වැඩසටහන මේ මස අග දී ජනාධිපති මෛතරීපාල සිරිසේන මහතා අතින් ආරම්භ වීමට නියමිතය. වයඹ ඇළ සංවර්ධනය කරමින් කුරුණෑගල දිස්තරික්කයේ ජනතාව වෙත ජලය ලබා දීමට පියවර ගන්නේ යැයි ඇසුණු විගසම වයඹ වැසියන් වූ අප සිත් තුළ ඇති වූ පරීතිමත් හැඟීම වචනයෙන් විස්තර කරනු නොහැක.

කාලයෙන් කාලයට ආ ජාතික හා පරත්යන්ත පාලකයින්ගේ පොරොන්දු ලයිස්තුවේ මුලක මැදක හෝ අගක තිබූ වයඹ ඇළ ගැන පොරොන්දුව, යථාර්ථයක් වනු දැකිමට තරුණයින් ලෙස අපේ කිරිඅත්තලා ද අපේ අප්පච්චිලා ද අසමත් වූහ. මේ අපේ කාලයයි. මහපොළව සමග පොරබදින අපේ පරම්පරාවට ද වයඹට මහවැලි වතුර යන්න හීනයක් පමණක්ම වී අපේ දරුවන්ගේ පරම්පරාවට උරුම වෙතැයි අප සිතා සිටියෙමු. නමුත්, තවදුරටත් වයඹට මහවැලි වතුර යන්න හීනයක් නම් වඩාත්ම සුවදායක වන්නේ නම් තවත් පරම්පරාවකට වතුර ගැන කඩවුණු බලාපොරොත්තු ඉතිරි කරනවා වෙනුවට ගොවිතැන්බත් පසෙකළා වෙන යමක් ගැන බලා ගැනීමට ඊළග පරම්පරාවේ හිත හදාගත යුතුව ඇත. එසේ නමුත්, මේ ඇසෙන පුවත් එසේ නොවන්නේ යැයි අප සිත් තුළ විශ්වාසයක් ගොඩනගන්නට සමත්ව තිබේ.

යටකී සිහිනය සැබෑ වන්නේ නම් ඒ සැබෑ වන්නේ, ”මහා වැස්සෙන් වැටෙන ජලය සුරක්ෂිත කර ගැනීමට ද දේශගුණික විපර්යාසයට මුහුණ දීමට ද උපකාරී වන පරිදි ඇහිරී ඇති වාරි පද්ධති යළි පරතිසංස්කරණය කිරීම හා ගොඩ වී ඇති වැව් වල රොන් මඩ ඉවත් කිරීමට අවශ්ය කටයුතු ආරම්භ කරන්නෙමි”යි 2015 ජනාධිපතිවරණයට අදාලව ඉදිරිපත් කෙරුණු මෛතරී පාලනයක් ස්ථාවර රටක් පරතිපත්ති පරකාශයේ සඳහන් වූ පොරොන්දුවයි.

වයඹ පළාතේ ගොවි ජනතාවගේ ජල පරශ්නය පිළිබඳ මූලිකව නමුත් පුළුල්ව කතා කෙරෙන්නේ එක්දහස් නවසිය හැටේ හැත්තෑවේ දශක තරම් දුරාතීතයේ සිටයි. නමුත්, අපේක්ෂිත හෝ පොරොන්දු වූ ආකාරයෙන් මහවැලි ව්යාපාරයෙන් පමණක් නොව, වන්නිය මැදින් ගලා බසින දැදුරු ඔය ජල කළමණාකරණ වැඩසටහන් හරහා ද වන්නියේ ජනතාව අපේක්ෂා කළ ජල ප‍‍රශ්නය නොවිසදුණු තත්ත්වයක් උඩ, වයඹ වන්නියට ජලය ලැබීම ගැන වැඩි විශ්වාසයක් තැබීමට ජනතාව අකමැති වූහ. ගොවි ¥ පුතුන්ගේ ශක්තිය ද වුවමනාව ද කැප වී වැඩ කිරීමට ඇති හැකියාව ද තිබුණත්, මහපොළව අස්සැද්දීමට අවැසි මූලිකම අවශ්යතාව වන ජලය නොලැබීම හේතුවෙන් ඒ සියලූ සාධනීය අංගයන් යටපත් කරගෙන පුරන් බව නැගී සිටියේය. අහස් දිය ගැන විශ්වාසය තැබීම ඔවුන් හමුවේ වූ එකම පිළිතුරයි.

නමුත්, අහසින් වැටෙන දිය බිදු වැව් අමුණු වල ඒකරාශී කරගන්නා ඔවුහු ඒ දිය සිෙ`දන තෙක් ගොවිතැන්බත් කරති. වැහි වළාකුළු වලට වඩා ඝන කාශ්ඨකය හුරු වයඹ-වන්නි අහස, ඇදහැළෙන මහවැසි වලින් රොක් කරගන්නා හැම ජල බිදුවක්ම වාගේ වාෂ්ප කරගන්නේ නොසිතනා වේගයෙනි. මින් දශක කිහිපයකට පෙර, වන්නිකරේ වැව් වල තරමක් සරුවට ජලය පිරී තිබුණත් දැන් දැන් වැව් හා ක්‍‍රීඩා පිට්ටනි අතර ඇත්තේ තේරුම් ගත නොහැකි වෙනසකි. අපි කුඩා කාලයේ දී දියෙන් පිරී නේකවිධ මලින් කොළින් පිරී තිබූ කුඩා වැව් බොහෝමයකම පාහේ, දැන් දැක්ක හැකි වන්නේ බැබ්මට කිට්ටුව පිරුණු පොකුණක තරම් වතුර සංචිතයකි. ඒවාද මේ තිබී මේ නැති වී යන තරම් කුඩා එකතුවකි. එවැනි පසුබිමක කුරුණෑගල මුල් කර ගත් වයඹ වැසියන්ට වගා බිම් වලට පමණක් නොව, බීමට පවා ජලය නොලැබෙන කාල වකවානු යනු අමුතු අත්දැකීමක් නොවන්නේය. විශේෂයෙන්ම කුරුණැගල දිස්තරික්කයේ උතුරු කොටසට අයත් පරදේශවල ජනතාව මේ වේදනාව සිය ජීවිතයේ කොටසක් කරගෙන සිටියි. ගම්මාන මැදින් මංතීරු දෙකේ-හතරේ මංමාවත් ඉදිවුවත්, එකඑක නම් වලින් ගොඩනැගිලි මාලිගා ආදිය ඉදිවූවත් ගම්මුන්ගේ ආර්ථිකයේත් දිවි පැවැත්මේත් මූලික අවශ්යතාවක් වන ජලය ලබා දීම කෙරෙහි යොමු වූයේ අඩු අවදානයකි. ඒ නිසාම දිස්තරික්කයේ එහා මෙහා හීසර වේගයෙන් පියඹා යන විට මිනිසුන් රංචු පිටින් කළගෙඩි, හට්ටි, මුට්ටි, බෝතල්, ගැලූම් අතින් කටින් එල්ලාගෙන දිය පොදක් සොයා මයිල හතර පහ හැනිහැම්මේ පයින් යනු අප දැක ඇත්තෙමු. ඒවා ඒ මිනිසුන්ට අලූත් අත්දැකීම් නොවේ. ඒවා ඒ කලාපයේ ඉතා සුලභ දසුන්ය.
යෝජන කර ඇති නව ව්යාපෘතිය ඔස්සේ ජලය ඝන මීටර් දශ ලක්ෂ 130 ක් වයඹට ගෙන ඒමට අපේක්ෂා කෙරෙන අතර ඉන් සියයට 10 ක් පමණ පිරිසිදු පානීය ජලයයි. මූලය හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගී තත්ත්වයේ බිල්ලක් බවට පත්ව ඇති වයඹ පළාතේ උතුරු කොටසේ ජනතාවට පිරිසිදු පානීය ජලය ලැබීම, පිපාසාව සංසිදුවීමට පමණක් නොව ජීවිතය පිළිබඳ නව බලාපොරොත්තුවක් ජනිත කරන කටයුත්තකි. කුරුණෑගල දිස්ත්‍රික්කය මේ වන විටත් වකුගඩු රෝගී අවධානම ඇති දිස්ත‍්‍රික්කයක් ලෙස ප‍්‍රකාශයට පත් කර ඇති අතර, ඉන් වැඩිම අවධානමක් ඇති කලාපය වන්නේ දිස්ත‍්‍රික්කයේ උතුරු කොටසයි. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් 2015 වසරේ නිකුත් කළ වාර්තාවන්ට අනුව කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ මෙතෙක් හදුනාගත් මූලය හදුනානොගත් වකුගඩු රෝගීන් ප‍්‍රමාණය එක්දහස් පන්සියයකට අධිකය. ඉන් වැඩි පිරිසක් ජීවත් වන්නේ යෝජිත වයඹ ඇළ යටතේ පානීය ජලය සැපයිය යුතුයැයි හදුනාගෙන ඇති කලාපයම වීම ද විශේෂත්වයකි.

ජනතාව වැඩිම ජල අර්බුදයකට ලක් වූයේ පානීය ජලය සපයා ගැනීමේදීටත් වඩා සිය ගොවිතැන් කටයුතු සිදු කිරීමේ දී ය. ගොවිබිම් සඳහා අවශ්‍ය ජලය සපයා ගැනීම එකිනෙකා අතර තිබූ සාමූහිකත්වය, සාමකාමීභාවය හා ඥාති හිතමිත‍්‍රකම් ද නැති වී යන කරුණක් බවට පත්ව තිබේ. මහපොළවේ ඇත්තේ වක්කඩක් ඇරීම වැහීම වෙනුවෙන් මිනී මරගන්නා තත්ත්වයකි. එසේම, නිසි පරිදි සිය ගොවි බිම් වෙනුවෙන් අවශ්‍ය ජලය නොලැබීම නිසා වගා බිම් පාළු වීමේ දුක දරා ගැනීමට නොහැකිව සිය දිවි නසාගත් පිරිස ද අපමණය. වතුර පිළිබඳ ප‍්‍රශ්නය, ගොවියන් සදාතනිකවම පීඩාකාරී මානසික තත්ත්වයට හා පිළිතුරක් නැති ප‍්‍රශ්නයකට පැටළවීමේ තත්ත්වයකට පත් කරයි. එපමණක් නොව, ඇතැම් ගොවියන්ගේ අදහස වන්නේ සමහර කාල වලදී ගොවිතැන් කිරීම යුද්ධ කිරීමටත් වඩා අපහසු හා වේදනාකාරී කටයුත්තක් බවයි. වයඹ ඇළ ඔස්සේ සිදු කෙරෙන්නේ එහෙව් දුක් විදින ජනතාවක් වෙනුවෙන් දිය බිඳක් දන් දීමේ මෙහෙයුමයි. එක් පැත්තකින් එය මහාර්ඝ පින්කමකි. අනෙක් අතට එය ජාතියක පණ ගැහෙන මිනිසුන් වෙනුවෙන් දිය හැකි හොඳම දායාදයකි.

කිලෝ මීටර් 92ක දිගින් යුතුව ඉදි කෙරෙන මෙම වයඹ ඇළ මගින් වයඹ හා මධ්‍යම දෙපළාතේ කුඩා වැව් 350 ක් හා ප‍්‍රධාන වැව් අටක් පෝෂණය වීමට නියමිතය. කුරුණැගල දිස්ත‍්‍රික්කයේ නිකවැරටිය, ගල්ගමුව හා හිරියාල මැතිවරණ කොට්ඨාශ වලට අයත් වැව් හතක් සහ මාතලේ දේවහූව වැව ඊට අයත්ය. එලෙස ප‍්‍රතිසංස්කරණය වන වැව් 350 ප‍්‍රාදේශීය ලේකම් බලප‍්‍රදේශ පහකට අයත් වේ. ඉන් 109ක්ම පොල්පිතිගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වන අතර තවත් වැව් 104ක් අයත් වන්නේ මහව ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශයටයි. මේ යටතේ ඇහැටුවැව, ගලේවෙල ප‍්‍රාදේශීය ලේකම් බලප‍්‍රදේශ වල පිළිවෙලින් වැව් 90ක් හා 11ක් ද දඹුල්ලේ එක් වැවක් ද ප‍්‍රතිසංස්කරණය කෙරේ. එසේම, මේ හරහා පෝෂණය වන වැව් ගණන 2,400ක් පමණය.

තවද, මී ඔය, හක්වටුනාඔය හා කලාඔය දෙ‍්‍රා්ණිවල ඇති එල්ලංගා පද්ධති ගණනාවක් යළි පණ ගසා ගොවි බිම් සාරවත් කිරීම වෙනුවෙන් සිය දායකත්වය ලබා දීමට නියමිතය. ඒ අනුව, මානිග්ගමුව, හෑලඹගහමුල, ගල්ලිද, ඇහැටුවැව උල්පත වැව, පහළකැලේ අමුණපොල්පිතිගම, කාතරගම වැනි එල්ලංගා පද්ධති එසේ සංවර්ධනය වනු ඇත. මීට අමතරව මේ යටතේ වෑමැඩිල්ල නව සොරොව්ව, මහකිතුල ජලාශය, මහකිරුල ජලාශය, දඹේ ජලාශය වැනි විශාල ප‍්‍රමාණයේ වාරි පද්ධතීන් නිර්මාණය වන අතර රන්වැඩියා, නිලගම හා මහකිතුල ප‍්‍රදේශ වල දී මීටර් 500 ඉක්මවූ නව උමං තුනක්ද ඉදි වීමට නියමිතය.
මෙම ව්‍යාපෘතිය සිදු කිරීමේ දී මූලිකව මුහුණ පාන ගැටළුවක් වන්නේ සමාජ ආරක්ෂණ වැඩපිළිවල සහ පරිසර හා වනජීවී සංරක්ෂණ වැඩපිළිවෙලයි. මේ වන විටත් ඊට අවශ්‍ය කටයුතු සකසා අවසන් වී තිබේ. මෙවැනි ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමේ දී නිරන්තරයෙන් දකින්නට ලැබෙන සතා සිව්පාවා ගහකොළ ඇළ දොළ නොසලකා හැරීමේ ඛේදවාචකය, මෙම ව්‍යාපෘතියේ දී කිසි ලෙසකින්වත් සිදු නොවන්නටත් සිදුවන හානි අවම කිරීමටත් විද්වතුන් හා විශේෂඥයින් බොහෝ සේ කැපවී වැඩ කරයි. සියලූ‍ කටයතු ආසියානු සංවර්ධන බැංකුවේ 2009 සමාජ ආරක්ෂක ප‍්‍රතිපත්තීන්ට අනුව සිදු කරනු ලැබීම, එම කටයුතු සිදුවන්නේ හිතුවක්කාර ක‍්‍රමවේදයකට නොව ලෝක සම්මත පිරිවිතරයන්ට අනුකූලව බැව් සනාථ කරන්නකි.

මේ අතර, ව්‍යාපෘති බල ප‍්‍රදේශය තුළ ඇති පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණ කටයුතු වෙනුවෙන් පුරාවිද්‍යා බලපෑම් තක්සේරු වාර්තාවක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ඉදිරිපත් කර ඇත. එමගින් ව්‍යාපෘති බල ප‍්‍රදේශයේ පුරාවිද්‍යාත්මක ස්ථානවලට ව්‍යාපෘතිය මගින් සිදුවන බලපෑම අවම කිරීමට යෝජනා කර තිබේ. එනම්, මෙම ව්‍යාපෘතිය ඉතිහාසයක් යට කරමින් ඉතිහාසය දියේ ගිල්වමින් ජලය රැුගෙන යන ව්‍යාපෘතියක් නොවන බවත් මෙම ජලය රැුගෙන යන්නේ ප‍්‍රදේශයේ වටිනාකම්, උරුමයන් හා සංස්කෘතික අනන්‍යතාවන් ආරක්ෂා කර ගනිමින් බැව් අප සිහියේ තබා ගත යුතුය.
සංශිප්තව පවසන්නේ නම්, වයඹ ඇළ ව්‍යාපෘතිය අවසන් වීමෙන් පසු කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ උතුරු කොටස වෙත ලැබෙන ජලය ප‍්‍රමාණය ගණන් බලා ඇත්තේ වාර්ෂිකව අක්කර අඩි 105,000ක් බවයි. වයඹ ඇළ ව්‍යාපෘතිය සඳහා ගණන් බලා ඇති මුළු වියදම රුපියල් කෝටි 3,000ක් වන අතර 2024 වසර වන එහි වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් වීමට නියමිතය. ඍජුවම පවුල් 13,000ක් පමණ මෙමගින් ප‍්‍රතිලාභ ලැබීමට නියමිත අතර මෙම ජල කෙ`දන් පෝෂණය වීමට නියමිත මුළු වගා බිම් ප‍්‍රමාණය හෙක්ටයාර් 12,500කි. එසේම, මෙමගින් වක‍්‍ර ප‍්‍රතිලාභ ලබන පවුල් ප‍්‍රමාණය 40,000ක් පමණ වේ.

පරපුරු ගණනකට සිහිනයක් පමණක් වූ, වයඹ කුඹුරු මතින් උචාරුවට දුවන මහවැලි වතුර වල පහස අත්විදීමට අපටත් අපේ දරුවන්ටත් හැකි වෙන දිනය වැඩි ඈතක නොවේ. ඒ හැම දිය බි`දකින්ම නිවෙන්නේ අපේ පිපාසාවයි. අස්වැද්දෙන්නේ අපේ ගොවිබිම්ය. ගොවිකම සිගමන් යැදීමක් වාගේ යැයි වැව් ගම්මාන වල මිනිසුන්ගේ සිත් තුළ වූ අ`දුරු අදහස දුරලා ගොවිකම් කිරීම රජකම් කිරීම තරමටම ආඩම්බර හා විරාජමාන කටයුත්තක් යැයි හඩගා කීමට අපේ ගම්මාන වල මිනිසුන්ට හැකිවනු ඇත. වයඹ ඇළ දිගේ පැමිණෙන ජලකෙ`දන් දියදෝතක් ගෙන, පිරිත් කරන්නට අපි බලා සිටින්නෙමු. ඒ පිරිත් පැන් මුළු වයඹටම ආසිරි ගෙනෙනු ඇත.

🖋 Bharatha Prabhashana Thennakoon
📰 දැන් - Dan

No comments: